IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් වී ඇත.

හොඳම වාහන වෙබ් අඩවිය සඳහා වන රන් සම්මානය (Gold Winnder – Best Automotive Website) සහ ජනප්‍රියතම වාහන වෙබ් අඩවිය (Most Popular Automotive Website)  මෙන්ම හොඳම ජංගම දුරකථන අතුරුමුහුණත සහිත වාහන වෙබ් අඩවිය (Best Mobile User Experience Automotive Website) යන සම්මාන ත්‍රිත්වය අයිඩියල් මෝටර්ස් වෙබ් අඩවිය විසින් දිනා ගන්නා ලදී.

Best Web තරඟාවලිය .lkඅඩවි නාමය (Domain name) යටතේ නිර්මාණය වන වෙබ් අඩවි සඳහා වූ තරඟාවලියක් වන අතර ස්වාධීන ලාබ නොලබන සංවිධානයක් වන LK Domain ලියාපදිංචි කිරීමේ ඒකකය විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගිහාන් ඩයස්  සහ විද්වත් මඩුල්ලකගේ පූර්ණ මඟපෙන්වීම හා තාක්ෂණික උපදේශයට යට‌තේ ක්‍රියාත්මක වන්නකි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම ආයතනයේ නවක වෙබ් අඩවි නිර්මාණකරුවන් පිරිසකගේ දායකත්වයෙන් නිර්මාණය වී තිබීමයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ අයිඩියල් මෝටර්ස් තොරතුරු තාක්ෂණ අංශයේ සමූහ ප්‍රධානී ශාරංග ජයතිලක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අපි මේ වෙබ් අඩවිය නිර්මාණය කළේ, ආයතනයේ නවක වෙබ් අඩවි නිර්මාණකරුවන්ගේ දායකත්වයෙන්. ඔවුන්ට තාක්ෂණික පුහුණුව ලබා දෙමින් මාස දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත ආයතනය තුළින්ම නිර්මාණය කරපු වෙබ් අඩවියක් විදියට තමයි අපි මේ කටයුත්ත නිම කළේ. අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන නවකය

න්ට පුහුණුවීම් සඳහා අවස්ථාවක් ලබාදීමත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අයිඩියල්  මෝටර්ස් අලෙවි අංශ ප්‍රධානී හර්ෂ කේ. පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු සුජීව අමරසූරිය ඇතුළු අලෙවි අංශයේ පිරිසගේ දායකත්වය ද ඇතිව සිදු කෙරුණු මෙම ව්‍යාපෘතිය ආයතනයේ අංශ දෙකක දායකත්වය ලබා ගනිමින් සාමූහික කටයුත්තක් විදියට මෙය නිර්මාණය කරන්න අපට හැකි වුණා. ආයතනයට සම්මානයක් දිනා දීමේ අරමුණින් කණ්ඩායමේ සියලු දෙනා ඉතාමත් කැපවීමෙන් යුතුව වැඩ කළා. මේ සඳහා සම්බන්ධ වූ නවක පිරිසත් ඉගෙන ගැනීමේ උනන්දුව ඇති, නවෝත්පාදන හැකියාවෙන් යුතු පිරිසක් වීම මේ කටයුත්ත තවත් පහසු කළා.”

Best Web තරඟාවලිය LK Domain Registry සංවිධානය විසින් පවත්වනු ලබන අතර, මෙහි ජනප්‍රියතම වෙබ් අඩවිය සඳහා විවෘතව මනාප පළ කිරීමේ අවස්ථාව සලසා දී තිබුණි. රන් සම්මානය සඳහා වෙබ් අඩවියේ අතුරුමුහුණතේ ආකර්ෂණීය හා සුහුරු බව, ජාත්‍යන්තර ප්‍රමිති භාවිතය, අකුරු මෝස්තර භාවිතය, වර්ණ භාවිතය, තොරතුරු කළමනාකරණය වැනි අංශ ගණනාවක් ඉතා සූක්ෂම විනිශ්චයට ලක් කෙරේ.

