IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අම්බර් ළඟ තබාගත් ධීවරයා-ඡායා ශිල්පියා අත්අඩංගුවට

(පද්මසිරි ගාර්දියවසම් )

රුපියල් කෝටි ගණනක් වටිනා බව කියන අම්බර් කිලෝ 04 ග්‍රෑම් 10 ක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු හම්බන්තොට නගරයේදී අත් අඩංගුවට ගත් බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා මාතර - ගන්දර බටහිර සහ නාකුලුගමුව ගලගම ප්‍රදේශවල පදිංචි කරුවන් වෙති .

සැකකරුවන් ගෙන් එක් අයෙකු 45 හැවිරිදි ධීවරයෙකු වන අතර අනෙක් සැකකරු 34 හැවිරිදි ජායාරූප ශිල්පියෙකු වන බවද පොලිසිය පැවසීය .

අත් අඩංගුවට ගත් සැකකරුවන් අද  (15) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ .



අදහස් (3)

අම්බර් ළඟ තබාගත් ධීවරයා-ඡායා ශිල්පියා අත්අඩංගුවට

de silva Sunday, 15 September 2024 08:30 AM

අම්බර් යනු තල්මහ විසින් පිටකරන අපද්‍රව්‍යයකි. මේක මත්ද්‍රව්‍යයක් නොවේ. අම්බර ලබාගන්න තල්මහ මරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බොහෝ දුරට මේවා මුහුදේ පාවෙනවා. එහෙම නැතිනම් වෙරළේ තිබෙනවා. අම්බර ළඟ තබාගෙන හිටියා කියලා නඩු දමලා කරදර කරන්නේ නැතුව අම්බර සොයාගත් කෙනෙකුට ඒවා අලෙවි කරලා රජයට යම්කිසි වැට් බද්දක් හෝ වෙනත් බද්දක් ලබාගන්න එක නේද කරන්න ඕනේ... නැතිනම් මේවා සොයාගන්න පුද්ගලයෝ ජාවාරම් කාරයෝ මාර්ගයෙන් විකුණා ගන්නා නිසා පෝසත් වෙන්නේ ජාවාරම් කාරයෝ...!

:       0       10

m. saman perera Sunday, 15 September 2024 10:53 AM

පුදුම රටක්, පොළවෙන් ගන්න මැණික් විකුණන්න පුළුවන් නම් මොහුගෙන් ගත්තු අම්බර් ළඟ තබාගන්න බැරිද?

:       0       11

රුචිර දුල්වන් Sunday, 15 September 2024 01:55 PM

අම්බර් යනු තල්මසුන්ගේ ශුක්‍රාණු හා බඩවැල්වල ස්‍රාවයක් ලෙස හටගන්නා ඉටි වැනි ද්‍රව්‍යයක් වන අතර එය ඉතාමත් ඉහළ මිලගණන් යටතේ නිෂ්පාදනය සුවඳ විලවුන් සඳහා භාවිතා කෙරේ. ඇත්තටම මුහුදෙන් රත්තරන් පාවෙලා ලැබෙනවා වගේ ධීවරයින්ගේ වාසනාවට ලැබෙන දෙයක් මිසක් ඔවුන් තල්මසුන් මරා සන්තකයේ තබාගත් දෙයක් නොවෙයි... පත්වන හැම රජයකින්ම දුප්පත්කම තුරන් කරන්න ධීවරයින්ට ඉන්ධන සහනාධාර සමුර්දි ආධාර එකී නොකී පුහු වැඩ කීයක්නම් කරනවාද...? ඒත් ඇත්තටම විය යුත්තේ ධීවරයාගේ වාසනාවට පාවෙලා ආපු මේ වටිනා වස්තුව රජයේ මැදිහත්වීමෙන් හොඳ මිලකට විදේශ වෙළෙඳපලේ ඩොලර් ලබාගතහැකි ක්‍රමයක් නිර්මාණය කර ඒ මගින් ඒ ධීවර පවුල් දෙකට දීම නෙවෙයිද..? එහෙම දුන්නා නම් ඒ පවුල්දෙක ඇතුලේ අනු පවුල් කීයක් දුප්පත්කමින් මුදවා ගැනීමට හැකියාවා තියෙනවාද...? පවුල් කීයක දරුවන්ගේ මූණුවල ලස්සන හිනාවක් සමග ලස්සන අනාගතයක් ඔවුන්ට උරුම වෙන්නේ නැද්ද...? බුද්ධිමත් ජනතාව හිතන්නට බාරයි...!

:       0       20

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 247 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5358 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 880 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4277 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3853 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2498 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16902 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site