IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව

(උපදෙස් - සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ වෛද්‍ය යමුනා එල්ලාවල) 

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි  ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද? 

මේ සටහන කියවන ඔබ මවක් නම් ඔබ දරුවන් ගැන, සැමියා ගැන වද වෙන තරමට  ඔබ ගැන හිතලා තියෙනවද? 

මේ සටහනින් අපි පෙන්වා දෙන්නේ ඔබේ අම්මා ගොදුරු විය හැකි මානසික ගැටලු  ගැනයි. එහෙත් විශේෂයෙන් මතක තබාගත යුත්තකුත් තිබෙනවා. ඒ මානසික රෝග හැදෙන්න කාලයක්, වයසක්, තරාතිරමක් බලපාන්නෙ නැති බව. 

මානසික ගැටලුවක් ඇතිවෙන්න නම්  බොහොවිට ඊට හේතුවක් බලපානවා. අපි ඒ හේතු ගැන මුලින්ම කතා කරමු. 

රැකියාවෙන් විශ්‍රාම ගියාට පස්සෙ 

විශ්‍රාම යාමත් සමගම තමන්ට කලින් තිබූ සමාජ තත්ත්වය සහ සමාජයේ පිළිගැනීම යම් තරමකින් අඩු වූ බවක් ඇයට දැනෙන්න පුළුවන්. තමාගේ වටිනාකම අඩු වූවා සේ දැනීම ආත්මාභිමානයට බෙහෙවින්ම බලපානවා.  රැකියාව නිසා ගොඩනැගුණු සමාජ සබඳතාවලින් ඈත්වීමට සිදුවීම තුළින් තමා හුදකලා වූ බවක් ඔවුන්ට දැනෙන්න පුළුවන්. 

ගෙදර හිටිය දරුවො දැන් නෑ 

උසස් අධ්‍යාපනය,  රැකියා මෙන්ම විවාහවීම නිසා දරුවන්ට මවුපියන්ගෙන් ඈත් වී වාසය කරන්න සිදුවීම සාමාන්‍යයි.  එවිට හිස් වූ කැදැල්ලක, තමන් තනි වූවාක් වැනි හැඟීමක් ඇයට ඇතිවෙන්න පුළුවන්.  තමන්ට අයිතිව තිබූ දෙයක්  අහිමි වීමක්, වියෝවීමක්, තනිකමක්, පාළුවක් හෝ  තම දරුවන් පිළිබඳ බියක්  ඇතිවෙන්නත් පුඦඵවන්. 

සැමියා මිය ගියොත් ඇතිවෙන තනිකම 

තමන් සමග බොහෝ කලක් එකට දුක සැප බෙදා ගෙන සිටී සැමියා තමාගෙන්  වෙන් වූ විට එය බිරිඳකට මානසිකව විශාල ලෙස බලපානවා.  සමහරවිට ඇය එය දරවන්ට පෙන්වන්නේ නැහැ. එහෙත් ඇය නිරන්තරයෙන් ඉන්නේ දුකෙන්. 

සබඳතා  දුරස්වෙන්න පටන් ගත්තම

වැඩිහිටිවියට එළඹිමත් සමග අද බොහෝදෙනෙකුට ඇතිවන රෝගී තත්ත්වයක් තමයි  ඇවිදීමේ අපහසුතා ඇතිවීම. මේ නිසා අම්මලාට වෙනදා වගේ අසල්වැසියන් සහ ගමේ උදවිය සමග සබඳතා පවැත්වීම අපහසුවෙනවා. එයත් ඇයගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා. 

ආර්ථික ගැටලු 

ආර්ථික ගැටලු හේතුවෙන් අද දුක් විඳින්නේ නැත්තේ කවුද? ගෙදර බර උහුලන පියවරු වගේම ඔහු සොයන මුදලෙන් නිවෙස් සහ දරුවන්ගේ සියලු කටයුතු සිදු කරන්නේ කෙසේදැයි  සිතාගත නොහැකිව මවුවරු කෙතරම් අසරණ වී සිටිනවාද? ඒ වගේම තමන්ට මුදල් උපයා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වීම සහ අනුන්ගෙන් යැපීමට සිදුවීම නිසාත්  මවුවරු මානසික පීඩා විඳිනවා. 

