(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
මාලිගාවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු මාලිගාවත්ත පොලිස් වසමේ මිල්ටන් පෙරේරා මාවතේ කාල්ටන් පෙර පාසල ඉදිරිපිට අතුරු මාර්ගයේදී දිවයිනේ නමගිය අපරාධකරුවකුගේ පිහි පහරකට ලක්වීමෙන් ඔහු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට අද (30) පෙරවරුවේ ඇතුළත් කරනු ලැබීය.
මේ සිද්ධියෙන් තුවාල ලබා සිටින්නේ මාලිගාවත්ත පොලිසියේ ටී.එම්.ඒ.ඩී කුමාර නැමැති පොලිස් කොස්තාපල්වරයාය.
ප්‍රදේශයේ නිවෙසක සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව එම ප්‍රදේශයන්ට ගිය මෙම පොලිස් කොස්තාපල්වරයා ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කර ඇති අවස්ථාවේදී ඔහු එකවරම පොලිස් කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇතැයි තොරතුරු අනාවරණයවී ඇති බව මාලිගාවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පෙරේරා මහතා පැවසීය.
තියුණු ආයුධ ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරයාගේ අතකට බරපතල හානි සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් නිලධාරීහු කණ්ඩායම් කිහිපයක් පිටත්කර යවනු ලැබ සිටිති.
ඔහු ප්‍රදේශ ගණනාවක ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින දිවයිනේ නමගිය අපරාධකරුවකු බව පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් චන්දන මහතාගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් යුතු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයි.ආර්.සී ප්‍රහාරයෙන් කොස්තාපල් රෝහලට