IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

එක්සත් ජාතික පෙරමුණු රජයේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.

මෙම අවස්ථාව ආවරණය කිරීමට ජනමාධ්‍ය වෙත අවස්ථාව ලැබී නැත. 

දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය මෙසේය.

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා - ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය

 

ජෝන් අමරතුංග මහතා - සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි අමාත්‍ය

 

ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා - බුද්ධශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය

 

මංගල සමරවීර මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය

 

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය

 

රාවුෆ් හකීම් මහතා -  නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය

 

තිලක් මාරපන මහතා - විදේශ කටයුතු අමාත්‍ය

 

රාජිත සේනාරත්න මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

 

රවී කරුණානායක මහතා - විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය

 

වජිර අබේවර්ධන මහතා - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

 

රිෂාඩ් බදියුදීන් මහතා -  කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූවන් නැවත පදිංචිකිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය

 

පාඨලී චම්පික රණවක මහතා - මහනගර සංවර්ධන සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය

 

නවීන් දිසානායක මහතා - වැවිලි කාර්මාන්ත අමාත්‍ය

 

පී. හැරිසන් මහතා - කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය

 

කබීර් හෂීම් මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

 

රංජිත් මද්දුම බණ්ඩාර  මහතා - රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය

 

ගයන්ත කරුණාතිලක මහතා - ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය

 

සජිත් ප්‍රේමදාස මහතා - නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

 

අර්ජුන රණතුංග මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය

 

පී දිගම්බරන් මහතා - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය

 

චන්ද්‍රානි බණ්ඩාරනායක මහත්මිය - ළමා හා කාන්තා කටයුතු  සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය

 

තලතා අතුකෝරල මහත්මිය - අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

 

අකිල විරාජ් කාරියවසම් මහතා - අධ්‍යාපන අමාත්‍ය

 

අබ්දුල් හලීම් මහතා - තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

 

සාගල රත්නායක මහතා - වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

 

හරීන් ප්‍රනාන්දු මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්  , විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය

 

මනෝ ගනේෂන් මහතා - ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

 

දයා ගමගේ මහතා - කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය

 

මලික් සමරවික්‍රම මහතා - සංවර්ධන, උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය ඒකකය)


(තරිඳු ජයවර්ධන)

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා හැරුණු විට මන්ත්‍රීවරුන් 28 දෙනකු දිවුරුම් දීමට නියමිත බව දැනගන්නට තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.



අදහස් (14)

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

රේණුකා මුදලිගේ Thursday, 20 December 2018 04:28 AM

නව අමාත්‍ය මණ්ඩලයට සුභ පතනවා.

:       1       0

Nimal Muscat Thursday, 20 December 2018 04:49 AM

ඉතාමත් විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලයක් බව පේනවා.

:       1       0

rathnayake Thursday, 20 December 2018 05:23 AM

ජයවේවා රට පෙරට

:       1       0

Tikka Thursday, 20 December 2018 05:51 AM

ලංකාව වගේ කොහෙවත් නැතුව ඇති මේ වගේ කැබිනට් හදන තැනක්, අඩු කලකින් වැඩිපුර කැබිනෙට්

:       0       1

Hafeel Thursday, 20 December 2018 06:51 AM

මේක විද්‍යාත්මක ඇමති මණ්ඩලයද? රාජපක්ෂ ආණ්ඩුවට එදා දොස් කිව්වා 65% විෂයන් බැසිල් රාජපක්ෂ යටතේ කියල. අද රනිල් යටතේ විෂයන් කීයද?

:       116       220

දිලුම් Thursday, 20 December 2018 07:00 AM

36 ක් නෙමෙයි 56ක් හිටියත් මුන් එකෙක්ගෙන්වත් රටට වැඩක් නෑ. මේ එකෙක්වත් එන්නේ රටට ආදරේකට නෙමෙයි උන්ට හැදෙන්න.

:       28       388

suresh Thursday, 20 December 2018 07:00 AM

හොරකම නොවෙයි ප්‍රශ්නේ පෞද්ගලික තරහවයි කියලා ප්‍රශ්නෙ කියලා ඇමතිකම් දීම,නොදීම තුළින් තවත් තහවුරු විය.......

:       271       139

Nissanka Thursday, 20 December 2018 08:50 AM

යෞවන කටයුතු දෙන්න තරුණයෙක් හිටියෙම නැද්ද අප්පා?

:       2       54

Nissanaka Thursday, 20 December 2018 08:57 AM

මෛත්‍රීගේ ලණුව කාලා විජේදාසටත් යන එන මං නැතිවුණා...

:       0       16

Madushanka Lakmal Thursday, 20 December 2018 10:43 AM

මාතලේ, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, පුත්තලම යන දිස්ත්‍රික් හයක් සඳහා කිසිඳු කැබිනට් නියෝජනයක් නොමැත.

:       0       39

Pulathisi Thursday, 20 December 2018 10:50 AM

ක්‍රීඩා අමාත්‍යවරයා කරන දෙය බලමු..

:       0       6

කරුණාපාල Thursday, 20 December 2018 01:15 PM

අගමැතිතුමාගේ උපදෙස් මත, යසඅගේට දැන් නව කැබිනට් මණ්ඩලය පත් කරලා තියෙන්නේ? ජනාධිපති වුණත්, ඇඟිල්ලේ තරමටයි ඉදිමෙන්න ඕනෑ" කියලා දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි.

:       15       15

රවිඳු Thursday, 20 December 2018 01:22 PM

සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබද ඇමතිකම දිය යුතුයි කියා මම යෝජනා කරමි.

:       11       7

Nalaka Thursday, 20 December 2018 07:14 PM

මේකට නඩු කියපු ජයම්පති මහත්තය නැද්ද? හරි නම් අධිකරණ ඇමතිකම දෙන්න වටිනවා එතුමාට.

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 94 0

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 457 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 262 3

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 1344 1

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 283 1

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 294 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 635 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 472 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site