(ලක්ෂ්මී ජයකොඩි)
අම්පාර දමන ප්‍රදේශයේ වරලන්දා ගම්මානයේ මවක සහ පුතෙකු අද ( 01) කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.
ඝාතනය කර තිබුණේ දමන වරලන්දා ගම්මානයේ පදිංචිව සිටි 33 හැවිරිදි බි. ජී දිනේෂිකා හා 13 හැවිරිදි එස්. ඒ ශ්‍රීමාල් නැමැති ඇයගේ පුතුවය.
සිද්ධිය වු ස්ථානයේ තිබී මෙම ඝාතනයට යොදා ගන්නට ඇතැයි සැක කළ හැකි ආයුධයක් සොයා ගෙන තිබේ.
මිය කාන්තාවගේ සැමියා හමුදා සෙබළෙකු වන අතර ඔහු යුද්ධයෙන් මිය ගොස් ඇති අතර මෙම කාන්තාව සිය දරුවා සමඟ නිවසේ තනිව ජීවත්ව ඇති බවද පොලිසිය කියයි.
කෙසේ වෙතත් පොලිස් විමර්ශනවලදි හෙළිවී ඇත්තේ මෙම නිවසට පිටස්තර පුද්ගලයෙකු පැමිණ එම කාන්තාව හා ජීවත් වී ඇති බවත් මෙම ඝාතනය වු දිනයේ එම පුද්ගලයා නිවසට පැමිණ මත්පැන් පානය කර ඇති බවත්ය.තවද සිද්ධිය වු දිනයේදි එම පුද්ගලයා මිය ගිය කාන්තාවගේ මවට දුරකථනයෙන් බැණ වැදී ඇත. පසුව ඇය තම දියණියට දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබාදුන්නත් ඇය දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දක්වා නැත.
සිද්ධියෙන් පසු දින මිය ගිය දරුවා පාසල් නොයෑම පිළිබඳව සොයා බැලීමට අසල්වැසි කාන්තාවක් එම නිවෙසට පැමිණෙනවිට මිය ගිය කාන්තාව හා ඇයගේ පුතා ලේ විලක් මැද වැටී සිටිනවා දැක තිබේ.අසල්වාසීන් විසින් දමන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය පැමිණි මෙම සිදුවීම පිළිබඳව පරික්ෂණ ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකෙරෙන මෙම නිවෙසට පැමිණෙන බව කියන තිස්සමාරාම ප්‍රදේශයේ පදිංචි බව කියන පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය කියයි.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අම්පාරේ මවක - පුතෙකු කපා කොටා ඝාතනය කරලා
kamal Tuesday, 02 February 2021 04:02 AM
මෙහෙමත් අපරාධ. දැන් ඉතින් ඔය මිනීමරුවා අල්වා ගත්තා කියා මේ මවට සහ දරුවාට යලිත් පණ එනවාද?