IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අයාලේ යන සමාජ මාධ්‍ය පාලනය කළ යුතුයි

(සුජිත් හේවාජුලිගේ )

අන්තනෝමතිකව කටයුතු කරන, අයාලේ යන සමාජ මාධ්‍ය පාලනය කළ යුතු යැයි  ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.

බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ප්‍රතිරූපයවූ දළදා වහන්සේට අපහාස කිරීම  බෞද්ධයාට කිසිසේත්ම දැරිය නොහැක්කක් බව පැවසූ උන්වහන්සේ සේපාල අමරසිංහ බෞද්ධාගමට අපහාස කරන එක් පුද්ගලයකු පමණක් බවද ප්‍රකාශ කළහ.

මෙවැනි පුද්ගලයන් මේ රටේ තවත් සිටින බවත් ඒ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් සෝභිත හිමියෝ වැඩිදුරටත් පැවසූහ.



අදහස් (15)

අයාලේ යන සමාජ මාධ්‍ය පාලනය කළ යුතුයි

නිමේෂ් Saturday, 07 January 2023 02:43 PM

කවුරු හරි මේ වහන්සේට බුදුහාමුදුරුවෝ දේශන කල ධර්මය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න , දේශපාලන වැඩ නිසා මන් හිතන්නේ බන පොතක් වත් කියවන්න වෙලාවක් නැතුව් ඇති . බුදුහාමුදුරුවෝ ලෝකෙටම ආදර්ශයක් දුන්න නින්දා අපහාස වලට මුහුණ දෙන හැටි .

:       39       74

sisilSaturday, 07 January 2023 06:39 PM

චීවරයට මුවාවී අන්තනෝමතිකව කටයුතු කරන, අයාලේ යන අන්තවාදී ක්‍රියාවන් කරනාවූ භික්ෂූන් පිලිබදව මහනායක භික්ෂුන් වහන්සේලා නිහඩව සිටීමම අයාලේ යන අන්තවාදී ක්‍රියාවන් කරනාවූ භික්ෂූන්ට සහයෝගයකි.

:       0       26

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 08 January 2023 10:07 AM

අපේ බුදුහාමුදුරුවෝ කිසිවිටෙක තමන් වහන්සේට නින්දා අපහාස හිරිහැර කළ අයට සුද්ධෝදන රජු හෝ වෙනත් රාජ්‍ය යාන්ත්‍රණයක් යොදාගෙන දඬුවම් දීමට කටයුතු කළේ නැහැ.ඒ ඉවසීම ප්‍රගුණ කළ නිසා.අට ලෝ දහම කාටත් පොදු බව උන්වහන්සේ දේශනා කොට වදාළා.සේපාල්ගේ හා සමාජ ජාලවල නැට්ටේ එල්ලෙන්නට කළින් සංඝ සමාජය තුළ විනය ශීලය ඇතිකිරීමට උත්සාහ කළ යුතුයි. සමාජ ජාලවල ඇතැම් දෙනාගේ භාෂාව අසභ්‍යයයි.ඒ වගේම අසංවරයි.ඒවා නිවැරදි කිරීම වැදගත්.ඒත්,ඒවායින් සාක්ෂි සහිතව ඉදිරිපත් කෙරෙන දූෂිත දේ ගැනත් නිසි පියවර ගත යුතුයි නේද? එසේ නොකොට ඒවා මර්ධනය කිරීමට වෙර දැරීම සුදුසුද ? අද රටේ මිනිසුන්ට කන්න බොන්න නැහැ.බඩු මිල, බදු බර දරන්න බැහැ.ජනයා විඳින දුක කියා නිම කිරීමට බැහැ.අද රට කෑ දූෂිතයන්ට එරෙහිව සටන් කරන ඇතැම් දෙනා ඔවුන් එදා බලයට ගෙනාවේ කන්න නැති වුණත්,ඉන්න රටක් ඕනෑ කියලා.ඒත් අද ඒවා අමතකයි.අද ඒවා වහන්න වෙන වෙන දේවල් වල එල්ලිලා.බුදු හාමුදුරුවන්ට කව්රුන් හෝ අපහාස කළ හොත් ඒවා උන්ට අනිවාර්යයෙන්ම විපාක දෙනවා මයී.ඒ බව දැන දැනත් ඒවා මත්තේ නිහින්නේ නැතිව රට කෑ දූෂිතයන් අල්ලා ගැනීමට කටයුතු කළ යුතුයි නේද? පළමුව සිදුවිය යුත්තේ එයයි.