එමෙන්ම UI-UX නිර්ණායක යටතේ පරිශීලකයා රඳවා ගැනීමේ හැකියාවත්, ජංගම දුරකථන අතුරුමුහුණතක වෙබ් අඩවියක් දෘෂ්‍ය හා තාක්ෂණික අතින් ක්‍රියාත්මක විය යුතු ආකාරය හා පරිශීලක අත්දැකීමත්, සයිබර් ආරක්ෂක විධික්‍රම පිළිවඳවත් මෙම සම්මාන සඳහා සලකා බැලුණු නිර්ණායක වේ.  හොඳම වාහන වෙබ් අඩවිය සඳහා වන රන් සම්මානය සහ හොඳම ජංගම දුරකථන අතුරුමුහුණත සඳහා වන සම්මානය, මහාචාර්ය ගිහාන් ඩයස් ඇතුළු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මඩුල්ලක්‌ගේ නිර්දේශය අනුව පිරිනමන ලද්දක් විය. Best Web තරඟයේදී සාමාන්‍යයෙන් ආයතනයකට පිරිනැමෙන්නේ එක් සම්මානයක් පමණක් වුවත් අයිඩියල් මෝටර්ස් සඳහා රන් සම්මාන ඇතුළු සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීම ද විශේෂත්වයකි.

මේ පිළිබඳ අදහස් දැක්වූ අයිඩියල් මෝටර්ස් අලෙවි අංශ ප්‍රධානී හර්ෂ කේ. පෙරේරා මහතා මෙසේ පැවසීය. “අයිඩියල් මෝටර්ස් තුළ තිබෙන ආයතන සංස්කෘතිය ඉතාමත් සුවිශේෂී වගේම විවෘත එකක්. අපි සීමාවාසික තරුණයන්ට නොමිලේ තාක්ෂණික පුහුණුව ලබා දෙනවා. එය එක්තරා විදියකින් සමාජ සත්කාරයක් ලෙසත් සලකන්න පුළුවන්. මේ තරුණ පිරිස‌ගේ අදහස් සහ නිර්මාණශීලී හැකියාවට අප ලබා දුන් තාක්ෂණික අධ්‍යාපනයත් සංකලන කිරීමෙන් මෙවැනි සුවිශේෂී ජයග්‍රහණයක් කරා යන්න අපට හැකි වුණා.”

මෙම වෙබ් අඩවියේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මේ සඳහා කෘත්‍රිම තාක්ෂණික චැට් බොට්වරයෙක් ද ඇතුළත් කර තිබීමයි. මේ හරහා ඉතා පහසුවෙන් තොරතුරු දැන ගැනීමේ හැකියාව පරිශීලකයාට උදා වේ. එමෙන්ම මෙහි ඇති ආකර්ෂණීය අතුරුමුහුණත නිසා පරිශීලකයාට වෙබ් අඩවිය ඉතා පහසුවෙන් පිරික්සීමේ අවස්ථාව හිමි වන බව කියා සිටියේය.

අයිඩියල් මෝටර්ස් ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු සුජීව අමරසූරිය, අයිඩිල් මෝටර්ස් අලෙවි අංශ ප්‍රධානී හර්ෂ කේ. පෙරේරා, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, අයිඩියල් මෝටර්ස් තොරතුරු තාක්ෂණ අංශයේ සමූහ ප්‍රධානී ශාරංග ජයතිලක  සහ එම අංශයේ චතුරංග විජේතුංග යන මහත්වරු අදාළ සම්මාන ත්‍රිත්වය සමග.

(සී මුණසිංහ)



අදහස් (0)

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්

ඔබේ අදහස් එවන්න

දියත

ආහාර විස වී දැරියන් 9ක් රෝහලේ
2024 නොවැම්බර් මස 21 79 0

තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට



කෝටි දෙකක කුෂ් කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 21 310 0

රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර සගවා ගෙන කටුනායක ගුව


නියෝජ්‍ය ඇමතිවරු අද සවස තුනට දිවුරුම් දෙති
2024 නොවැම්බර් මස 21 1744 0

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු අද සවස තුනට දිවුරුම් දෙති.


රවීගේ නම යැවීම ගැන රනිල් මෙලෝ දෙයක් දන්නේ නෑ
2024 නොවැම්බර් මස 21 1072 4

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


ශ්‍රී ලංකාව -සිංගප්පූරුව අතර නව ගුවන් සේවාවක්
2024 නොවැම්බර් මස 21 1276 0

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් අද(21 ) උදෑසන සිට ආරම්භ කරමින් , ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් ය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 448 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 688 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1951 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site