IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අයි.එම්.එෆ් ගිවිසුම යළි සාකච්ඡා කළොත් ආර්ථිකය වැටෙනවා

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවල පැවසුවද එවැන්නක් සිදු කිරීමට යාමෙන්  වන්නේ රටට ලැබීමට තිබෙන  මුදල් අහිමිව නැවත රටේ ආර්ථිකය කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, චීන එක්සිම් බැංකුව සහ තවත් රටවල් 17ක් සමඟ ගිවිසුම්ගතව ලබාගත හැකි සියලු සහන ලබාගෙන ඇති බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව කීවෙි  සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති හමුවේදීය.

"දේශයේ අනාගතය ගොඩනැංවීම" යන තේමාව යටතේ සංවිධානය කර තිබු මෙම හමුවේ ප්‍රධාන දේශනය මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා විසින් සිදු කරනු ලැබීය.



අදහස් (13)

අයි.එම්.එෆ් ගිවිසුම යළි සාකච්ඡා කළොත් ආර්ථිකය වැටෙනවා

සෞදි-සිංහ Thursday, 22 August 2024 02:25 PM

සාකච්ඡා කරහම ආර්ථිකේ වැටෙනවා කියලා ඇහුවමයි. මාරයි නේද?

:       88       124

Achini Thursday, 22 August 2024 02:29 PM

ඔබ ඒ ගැන කරදර විය යුතු නැත. ඔබ 2015 දී මහ බැංකුව පිරිසිදු කළා

:       85       107

Shaf Thursday, 22 August 2024 02:30 PM

මහ බැංකුව කොල්ලකෑමෙන් පසු ආර්ථිකය ගැන කතා කරන ආර්ථික ව්‍යසනය

:       82       99

Chandima Thursday, 22 August 2024 02:42 PM

මේ මිනිහට මොලේ අවුල් වෙලා වගේ

:       80       94

සෙනෙවිරත්න Thursday, 22 August 2024 02:51 PM

ම⁣ට සහ අපිට විතරමයි කරන්‍න පුලුවන් , අපට විතරයි ඉංග්‍රීසි පුලුවන් , අපට විතරමයි ජාත්‍යන්තරය සලකන්නෙ, අපි විතරයි ජාත්‍යන්තරය දන්නෙ, එහෙමයි මෙතුමත් එයාගෙ කණ්ඩායමත් ⁣බංකලොත් ලොම් හැලිච්ච පොහොට්ටු සෙට් එකත් වජිරත් එයාගෙ සෙට් එකත් හිතාගෙන ඉන්නෙ. අපිට ඕක පිළිගන්න තිබුනා ඔය කියන හැකියාවෙන් හරියට වැඩක් ගත්තා නම්. කලේ ණය ගැනීමත් තිබුන දෙයක් විකිනීමත්, තමන්ගෙ ගෝල බාලයන්ට හම්බ කරගන්න ඉඩ දීමත් විතරයි. ඒක දැන් හුඟ දෙනෙකුට වැ⁣ටහිලා, මේ පාර ඔය සියල්ල වෙනස් වෙයි.

:       79       76

Rohana Thursday, 22 August 2024 02:54 PM

වෙනත් ආණ්ඩුවකින් අයිඑම්එ‍්ෆ් සමඟ සාකච්ඡා කලොත් ආර්ථිකය වැටෙනවා කියලා රනිල් දැන්ම කියන්නේ කොහොමද? පේනයක්වත් බැලුවද ?

:       20       65

Prabha Thursday, 22 August 2024 03:01 PM

මෙයා අපිව බව කරලා ඡන්දේ ගන්න වගේ හදන්නේ

:       21       70

ජනරළ Thursday, 22 August 2024 03:48 PM

ඔයා බය වෙන්න එපා සීයේ. අපි ඒක ළඟදීම IMF අහලා ඔයාටම පෙන්නන්නම් ඕවා බොරු මනස්ගාත කතා කියලා...!

:       4       13

ranjith Thursday, 22 August 2024 04:28 PM

හිඟාකාලා පුරුද්ද ඇරුණාම වෙනත් විකල්පයක් නැහැ. ජනතාව මුලා කරනවා ඡන්ද ගන්න.

:       4       17

චන්දදාස Thursday, 22 August 2024 04:50 PM

කාටවත් බැරිද මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්න...? මේ කරන්නේ තර්ජනය කිරීම හා බියවැද්දීම...

:       4       20

Third Eye Thursday, 22 August 2024 04:59 PM

ඇයි අයි එම් එ‌fප් එකටත් කෑල්ලක් දෙන්න පොරොන්දු වෙලාද? සාකච්ඡා කරනවාට ඔය තරම් බය...?

:       4       20

අශෝක Thursday, 22 August 2024 06:00 PM

රනිල් කැමති නැහැ IMF එකට පාඩු වෙනවාට, මේ මනුස්සයා ඒකේ ඒජන්ත කෙනෙක් වගේ හැසිරෙන්නේ...!

:       4       20

සොරිසේන Thursday, 22 August 2024 11:32 PM

මෙයාට ඇති ආර්ථික දැක්මක් නැහැ... දන්නේ හිඟා කන්න විතරයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 71 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 281 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 24 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 660 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 668 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 14156 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19799 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 154 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site