කායික සෞඛ්‍ය ගැටලු

වයසට යාමත් සමග මස්පිඩුවල ප්‍රමාණය අඩුවීම සහ අස්ථි දිරායාම  සිදුවෙන්න පුළුවන්.  සන්ධි වේදනා, කොන්දේ  කැක්කුම් ආදිය නිසා වෙනදා මෙන් වේගයෙන් ඇවිදීමට, පඩිපෙළ නැඟීමට හෝ බැසීමට අසීරුතා ඇති විය හැකියි. පෙරට වඩා තමන්ට ක්‍රියාශීලීවීමට නොහැකිවීම නිසා සිත් තැවුලින් පසුවීමත් මානසික යහපැවැත්මට අහිතකර ලෙස බලපානවා.

අද තරුණ විය ඉක්මවා යද්දීම බොහෝදෙනා බෝ නොවන රෝගවලට ගොදුරුවෙනවා.  දියවැඩියාව, කොලොස්ටරෝල්, අධික රුධිර පීඩනය වැනි රෝග නිසා පීඩා විඳින මවුවරුන් මානසිකව කඩා වැටෙන්න තිබෙන අවස්ථා වැඩියි. 

වැඩිපුරම ගොදුරු වෙන්නේ ඩිමෙන්ෂියාවට 

වැඩිහිටියන් වැඩිපුරම ගොදුරුවන මානසික රෝගී තත්ත්වය වන්නේ ඩිමෙන්ෂියාවයි. එහෙත් එය වැඩිහිටිවියේදී පමණක් හැදෙන රෝගයක් යැයි මෙහිදී වැරදි වැටහීමක් ඇති නොකරගත යුතුයි. එය ඕනෑම වයසක පුද්ගලයෙකුට වැලඳිය හැකියි. 

ඩිමෙන්ෂියාව යනු මතකය, සංජානන හැකියාවන්, හැසිරීම්වලට බලපාන රෝගවලදී දැකිය හැකි තත්ත්වයක්. එය පුද්ගලයෙකුගේ  එදිනෙදා ක්‍රියාකාරකම් කර ගැනීමට විශාල ලෙස බාධා කරනවා. 

ඩිමෙන්සියාට ඇති ප්‍රධානම අවදානම සාධකය වැසයි. වයස්ගතවිමත් සමග එහි අවදානම තවත් වැඩිවෙනවා. 

අම්මා ගැන සැලකිල්ලෙන් ඉන්න 

කෙසේ වෙතත් ඔබේ මවගේ හැසිරීමේ සහ කතාබහේ යම් වෙනසක් දක්නට ඇත්නම් එම තත්ත්වය නොසලකා හරින්නේ නැතිව වෛද්‍ය උපදෙස් ලබාගන්න.  සමහරවිට ඇය එයට අකමැති වේවි. එහෙත්  ඇය සමග ආදරයෙන් කතා කර ඊට කැමති කරවාගන්න.

අම්මාවරු යනු කවදාවත් තමන්ගේ ලෙඩ ගැන සිතන පිරිසක් නොවෙයි. ඔබ මවක් නම් ඔබට සිතේ යම් වෙනස්කමක් දැනෙනවා නම් දරුවන්ට හෝ සැමියාට ඒ බව පවසන්න. එසේත් නොහැකි නම් ළඟම ඥාතියකුට හෝ පවසා වෛද්‍ය උපදෙස් ලබාගන්න. 

උදේශිකා නෙලුම්දෙනිය 

 



අදහස් (0)

අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව

ඔබේ අදහස් එවන්න

දියත

මිදිගම ඝාතනයට දෙකක් සැකපිට
2024 සැප්තැම්බර් මස 20 311 0

මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ


වාර්තාවක් දෙන්න අල්ලස් ගත් සැරයන් මාට්ටු
2024 සැප්තැම්බර් මස 20 152 0

පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විස


බැසිල් රටින් පිටව යයි
2024 සැප්තැම්බර් මස 20 2113 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ


දෙහිවල වෙඩි තැබීමකින් සෞඛ්‍ය කම්කරුවා මරුට
2024 සැප්තැම්බර් මස 20 744 0

දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.


තැනින් තැනට විටින් විට වැසි
2024 සැප්තැම්බර් මස 20 48 0

සබරගමුව පළාතෙත් කළුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සායනය අස්සේ පක්ෂයක් ප්‍රමෝට් කරලා
2024 සැප්තැම්බර් මස 20 1130 0

හොරණ මූලික රෝහලේ සායනවලට සහභාගි වන රෝගීන්ට උපදේශන ලබා දෙන අතරවාරයේදී එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය ලබා දෙන ලෙස පැවසූ බව කියන හෙද නිලධාරියකු තාවකාලිකව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 66 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 81 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 136 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site