(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කළුබෝවිල ශික්ෂණ රෝහලට බාහිරින් රැගෙන එන නාඳුනන හා අයිතිකරුවෙකු නොමැති මළ සිරුරු අද (06) සිට එහි මෘත ශරීරාගාරයෙන් තාවකාලිකව භාර නොගැනීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි කළුබෝවිල ශික්ෂණ රෝහල පවසයි.
මේ සම්බන්ධයෙන් ගල්කිස්ස හා නුගේගොඩ පොලිස් කොට්ඨාසවල පිහිටි සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඉකුත් (05) දා ලිඛිතව දැනුම්දීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි ද පැවසේ.
මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ හැකි මළ සිරුරු 36 ධාරිතාව ඉක්මවා බාහිරෙන් රැගෙන ආ නාදුනන මළ සිරුරු 28 මාස 14 තිස්සේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු නොකොට අතහැර දමා තිබීම හේතුවෙන් බව වාර්තා වේ.
මෙසේ රෝහලට රැගෙන එන නාදුනන මළ සිරුරුවල පසුවිපරම් කටයුතු පොලීසිය හරහා සිදු කොට භාරකරුවන් සොයා කඩිනමින් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කළ යුතු වුවත් ඊට පොලීසිය දක්වන උදාසීනත්වය මීට හේතු වී තිබේ.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණ 36 ශීතකරණ දෙකක් අත්‍යවශ්‍ය සේවා සඳහා ශරීර අවයව තැන්පත් කිරීමට වෙන් කළ යුතු අතර ඉතිරි ශීතකරණ 34 විසි අටකම මාස 14 තිස්සේ මෙම මළ සිරුරු 28 තිබීම හේතුවෙන් දෛනික සේවා සැපයීමට ඉතිරිව ඇත්තේ ශීතකරණ 06 කි එය දෛනික සේවා සැපයීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
අධිකරණ නියෝග මත හෝ වෙනත් හේතු මත හදුනාගත් මළ සිරුරු දිනපතා 8 හෝ 10 රෝහලට රැගෙන එන අතර එම මළ සිරුරු වල භාරකරුවෙකු දුර බැහැරක සිට පැමිණීමට දිනක් හෝ දෙකක් ගත වුවහොත් ඒවා තැම්පත් කිරීමට හෝ මේ තත්වය මත පහසුකම් නොතිමෙන් ඇතැම් මළ සිරුරු ට්‍රොලි මත තැබීමට පවා සිදු වන බව කියා සිටි.
මෙසේ පරීක්ෂණ අවසන් නොකළ මළ සිරුරු අතර පිළියන්දලින් මළ සිරුරු 07 , ගල්කිස්ස 03 , මහරගම 03 කිරුළපන 02 , මිරිහාන 02 , වැල්ලවත්ත 02 , කැස්බෑව මොරටුව බොරැල්ල වැල්ලම්පිටිය යන පොලිස් ස්ථාන වලින් එක් මළසිරුර බැගින් භාර දී තිබේ , සෙසු මළසිරුරු පහ රෝහල් ගතව සිටියදී මියගිය මළ සිරුරු වන බවද පැවසේ.
ඉන් පුද්ගල මළ සිරුරු විසිදෙකක් ද කාන්තා මළ සිරුරු හයක් ද වන අතර ඔවුන් වයස අවුරුදු 35 - 87 අතර වයසේ පසුවන්නන් බව කියා සිටී.
2022.02.23 දා මිරිහාන පොලිස් ස්ථානය හරහා ඇතුළත් කළ මළ සිරුරක් ද ගල්කිස්ස ප්‍රදේශයේ දී මුහුදේ ගිලීමෙන් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කරන ලෙසට උසාවි නියෝගයක් ලබා දුන් මළසිරුරක් ද මේ අතර වන බව පැවසේ.
මෙම ගැටළුව සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාශවල ඉහළ නිළධාරීන් දැනුවත් කර ඇති අතර එම අවස්ථා වලදී පමණක් පහළ නිලධාරීන් යුහුසුළුව ක්‍රියාත්මක වී අවශ්‍ය කටයුතු සිදු කළ ද පසුව ඊට නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක නොවීමෙන් නාඳුනන මළ සිරුර ගොඩ ගැසී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි .
මේ ගැටලුව මගහරවා ගැනීම සඳහා බාහිරින් රැගෙන එන නාදුනන මළ සිරුරු රෝහලට භාර ගැනීම (06) දා සිට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ
පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘අයිතිකරුවන් නැත්නම් කළුබෝවිල තැනක් නෑ‘
Lal Friday, 07 April 2023 01:46 PM
අර කුඩු නඩු වක් අහක දැම්මා පොලිසිය කාර්යක්ෂම වන වැඩ කරපු නිසා.. ඔන්න ඔහේ මැරිලා නෙ... නිදොස් කොට නිදහස් කරලා දාන්න තියන්නේ.අනික ඔයිට වැඩිය වැඩ තියෙනවා පන තියෙන උන්ට වතුර ගහන්න එහෙම......