IMG-LOGO

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා


අඹතලේ ප්‍රදේශයේ අමුතු කොල්ලකරුවන් පිරිසක්

(කේ බුද්ධික කුමාරසිරි)

මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ අඹතලේ ප්‍රදේශයට ආසන්නව රාත්‍රී කාලයේදී ඇණ ගැසූ ලෑලි මාර්ගයේ තබා මෝටර් රථවල ටයර්වල ඇනීමට සලස්වා  වාහනවල පැමිණි පුද්ගලයන් කොල්ලකෑමේ කටයුත්තක් සිදුවන බව එම ප්‍රදේශයේ ජනතාව පවසති.

එම මාර්ගයේ බොහෝ ප්‍රදේශයක් රාත්‍රී කාලයේදී දැඩි අන්ධකාර තත්වයක තිබෙන බැවින් මෙලෙස මාධ්‍යම රාත්‍රීයට ආසන්න කාලයේදී මාර්ගයේ තැනින් තැන යකඩ ඇණ ගැසූ ලෑලි තැබීම මාර්ගය මධ්‍යයේ විශාල කලු ගල් තැබීම ආදී කටයුතු සිදුකර මාර්ගයේ ගමන් ගන්නා වාහන නතර වීමෙන් පසු එහි සිටින පුද්ගලයින් කොල්ලකෑම් සිදුවන බවද ඔවූහු පවසති.

මෙම මාර්ගයේ වීදි පහන් සවිකර නොමැති වීමත් දැඩි පාලු ස්වාභාවයක් පැවතීමත් නිසාවෙන් මෙවැනි කොල්ලකෑම් බහුල වීමට ප්‍රධාන හේතුවක්ව පවතින බැවින් පොලිස් ජංගම මුර සංචාර වැඩි කිරීමට කටයුතු කල යුතු බව එම ප්‍රදේශයේ වෙළදසැල් පවත්වාගෙන යන වෙළදුන්ගෙන් මේ පිලිබදව විමසීමේදී පැවසීය.

එම කොල්ලකරුවන් විවිධ අවි ආයුධ සහිතව පැමිණෙන බවත් එලෙස පැමිණ රන් භාණ්ඩ මුදල් ආදිය කොල්ලකා එම මාර්ගය දෙපස කැලෑබද ප්‍රදේශයට පලා යන බවද එම ප්‍රදේශවාසීහු පවසති.

මේ සම්බන්ධයෙන් මා⁣ලබේ - අඹතලේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත අයත් වන මුල්ලේරියාව සහ මාලබේ පොලිස් ස්ථාන වලින් විමසීමේදී එවැනි තොරතුරු ලැබී ඇති මුත් පැමිණිලි ලැ⁣බී නොමැති බව පැවසීය.

 



අදහස් (2)

අඹතලේ ප්‍රදේශයේ අමුතු කොල්ලකරුවන් පිරිසක්

ලසා Monday, 23 December 2024 03:37 PM

මේ වෙලාවේ පිස්තෝල රැගෙන සිවිල් වෙසින් රෑට ගොස් උන්ට වෙඩි තිබ්බා නං ආයෙත් රටේම මේ වගේ ඒවා නොකර ඉදියි

:       0       31

kasun Monday, 23 December 2024 06:15 PM

ඔව් ඉතින් පැමිණිලි ලැබෙනකන් තොරතුරක් ලැබුණාට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න වෙලාවක් නෑ. එච්චරටම රටේ හොරු අල්ලනවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මහාධිකරණ විනිසුරුවරු දෙදෙනක් දිවුරති
2025 ජනවාරි මස 09 7 0

මහාධිකරණ නව විනිසුරුවරු දෙදෙනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්හ.


මැතිසබේ ලිංගික හිරිහැර සොයන්න විශේෂ කමිටුවක්
2025 ජනවාරි මස 09 510 1

මැතිසබයේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්වීමට පාර්ලි


පාසල් විභාග ලබන වසරේ සිට නිසි පරිදි පවත්වනවා
2025 ජනවාරි මස 09 736 0

ලබන වසරේ (2026) සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමට පාසල් වාරය සාමන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය


ඥානසාර හිමිට මාස නවයක සිර දඩුවමක්
2025 ජනවාරි මස 09 1783 6

මුස්ලිම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනාවකට වරදකරු වු බොදුබලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස නවයක ලිහිල් වැඩ සහිත සිරද


පසුගිය මාස 17 කදී ගුවන්ගමන් වාර 548ක් ප්‍රමාද වෙලා
2025 ජනවාරි මස 09 338 3

ශ්‍රිලන්කන් ගුවන් සමාගම පසුගිය මාස 17ක කාලය තුලදි (2022 අප්‍රේල් මස 01 සිට 2023 සැප්තැම්බර් මස 30 දක්වා) ගුවන් ගමන්වාර 548ක් පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බැව


ඔඩ්ඩුසුඩාන් වෙඩි තැබීමක්
2025 ජනවාරි මස 09 426 0

ඔඩුසුඩාන් කලාමුරිප්පු. ප්‍රදේශයේ නිවසක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා ඇතැයි ඔඩුසුඩාන් පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 39 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 489 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 257 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site