(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම සංවෙිදී තැන් ඇතැයි කියමින් සඟවන්නේ ඇයි දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) ප්‍රශ්න කළේය.
එම ගිවිසුම වහා ලබාදෙන්නැ යි ද ඒ ගැන පාර්ලිමේන්තු විවාදයක් කිරීමට බලාපොරොත්තු වෙන බව ද කිරිඇල්ල මහතා කීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
පසුගිය පාර්ලිමේන්තු සතියේදී මම කථානායකතුමාගෙන් ඉල්ලීමක් කළා.එවැනි ගිවිසුමක් නැතැයි රජය කියනවා.නමුත් අලි සබ්රි ඇමතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගිහින් කිව්වා ගිවිසුමක් තියෙනවා කියලා. අපිට පෙන්වන්නේ නැතිව ගිවිසුමක් අත්සන් කළාට අපි පිළිගන්නේ නෑ. ඔබතුමා ජනාධිපතිතුමාට කතා කළාද?
කථානායක මහින්ද යාපා අබේවර්ධන - නෑ මට ජනාධිපතිතුමා මුණ ගැසුනේ නෑ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා :-
ව්‍යවස්ථාව අනුව මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. කාගෙන්වත් අහන්න ඕන නෑ. අපිට තොරතුරු දෙන්නේ නැතිව කළොත් ඒකේ වගකීම භාර ගන්න ඕන. ආයෙත් අපේ සහයෝගය ඉල්ලන්න එපා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-
අපි ඇත්තටම සංවේදී කාරණා ඉල්ලන්නේ නෑ. නමුත් කුමන දිශාවටද අපි ගමන් කරන්නේ? මොකක්ද ඔබලා ණය හිමියන්ට කියන්න යන්නේ? ඒක අපි දැනුවත් වුනොත් වඩා හොඳයි.
ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා:-
අවශ්‍ය තොරතුරු අපිට දෙන්න පුලුවන්. කිසිදෙයක් හංගන්න නෑ. මුදල් ඇමතිතුමා ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර පාර්ලිමේන්තුවට හෙළි කරයි.
වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා:-
අපි මේ සම්බන්ධයෙන් කිසිදු කාරණයක් සගවන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අවසාන එකඟතා වලට අපි පැමිණියාට පසු මේ සභාව දැනුවත් කරන්න කටයුතු කරනවා.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයි එම් එෆ් ගිවිසුම පෙන්වන්නැයි පාර්ලිමේන්තුවේ පටලැවිල්ලක්