IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කරන බව කීම ගොනාට ඇන්දීමක්

(අංජුල මහික වීරරත්න සහ සහ සුජිත් හේවාජුලිගේ)

ජනවරමක් ලබාගැනීමෙන් පසු  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන බවට පොරොන්දු ලබා දෙමින් ඇතැම් පක්ෂ නායකයින් ජනතාව ඇන්දවීම පදනම් විරහිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය. 

බදු අඩු කර රාජ්‍ය ආදායම අඩු කරගනිමින් රටක් වශයෙන් ඉදිරියට යා හැකි ක්‍රමවේදය කවරක් ද යන්න ජනතාවට ඔවුන් විසින් පැහැදිලි කල යුතු බවද අමාත්‍යවරයා සදහන් කළේය. 

මේ වනවිට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රතිපත්තිය සම්පාදනය කොට අවසන් බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන එන බවත් රාජ්‍ය  ආයතන ලාභදායි තරඟකාරී සහ ජාත්‍යන්තරයට මුහුණ දිය හැකි තත්ත්වයකට ගෙන ඒම සඳහා අවශ්‍ය පිළියම් යොදන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 



අදහස් (9)

අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කරන බව කීම ගොනාට ඇන්දීමක්

විජේ Monday, 13 May 2024 05:21 PM

අදායම වැඩිකරගන්න ඕනේ නම් මහජන බැංකුව හෙංචයියන්ගෙන් කපා ඇරපු බී 54 අයකර ගන්න. සුරා බදු බි 6-7 අය කරගන්න. මත්පැන් බලපත්‍ර මන්ත්‍රීන්ට නොදී ඍජුව ලබාදීම මගින් මන්ත්‍රීලාට යන කොමිස් එක රජයට ගන්න. වීසා දෙන එක මොබිටෙල් එකට දී එක ඉතුරු කර ගන්න. ටොයිලට් එකක් විවෘත කරන එකටත් පිං ජනපති හෙලිකොප්ටර් එකේ යවන එක නවත්වන්න. එක හෙලිකොප්ටරේ යන්න ඕනේ එකට 4ක් යවන එක නවත්වන්න. අරගල කාලේ කළා වගේ ඔබතුමාලා ගාඩ් නැතුව සැහැල්ලු වාහනවල යන්න....

:       10       45

Dhanushka Monday, 13 May 2024 05:25 PM

ක්‍රමවේදය තමා හොරා නොකා රට කරගෙන යන එක.. හොරා කාලා හොරා කාලා රට බන්කොලොත් කරපු එකට අපිද පලි? හොරා කාපු අයව හිරේ දාලා ඒවා මුලින්ම ආපහු අරගෙන ඉන්න.. එතකොට ලේසියෙන්ම බදු අඩු කරන්න පුළුවන්..

:       10       45

මහේන්ද්‍ර Monday, 13 May 2024 05:35 PM

දැනූත් අපිව අන්දලා තියෙන්නේ ගොනාට තමයි.

:       0       1

nimal Monday, 13 May 2024 06:11 PM

විවිධ සමාගම් සහ ආයතන ඇතුළු පුද්ගලයින් 4479ක් රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ගණනින් බදු මුදල් රජයට පැහැර හැර ඇති බවට තොරතුරු අධ්‍යයනවලදී පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පැවසීය. ඊට මත්පැන් නිෂ්පාදන ආයතන රැසක්ද ඇතුළත් වනබව පැවසූ හෙතෙම මෙම පිරිසෙන් කෝටියේ සිට එක්කෝටි පනස් ලක්ෂය දක්වා බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 3108 ක් බවද ප්‍රකාශ කළේය. කෝටි පහේ සිට කෝටි දහය දක්වා මුදලින් බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 632ක් බවත් රුපියල් කෝටි දහයේ සිට කෝටි 30 දක්වා බදු මුදල් පැහැර හැර ඇති ඇති සංඛ්‍යාව 457 ක් බවත් මහාචාර්යවරයා කීවේය. රුපියල් කෝටි තිහේ සිට රුපියල් කෝටි පනහ දක්වා බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 104කි. රුපියල් කෝටි පනහේ සිට කෝටි සියය දක්වා බදු මුදල් පැහැර ඇති සංඛ්‍යාව 88ක් බවත් කෝටි 100ට වැඩි ගණනින් බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 90 ක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

:       0       0

CHANDIMA Monday, 13 May 2024 08:43 PM

මේ තරම් කාලයක් මීහරකට ඇඳපු එකේ ඕකත් කජ්ජක්ද ?ගොනා මීහරකට වඩා හොඳයි .කෑ නොගහා මාරු වෙන්න

:       1       9

CHANDIMA Monday, 13 May 2024 11:05 PM

ප්‍රතිව්‍යුහ මුවාවෙන් යන්න ඔන්න මෙන්න කියලා රටේ සම්පත් විකුනලා යන්න නේද හදන්නේ ?

:       2       9

Vithana Tuesday, 14 May 2024 04:47 AM

දනුෂ්ක ළමයෝ ඔය හොරා කෑවා හොරා කෑවා කියන ඝෝෂාව බොරුවක් බව ඔයාට තවම තේරිලා නැද්ද. ඔය ඝෝෂාව කරන අයට හොරු අල්ලන බලය දීලා තියෙද්දිත් අල්ලපු එක හොරෙක් ඉන්නවද? අඩු ගානේ එකම එක සාක්ෂියක්වත් හොයා ගන්න පුළුවන් උනාද? මම තේරුම් ගත්තු විදියට ඔය ඝෝෂාව නගන අය තමයි හොඳටම හොරකම් කරලා තියෙන්නේ. ඒක නිසා තමයි එයාලගේ පක්ෂෙට සල්ලි එන විදිය කියන්න අකමැති සහ ඒ අරමුදල විඝණනය කරනවට විරුද්ද. නිකන් රැල්ලට රැවටෙන්න එපා. රැලි වලට රැවටිලා කරගත්තු විනාශය මෙච්චර ඉක්මනට අමතක උනේ කොහොමද?

:       10       4

Rata Perata Tuesday, 14 May 2024 11:35 AM

මී හරකෙක් ගොඩට ඇඳීම ගැන කතා කරනවා

:       1       3

Gamini Tuesday, 14 May 2024 11:57 AM

ඔයා වලව්වෙ ඉදුල් කන විතාන නේද

:       2       3

ඔබේ අදහස් එවන්න

දියත

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 0 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 14 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 273 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 583 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 427 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 328 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site