IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අම්බානි පුතුගේ විවාහයට නාමල් - මහේලත් ගිහින්

(විමුක්ති එස් රුද්‍රිගු)

දින තුනක් පුරාවට පැවැත්වෙන ඉන්දියාවේ ධනවත් පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ට් අම්බානිගේ විවාහ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධනද ඊයේ (12) සහභාගී වූවේය.

මාස හතක් පුරා පැවැති අති උත්කර්ෂවත් පූර්ව විවාහ සැමරුමකින් පසුව ඉන්දියාවේ ධනවත් පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් 29 හැවිරිදි ආනන්ට් අම්බානි සහ 29 හැවිරිදි රාධිකා මර්චන්ට් විවාහ දිවියට එළඹීම සඳහා ඊයේ (12) චාරිත්‍ර ආරම්භ කළේය. මුම්බායි නගරයේ ජියෝ වර්ල්ඩ් කන්වෙන්ෂන් සෙන්ටර්හි දින 3 ක කාලයක් විවාහ උත්සවය පැවැත්වෙන අතර හෙට(14) එය අවසන් වීමට නියමිතය.

විවාහ උත්සවය සඳහා සම්පූර්ණයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක මුදලක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 18149 ක් පමණ) මනාල ජෝඩුව වැය කර තිබිණි. එය ඔස්කාර් සම්මාන උළෙලවල් 10 පැවැත්වීමට ප්‍රමාණවත් බවද මත පළවිය.

විවාහ උත්සවය සඳහා සහභාගී වීමට ලෝකයේ සිටින ප්‍රසිද්ධම නළු නිළියන්, ක්‍රීඩකයන්, දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ පිරිසකට අම්බානි පවුල ආරාධනා කර තිබිණි. එලෙස ආරාධනා ලැබූ පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධනද විය.

ආනන්ට් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ විවාහය උත්සවය සඳහා ඊයේ(12) දින පැමිණ සිටි ආරධිත අමුත්තන් අතර සුපිරි හොලිවුඩ් නළුවකු මෙන්ම රෙස්ලින් ක්‍රීඩකයකු වන ජෝන් සීනාට, ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ ඉවන්කා ට්‍රම්ප්ට , කිම් සහ ක්ලෝයි කාර්ඩෑෂියන්ට සහ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට පැමිණ සිටි අයගේ විශේෂ අවධානයක් යොමුවී තිබිණි.

තෙදින විවාහ උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබ සිටින දැවැන්තයන් අතර හිලරි ක්ලින්ටන්, ඩේවිඩ් සහ වික්ටෝරියා බෙකම්, බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ද සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.



අදහස් (19)

අම්බානි පුතුගේ විවාහයට නාමල් - මහේලත් ගිහින්

Nimal Saturday, 13 July 2024 12:58 PM

ඒ වෙඩින් එකේ ලයිට් බිල කීයද?

:       49       43

Prabha Saturday, 13 July 2024 01:09 PM

නිමල් ඒ බිල නාමල් බේබි ගෙවනවලු

:       35       43

සක්‍රයාSunday, 14 July 2024 01:36 PM

සනත් නිශාන්ත වාගේ කෙනෙක් ඉන්දියාවේ නැතිලු...

:       1       2

ගමේ එකාලා Saturday, 13 July 2024 01:09 PM

හොර පෙරකදෝරුවන්ට මොන ප්‍රශ්නද? මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ වලින් ගසාකාලා හම්බකරගත්තුවා ඕනෑතරම් තියෙන්නේ...?

:       38       36

Rata Perata Saturday, 13 July 2024 01:13 PM

මේවායින් වත් පාඩම් ඉගෙන ගත්තොත් හොඳයි. මොවුන් හැමදේම කළේ අපේ බදු සල්ලිවලින්නේ... මතකයිනේ විදුලි බිලට පොල්ල තියපු හැටි. කාලකණ්ණි.

:       27       34

නිමල් Saturday, 13 July 2024 01:14 PM

ආරාධනා කරන්න අපේ රටේ මිනිහෙක් හිටියේම නැතිද මේ බෝන් අගේන් අපතයෝ ඇරුණාම...? යකෝ අපේ අන්රයියත් සූට්එක මැදගෙන බලාගෙනනේ හිටියේ තව පෝය තුනකින් ජනාධිපතිනේ... සමීක්ෂණ ප්‍රතිඵල වෙනස් වෙලාවත්ද?

:       37       52

ajith Saturday, 13 July 2024 01:53 PM

බිල කීය වුණත් ඒවා මොවුන්ගේ වගේ මහජන මුදල් නෙවෙයි.

:       7       22

ලුම්බිණි Saturday, 13 July 2024 02:21 PM

මේ විකාරය දැන් ඉන්දියාවේ මිනිස්සුන්ටත් ඇති වෙලා...

:       18       11

සෙනෙවිරත්න Saturday, 13 July 2024 02:22 PM

නිමල් කියන්නේ වහාම මනෝ චිකිත්සාව කළයුතු කෙනෙක්, කුහකකම සහ අපහාසය එකට එකතු වුණාම තමන් රෙදි නැතිව හිටියත් පේන්නේ නැහැ... අනුර මේවාට නොයන බව දැන දැනත් ඔහු අලලා මෙහි අපහාසාත්මක වැකි දාන්නේ ඔහුට තියෙන බිය නිසා.., එම බිය තම පාදඩ පන්තිය ගරා වැටීමට ඇති බිය නිසා නොවේද?

