IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘‘අයි.එම්.එෆ් ගිවිසුමට ජාත්‍යාන්තර සහාය ඉතා වැදගත්‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම අඛන්ඩව ඉදිරියට රැගෙන යාම ජාත්‍යන්තර සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට ණය ලබා දී තිබෙන රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ණය සහන සහ සහතික ලබාදී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී තිබෙන වැඩසටහන ඉදිරියට යෑමේ පදනම මත බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී පැවැසුවේය.

ඕනෑම රජයකට ඉදිරි වසර හතරක කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර කාලයට ඔබින පරිදි ප්‍රතිපත්ති වෙනස් කර ගැනීම හැකියාව තිබෙන බවද ආචාර්ය වීරසිංහ මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගැන යෑම මෙරට අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් බව ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියට යෑමට අකැමැති පාර්ශ්ව ඒ සඳහා තිබෙන විකල්පයද ප්‍රකාශ කළ යුතු බව ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඉහළ ගිය බඩු මිලට මුහුණ දීමට තිබෙන එකම විකල්පය නම් ඊට සාපේක්ෂව ආදායම වැඩි කර ගැනීම බවත් කවුරුන් හෝ දීර්ඝකාලීනව බඩු මිල අඩු කරන බව පවසනවා නම් එය අසත්‍යයක් බවත් ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත් වුවහොත් බරපතල ගැටළු රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (10)

‘‘අයි.එම්.එෆ් ගිවිසුමට ජාත්‍යාන්තර සහාය ඉතා වැදගත්‘‘

Nimal Saturday, 30 December 2023 12:11 AM

ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගැන යෑම මෙරට අනාගතය වෙනුවෙන් ඉතා වැදගත්...!

:       6       3

SAMSaturday, 30 December 2023 06:58 PM

JVP / NPP පක්ෂය කියා සිටින්නේ ඔවුන් බලයට පැමිණි පසු IMF වෙතින් ඉවත් වන බවකි. එසේ වුවහොත් සිදුවන්නේ 70 - 77 යුගය මෙන් රට දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්වීමයි. වර්තමානයේ පවතින සහ දිනපතා සිදුවෙමින් පවතින ගෝලීය ආර්ථික වෙනස්වීම් / භූ දේශපාලන බලතුලනයන් සඳහා රටවල් ගන්නා උත්සාහයන්ට මුහුණ දීමට නම් IMF සමග එක්ව මධ්‍යස්ථව කටයුතු කළයුතුවේ. යම් හෙයකින් රටේ දේශපාලන බලය/පාලනය අන්තවාදී දේශපාලන බලවේගයන් වෙත ලබාදුනහොත් නිසැකවම ශ්‍රී ලංකාවට ආසියානු භූ දේශපාලනයට යටත් වීමට සිදුවනු ඇත. IMF සහයෝගය සහ විස්වාසය නොමැතිව ලංකාවට ඉදිරි ගමනක් නැත... ලෝකයේ වෙනත් රටවලින් සහයෝගය ලබාදෙන්නේද නැත. SJB කියාසිටින්නේ ඔවුන් රජය සමග පවතින IMF යෝජනා නොව, SJB කොන්දේශි සමග ඉදිරියට නැවත IMF සමග ගිවිසුම්ගත වන බවකි. එසේ වුවත් ඔවුන් IMF සමග කිරීමට බලාපොරොත්තු වන්නා වූ SJB හෙළි නොකිරීමද විශේෂත්වයකි...

:       1       0

SAMAN Saturday, 30 December 2023 03:00 AM

රටේ පවතින ආර්ථික ගැටළු හමුවේ ලැබෙන්නා වූ වැටුප ජීවත්වීමට නොහැකි නිසාත්, වැටුප් වැඩිවීමක් නොලැබුණු නිසාත් 25% - 30% වැටුප් වැඩිවීමක් පක්ෂ විපක්ෂ මන්ත්‍රී සියල්ලන්ටම ලබාදෙන ලෙස ප්‍රධාන විපක්ෂයෙන් ඉල්ලා සිටියහොත් එම ඉල්ලීම මහ බැංකුවට ඉටුකළ හැකිද? එසේ වුවහොත් 225 ගැන අනුකම්පා කර මහජනතාව නිහඬව සිටීවි.

:       3       5

ChathuriSaturday, 30 December 2023 04:58 PM

නැහැ !!! මහජනතාව කොහොමවත් නිහඬව ඉන්නේ නැහැ... අනික 225 ගැන අනුකම්පා කරන්නේත් නැහැ... ඔවුන්ව අහුවුණු තැන මරාගෙන කනවා...

:       0       8

kumar Saturday, 30 December 2023 07:03 AM

හෙණම ගහන්න ඕනේ...!

:       1       9

NiraSunday, 31 December 2023 08:57 AM

කිසිම වුවමනාවක් නෑ... හොරාකාපු සල්ලි ගන්න...!

:       0       1

චන්දන Saturday, 30 December 2023 07:12 AM

තමුන් අපිට වඩා ආර්ථික විශේෂඥයෙක් බව ඇත්ත. නමුත් ලංකාව වැනි කෘෂි ආර්ථිකය ගොඩනගන්න පුළුවන්රටක ඔබ යෝජනා කර ක්‍රියාත්මක කරන වැඩ පිලිවෙළ කියලා තියෙනවාද? එකම පිළියම ණය ගැනීම විතරක් බවයි පේන්නේ. මේ වනවිට බදු ගැහිල්ල ජයටම කරනවා. ඒත් රටේ ආදායම ඒකෙන් වැඩි වෙනවාද? ඇතුළේම කෙනෙක් වැඩිපුර ණය වෙන එක විතරයි. විදෙස් විනිමය ලංකාවට ගේන්න යොදපු වැඩ පිළිවෙළ කියන්න. ඒකයි වැදගත්. මේ වෙනතුරු විදෙස් විනිමය ගේන්න කිසිම යෝජනාවක්නැහැ. එළවළු ටිකත් දැන් රටින් ගේනවා... ලංකාවට අනාගතයක් තියේද? ඉහළ වෘත්තිකයින්රට හැර යනකොට රටට හොඳද? ඒක වළක්වා ගන්න තියෙන උපාය මාර්ග මොනවාද...?

:       3       13

Lal Saturday, 30 December 2023 09:26 AM

JVP රජයක් යටතේ IMF මාරයා නවතා දමමු...

:       5       8

samanSaturday, 30 December 2023 04:48 PM

ඊට පස්සේ ගේන්නේ තුවක්කු මාරයාද?

:       7       2

anura Sunday, 31 December 2023 10:20 PM

අනේ පලයන් පිස්සු මෝඩයා. අයි එම් එෆ් එක කියපු දේවල් නොවෙයි තොපි අයි එම් එෆ් එකට යෝජනා කරපු දේවල් තමයි රට ඇතුලත ටක්ස් වැඩිකිරීම ආදිය ..එක අහපු ගමන් උන් සතුටුවුණා, ඌරගේ මාළු ඌරගේ පිටේ තියලා කපුවාලු. තමුසෙත් හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 324 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 198 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂාව ඉවතට
2024 ඔක්තෝබර් මස 06 3027 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 156 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 850 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 721 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39203 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25604 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site