IMG-LOGO

2025 අප්‍රේල් මස 07 වන සඳුදා


අමාරු කාල වලදී ලංකාවට උදව් කරන්න ලැබීම සතුටක්

(අංජුල මහික වීරරත්න)

සියලු අසීරු අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ශක්තියක් දෙමින් කටයුතු කර ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා ඉන්දු ලංකා ඒකාබද්ධ ප්‍රකාශයේ දී පැවසීය.

ජනාධිපති කාර්යාලයේ පැවති මෙම ඒකාබද්ධ ප්‍රකාශයේදී නරේන්ද්‍ර මෝදි  මහතා මෙසේද කීය.

මම ලංකාවට පැමිණෙන හතර වෙනි වතාව.අග්‍රාමාත්‍යවරයා ලෙස මම අවසන් වරට ආවේ 2019 වසරේදී.ශ්‍රී ලංකාව ශක්තිමත්ව නැගී සිටිනු ඇතැයි මට විශ්වාසයක් තිබුණා.සැබෑ අසල්වැසියෙකු ලෙස අපට අපේ වගකීම් ඉටු කරන්නට හැකි වී තිබෙනවා.එය අපටත් සතුටක්.

කොරෝනා වසංගතය ,ත්‍රස්තවාදී ප්‍රහාර  මෑතක ඇතිවූ ආර්ථික අර්බුදය සමයේදී අප හැමවිටම ශ්‍රී ලංකා ජනතාව සමග හිට ගත්තා.සියලු අසීරු අවස්ථා වලදී අප ශ්‍රී ලාංකික ජනතාව සමග කටයුතු කළා.

ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවට පැමිණීමෙන් පසු අපගේ හවුල්කාරීත්ව වැඩසටහනේ ඉතා හොඳ ප්‍රගතියක් ඇතිවුණා.

සාම්පූර් විදුලි බල ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඇති කරනවා.

එමෙන්ම ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය අනුර කුමාර ජනපති අතින් ලබන්නට හැකි වීම ගැන මා ඉතා සතුටට පත් වුණා.මේ සම්මානය මට ලොකු ආඩම්බරයක්.

ඒ පිළිබඳව රජයටත් ජනතාවටත් මගේ ගෞරවය පුදකරනවා යනුවෙන්ද මෝදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (1)

අමාරු කාල වලදී ලංකාවට උදව් කරන්න ලැබීම සතුටක්

ගුණරත්න Saturday, 05 April 2025 05:57 PM

ස්තුතියි මෝදි අගමැතිතුමනි, ඒත් ඔය කාලෙත් ඉන්දියාවෙන් ලැබුණු ආධාර භුක්ති විඳින ගමන් ඉන්දියාවට පහර ගැසීම් කළ කල්ලිය තමයි දැන් ආණ්ඩුවේ ඉන්නේත්...!

:       9       9

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සවස් කාලයේදී තැනින් තැන වැසි
2025 අප්‍රේල් මස 07 35 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


එක්සත් ජනපද තීරු බද්ද අපනයන කර්මාන්තවලට බලපාලා
2025 අප්‍රේල් මස 07 382 0

ඇමරිකා එක්සත් ජනපදයේ අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් අපනයන මත පදනම් වූ කර්මාන්ත අඩපණ වීමේ පෙර නොවූ විරූ අවදානමකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇතැයි නිදහස් වෙළඳ ක


මැතිසබේ කුස්සියට පීඑච්අයිලා පනිති
2025 අප්‍රේල් මස 07 280 0

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාර්ලිමේන්තුවේ මුළුතැන් ගේ මුළුමනින්ම පරීක්ෂා කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවසර දී ඇත.


වැලිකඩ ඕඅයිසී ඉවත් කරන්න කොමිසමෙන් අනුමැතිය ඉල්ලයි
2025 අප්‍රේල් මස 06 876 0

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී තරුණයෙක් මියයෑමේ සිද්ධිය හේතුවෙන් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉවත්කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහ


නියෝජ්‍ය ඇමැතිගේ මාමා නීතිය අතර අරගෙන
2025 අප්‍රේල් මස 06 1861 0

ඉඩම් ආරවුලකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාතියකු ඇතුළු පිරිසක් අම්පාර උහන 24 උදාගිරිගම ගම්මානයේදි පුද්ගලයන් පිරිසක් පහරදිම නිසා කාන්තාවක සහ තවත් පුද්ගල


හිතුමතේ පැනවූ තීරු බදු
2025 අප්‍රේල් මස 06 2464 1

ඇමෙරිකන් ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් මිත්‍ර පාර්ශ්වීය රටවලට පමණක් නොව, ප්‍රතිවාදී රටවලට ද තීරු බදු පැනවීමක් කළේ පසුගිය අප්‍රේල් දෙවැනිදාය. තීරු බදු පැන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 453 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 485 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 977 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site