IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


අයි.එම්.එෆ් සිව් වන වාරිකය ලෙස ඩොලර් මිලියන 333

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ ප්‍රමිතීන්ට අනුකූලව "2025 අයවැය" ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර් කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි තෙවැනි සමාලෝචනයට විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවාය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් කොසැක් මහත්මිය ප්‍රකාශ කර සිටියේ තෙවැනි සමාලෝචනය විධායක කමිටු අනුමැතිය සඳහා ඉදිරි සති කීපයේදී ඉදිරිපත් කරනු ඇති බවත් විධායක කමිටු අනුමැතිය ලැබීමෙන් පසු සිව්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත්ය.

ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කර දී තිබෙන බවද ඒ මහත්මිය පැවැසුවාය.

2024 වසරේ තෙවැනි සහ සිව්වැනි කාර්තුවල සියයට 5.5 ක පමණ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගෙන තිබෙන බවද කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.

එසේම සිව්වැනි කාර්තුවේදී ඉලක්ක කළ උද්ධමන මට්ටමට වඩා අඩු මට්ටමක් පහසුවෙන් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙන බවද ඒ මහත්මිය පැවැසුවාය.

පසුගිය වසරේදී මෙරට නිල සංචිත ඩොලර් බිලියන 6.1 දක්වා වැඩි වී තිබෙන බවද ඇය පෙන්වා දුන්නාය.

 



අදහස් (0)

අයි.එම්.එෆ් සිව් වන වාරිකය ලෙස ඩොලර් මිලියන 333

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සහල්මෝල් හිමියන්ගේ ලාභය දැනගතහොත් පුදුම වෙනවා
2025 පෙබරවාරි මස 08 1073 0

මහා පරිමාණ සහල්මෝල් හිමියෙක් ලබන ලාභය පිළිබඳව ජනතාව දැනගතහොත් පුදුමයට පත්වන බවත් වී මිල තීරණය කිරීමේදී සහල්මෝල් හිමියන්ගේ සියලු‍ම වියදම් සහ ආදායම් ප


විදේශ සේවයේ පත් කිරීම් ගැන විදේශ සේවා සංගමය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 08 584 0

දේශපාලන වරදාන ලෙස මහ කොමසාරිස් ධුර සහ තානාපති ධුර පිරිනැමීමේ දීර්ඝ සහ අතිශය කණගාටුදායක සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යමින් විදේශ සේවය සඳහා ජාතික ජන බලවේග


අයි.එම්.එෆ් සිව් වන වාරිකය ලෙස ඩොලර් මිලියන 333
2025 පෙබරවාරි මස 08 1073 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ ප්‍රමිතීන්ට අනුකූලව ’’2025 අයවැය’’ ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර


නිල සංචිත ඩොලර් මිලියන 57 කින් පහළ යයි
2025 පෙබරවාරි මස 08 1773 0

පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9 ක ප්‍රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මි


මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්
2025 පෙබරවාරි මස 08 1158 2

එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ග


පාස්පෝට් කාර්යාලයට නව පොලිස් මුරපොළක්
2025 පෙබරවාරි මස 08 1365 3

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 44 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 845 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site