:       37       25

Bamunuarachchi Sunday, 14 July 2024 06:35 AM

නිමල් වගේ අය මගුල් ගෙදර වැසිකිලි සුද්ද කරන්නවත් ගන්නේ නැහැ කියලා ෂුවර්. නොම්මර එකේ කුහකයෙක්. ෂුවර් එකටම ජෙප්පෙක්.

:       3       3

Nandalal DE SILVA - France Saturday, 13 July 2024 02:23 PM

ප්‍රෙකා්ටිපතියන්ට එකතු වෙන්නේ තවත් ප්‍රෙකා්ටිපතියන් බව අපේ හොර පෙරකදෝරු නාමල්ගේ සංචාරයෙන් පේනවා. ගුවන් ටිකට් පතට සල්ලි දුන්නේ නාකි හැරමිටි මයිනා වෙන්න බෑ. එකට කොටාගත්තෙත් අහිංසක අපේ බදු සල්ලි වෙන්න ඇති...

:       36       25

කළු අරච්චිල්ලගේ සම්පත් උදය බණ්ඩාර Saturday, 13 July 2024 03:51 PM

කොහොමත් ඕවාට තමයි යන්නේ ....

:       7       5

Nihal Dharmatileke Saturday, 13 July 2024 04:28 PM

අම්බානිට සල්ලි තිබුණට මොලයක් නැතේ... මෝඩයෝ බාල් දාන ඒවා නුවණක්කාරයෝ කාලා යනවා...

:       14       3

නිම්නා Saturday, 13 July 2024 05:16 PM

රටේ ජනතාවගේ බදු සල්ලි වලින් පිනට කාලා බිලා පොඩි මයිනා ගේ නෝනා හාමිනේ එන්න එන්නම මහත් වෙලා... රස්සාවක් කරන්නේ නැතුව හොරා කාපු සල්ලි වලින් පුතු තුන්දෙනාගේ නෝනා හාමුලා සැප ගන්නවා

:       11       8

Anura Pathirana Saturday, 13 July 2024 05:18 PM

වසන්තට ආරාධනා කරලා නැතෙයි... හ්ම්... කන්ජිට නම් ආරාධනා ලැබුණාලු...

:       8       2

Chathuri Saturday, 13 July 2024 05:41 PM

ලොකුම කෝටිපතියාගේ මේ උත්සවයට සාමාන්‍ය හිඟන්නන් වගේ අයටත්... ආරාධනා කරලා තියෙනවා තෝරාගත් පිරිසක්. නාමල් බේබිට විශේෂ ගුවන්යානා ආවාද? නැහැ.. එයාගේ වියදමෙන් ගියේ මෝඩ බේබි හිතන් ඉන්නේ එයා හරි පෝසත් කියලා. ඔය ටික හරි තියෙන්නේ නාකි මයිනා රටේ ජනතාවගේ මුෆ්හල් හොරකම් කරපු නිසා. ඒවා ඔය මිනිස්සු දන්නවා. ඒකයි මේ හිඟන පැටියට එන්න කිව්වේ. හිඟන්නන්ගේ සල්ලි හොරාකාපු.... එකම පවුල. මොවුන් මෝඩ නිසා ගියා. එළියේ විශේෂ කුටියක් මේ වගේ අයට තියෙන්නේ...!

:       15       5

Bamunuarachchi Monday, 15 July 2024 11:04 PM

චතුරි ඊර්ෂාවෙන් උතුරනවා. ජේවීපී ඉහල පෙලේ සාමාජිකවක් වෙන්න ඕනේ. සල්ලි තිබෙන මිනිස්සු ඒ තත්වයට ආවෙ බොහොම අමාරුවෙන්. අනුන්ට ඊර්ෂා කරලා තමන්ට දියුණුවෙන්න බැහැ. ජෙප්පෝ හිතන්නේ තිබෙන කෙනාගේ දේපල උදුරාගෙන පොහොසත් වෙන්න.

:       0       0

anuranga Saturday, 13 July 2024 10:39 PM

මේ බූරුවා එතනත් සාටකේ

:       0       0

Saman Dissanayake Sunday, 14 July 2024 07:47 AM

මුන්ගේ ඔලු පරීෂා කරන ඕනි. මෙචර වියදම් කරලා මගුල් ගන්නවට . මම 3, 4 පාරක් ඉන්දියාවට ගිහින් තියෙනවා. මිනිසුන්ට වැසිකිලි යන්න වැසිකිලි නැහැ. උදේට මුම්බායි වල මුහුදු වෙරළේ දහස් ගානක් එනවා ඔය වැඩේ කරන්න. දුම්රිය මාර්ග වලත් එහෙමයි . උතුරු පැත්තට ගියොත් මිනිසු ඇවිදින ඇටසැකිලි බිම තියන අහුල අහුල කනවා. ඒ අතින් අපේ රට දිවිය ලෝකයක්.

:       3       1

ඔබේ අදහස් එවන්න

දියත

උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 12 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 148 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 394 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 798 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 883 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36706 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24272 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 548 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site