:       0       9

kamal Saturday, 07 January 2023 02:46 PM

අපේ හාමදුරුවනේ, ගිහිගෙය අත්හැරලා යනවා කියලා දවසෙම ගිහිගෙ ගැන හිත හිත බුදු දහමින් පිටත අයාලේ යන චිවරදාරින්ට මොකද කරන්න ඕනේ?

:       36       69

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 07 January 2023 03:09 PM

භික්ෂුන් වහන්සේ ද සියලු දේශපාලනයෙන් මුදාගත යුතුයි. අද බොහෝ භික්ෂූන් වහන්සේලා දේශපාලන පිල් වලට බෙදිලා.බුදු පියාණන් වහන්සේ අලුයම ලු කෙළ පිඩක් සේ ඉවත දැමූ සක්විති රජකමට වඩා අද සමහර භික්ෂූන් වහන්සේලාට දේශපාලනය ලොකු වෙලා.එදා කිසිදු මතු දැනීමක් හෝ සිතීමක් නොමැතිව ඝෝඨා බලයට ගෙනා අය අද ගෝඨාට හා පොහොට්ටුවට එරෙහි වෙලා ඊට එරෙහිව සටන් කරනවා.ලැජ්ජාව නිසා එසේ කළත්,අසාධාරණ දූෂිතයන් රජ කරවා රට බංකොලොත් කිරීම සන්බන්ධවූ ඔවුන් රජකරවු අය වගකිව යුතුයි.එවන් අය අද කියනා කරන දේ ගැන විශ්වාසයක් තබා ගත හැකිද ?

:       32       62

ලුම්බිණි Saturday, 07 January 2023 04:57 PM

සමාජ ජාලා පාලනය සහ සේපාල දළදාවට අපහාස කිරීම දෙකක්. අපේ හාමුදුරුවෝ මේ දෙක පටලවා ගෙන ඇති බවකුයි පෙනෙන්නේ...

:       2       8

sena Saturday, 07 January 2023 05:32 PM

මම හිතන්නේ සමාජ මාධ්‍ය වලට කලින් සිවුරු ඇදගෙන විකාර වැඩ කරන පුද්ගලයන් නියාමනය කළ යුතුයි.

:       1       12

Santhu Saturday, 07 January 2023 05:34 PM

ගිනි තියූ අය නීති දැලේ - අන දුන් අය නිදැල්ලේ - ගෝල් ෆේස් අරගලේ - ඔඩු ගිහිල්ල ආයලේ -

:       5       0

චීවරදාරියා Saturday, 07 January 2023 05:47 PM

අයාලේ යන හාමුදුරුවරුන් පාලනයක් ගැන කතාවක් නෑ, එහෙම උනොත් 80% හාමුරුවරු පුනරුත්තාපනේ

:       0       11

kamal Saturday, 07 January 2023 07:14 PM

භාෂණයේ නිදහස කුමක්ද නොදත්, නූගත් ගොබ්බයින් සිටින රටක සමාජ මාධ්‍ය පාලනය කළ යුතුයි.

:       14       23

තිළිනි ප්‍රියමාලි Saturday, 07 January 2023 08:19 PM

ඔබ වහන්සේ කිව්වා තිළිණි ප්‍රියමාලි ළඟ සල්ලි දාලා තියෙන ඕමල්පේ සෝභිත මම නෙවෙයි වෙන ඕමල්පේ සෝභිත කෙනෙක් කියලා.. කෝ එහෙම කෙනෙක් ඔබ වහන්සේ දන්නවනම් විස්තර කියලම දැම්මනම් වැඩේ ඉවරනේ... අපි නම් ඔබ වහන්සේගේ වැඩ හරියටම දැනගන්නේ සෝෂල් මීඩියා වලින්...

:       32       25

Don perea Saturday, 07 January 2023 09:25 PM

එතකොට ආයලේ යන හාමුදුරුවරු??

:       24       25

රන්මුතුගල Saturday, 07 January 2023 10:58 PM

දැන් හැමෝම මාධ්‍යවේදීන් වෙලා. U tube එකක් අහුවෙලා මේ ගොල්ලන්ට වඳුරට කන්නාඩියක් අහුඋනා වගේ වෙලා. ඉහල දේශපාලකයෙකුට, ඉහළ නිලධාරීකුට ආගමික නායකයෙකුට හෝ ස්ථානයකට මඩ ගැසීම තමයි මේ ගොල්ලන්ගේ අභිප්‍රාය. ඒකෙන් තමයි ජනප්‍රිය වෙන්න බලන්නේ. "අනේ අපිව දැනුවත් කලාට මහත්තයට බොහොම පින්" කියලා ඒ පිරිසට හුරේ දාන ගොබ්බ, මෝඩ කට්ටියක් ඉන්න නිසයි මේ පිරිස් ෆෝම් වෙලා උඩ පනින්නේ. කෝකෙත් සීමාව දැනගෙන වැඩකරන්න ඕනේ. මහාලොකු ප්‍රබුද්ධ කියලා හිතාගෙන හිටපු කෙනෙක්ට නම් බඩු හරි. ..... තව ඉන්නවා.....

:       4       52

anura marasinge Sunday, 08 January 2023 12:32 AM

මානව චින්තනයේ නිදහස හා මෙත් කරුණාවේ ගුණාංග ලොවට දේශනා කළ ජීවමාන උතුම් තථාගත දහම ඉදිරියේ මේ අමන , අවිචාර , අධම මුග්ධයින් කීපදෙනෙකු ගේදොර ඉදිරිපිට මලපහ කිරීම මෙ සිරිලකම හැරුණු විට ලොව කෙබඳු රටක නම් දැකිය හැකිද ..? උදේ සිට රෑ වන තුරු අවිචාර, අධම, අමන, අසැබි දේම වපුරන social media කාරයින් ඉන්න රටක් වෙන කොයිබ තිබේ ද...?මේ අමනයින් ගේ මුග්ධ කියුම් කෙරුම් වල අනිටු ප්‍රතිඵල ලැබෙන්නේ දැන්ම නොව අනාගතයේදී ය..! මෙවැනි සමාජ වෛරි ප්‍ර්‍රකාශ බටහිර රටක නම් දැඩි දඩුවම් ලැබෙන Hate Crime ගණයට වැටෙන අපරාධයක් ...! මේවැනි අමන , අවිචාර ,අධමයින් ගෙන් පෑරුන අපේ රටේ හදබස සුවපත් කිරිමට ඔබවහන්සේලාට පැවරී ඇති ඓතිහාසික කාර්ය සුලුපටු නෑ අපේ හාමුදුරුවනේ .... උපන් බිමෙන් බොහෝ ඈත සිටින අපට මේවා අසන දකින විට දැනෙන්නෙ විශාල සංවේගයක්.. අද ලංකාව දේවදත්තලා, අජාසත්තලා, චිංචමානවිකාලා, හා මිසදුටුවන් ගේ පාරාදීසයක් ...! අමන අසුරයින් ගේ සුරලොවක්...! අද බුදුදහමේ නිසි ප්‍රයෝජනය ප්‍රායෝගිකවම ලබාගන්නේ අපනොව බටහිර සමාජයයි...! නිර්මල තථාගත දහමත් තවකලකින් බටහිර රටකින්ම ලබාගෑනිමට සිදුවන දිනක් අපේ ජීවිත කාලයේ උදා නොවේවායි පතමි...!

:       5       6

burampi Sunday, 08 January 2023 02:12 PM

අපි ඔය බඩවඩාගන්න මුදුන වෙන්න දඟලන චීවරධාරීන්ව ගණන් ගන්නේ නැහැ. හැම දෙයක්ම තමන් තමන්ගෙන්ම පටන් අරගෙන ඊට පස්සේ ගමට රටට ජාතියට.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 779 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 760 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 745 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 509 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 471 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 4307 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25206 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 641 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1841 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site