(අංජුල මහික වීරරත්න)
අමාත්‍යංශය කිහිපයක ලේකම්වරුන් ජනාධිපතිවරයා විසින් මාරු කරනු ලැබ ඇති අතර තවත් අමාත්‍යංශය කිහිපයකට නව ලේකම්වරුන් පත්කර තිබේ.
ජනවාරි 1වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි මේ පත්කිරීම් සිදුකර තිබේ.
ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමෙි අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ එච්.කේ.ඩී.ඩබ්ලිව්.හපුහින්න මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද පත් කරනු ලැබ සිටිති.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී.වී. ගුණතිලක මහතා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් පත්ව සිටිති.
කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.යමුනා පෙරේරා, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.එම්.නයිමුදීන් සහ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර මහත්ම මහත්මීහු පත්ව සිටිති.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී.ජයලාල් සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා මහත්වරුන්ගේ ධුර කාලය තවත් වසරකින් දිගු කර ඇතැයිද ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අමාත්‍යංශ ලේකම්වරු මාරුවක්