(සුජිත් හේවාජුලිගේ)
මුදල් ඇමැතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරන ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවේ කතානායක ගැලරිය සහ මාධ්‍ය ගැලරිය පමණක් විවෘත කිරිමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාව සඳහා විදේශීය තානාපතිවරුන් සහ විදේශීය නියෝජිතයන් පනස් දෙනකු පමණ සහභාගීවීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
එම විදේශීය නියෝජිතයන්ට අසුන් පැනවෙන්නේ කතානායක ගැලරියේය.
කොවිඩ් වසංගත තත්වය නිසා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන ආකාරයට අසුන් පැනවීමට සිදුවන හෙයින් තානාපතිවරුන්ට සහ විදේශීය නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ කතානායක ගැලරියේ ඉඩකඩ මදි වුවහොත් අමතර අසුන් පැනවීමට බලාපොරොත්තු වන බවද වේත්‍රධාරීවරයා කීවේය.
දුරස්ථභාවය ආරක්ෂා වන ආකාරයට අසුන් පැනවීමේදී කතානායක ගැලරියේ තානාපතිවරුන් වෙනුවෙන් පැනවිය හැක්කේ උපරිම වශයෙන් අසුන් 45 ක් පමණි.
මේ අතර කොවිඩ් වසංගත තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය තවදුරටත් වසා දැමීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ හෝ මහජන ගැලරිය විවෘත කිරීමට ඇති හැකියාව ලබන ජනවාරි මාසයේදී සමාලෝචනය කරන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයවැයදා ගැලරි දෙකක් විවෘත වෙයි