අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද (21) පස්වරුවේ සිදු කෙරණි.
මහනාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සතර දෙසින් භික්ෂුන් වහන්සේ, මහජන නියෝජිතයෝ, රාජ්‍යතාන්ත්‍රිකයෝ, මහජනතාව ඇතුළු විශාල පිරිසක් නිදහස් චතුරශ්‍රයට පැමිණියහ.
ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරු 3 ට පමණ ආරම්භ විය.
මහා නාහිමියන් පසුගිය මැයි 16 වැනිදා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසුව අපවත්වී වදාලහ.
මහා නා හිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා රාජගිරිය කලපළුවාව ‘ගෝතම තපෝවනය’ තැන්පත් කළහ.
දශක ගණනාවක ශාසනික මෙහෙවර අවසන් කරමින් අපවත්වූ මහා නාහිමියන්ගේ දේහය පස්වරු 06 ට පමණ ආදාහනය සඳහා චිතකය වෙත වැඩම කරවනු ලැබූහ.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අමරපුර මහා නා හිමි සසුනට සමුදෙයි
SL Sunday, 21 May 2023 10:56 PM
නිවන් සුව
චින්තක Monday, 22 May 2023 03:52 AM
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා