(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම පිළිබඳ කිසිදු කරුණක් ජනතාවට වසන් කිරීමේ උවමනාවක් රජයට නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඊට අදාළ ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව ඒ සම්බන්ධ සියලු කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
කවුරුන් හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ආණ්ඩුව අත්සන් කරන ගිවිසුමේ ඇති කොන්දේසිවලට විරුද්ධ ඒ වෙනුවට කළ හැක්කේ කුමන්දැයි තනි තනි දේශපාලන පක්ෂය දරණ මතය පාර්ලිමේන්තුවේ සටහන් කරලා තැබීම වැදගත් බව කී ඇමතිවරයා එවැනි ඡන්ද විමසීමක් කළත් වැදගත් යැයි තමන් පුද්ගලිකව සිතන බව ද කීවේය.
ශ්‍රී ලංකාව මීට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රවටා ඇතැයි කී බන්දුල ගුණවර්ධන මහතා එම අවස්ථාවල එකඟ වූ කොන්දේසි ඉන්පසු ඉටුකර නොමැති බවත්, මෙවර එසේ වුවහොත් රට මීට වඩා දරුණු අගාධයකට පත්වන බව ද පැවසීය.
එබැවින් මෙම අවස්ථාවේදී දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරව රට පිළිබඳ ජාතික එකඟතාවයක් ඇති කරගැනීම වැදගත් යැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ
විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අයි.එම්.එෆ් ගිවිසුම හංගන්නේ නෑ
විපරමා Tuesday, 21 March 2023 03:57 PM
දේසපාලුවෝ කවද්ද ජනතාවට ඇත්තක් කිව්වේ? බොරු බේගල් ගහලා,නයා පෙන්නලා ජනතාව අන්දවපු එකනේ කෙරුවේ ?
ravin Tuesday, 21 March 2023 04:12 PM
ගිවිසුම හංගන්න එපා. අපි එකඟයි. හැබැයි හොරු ටික හැංගුණොත් නරකද? නැතිනම් අයි.එම්.එෆ් එක්ක එකතුවෙලා එලවන්නද?
චන්දිම ෆොන්සේකා Tuesday, 21 March 2023 05:20 PM
මේ යෝදයා දන්නා මල කෙහෙම්මලක් නැහැ. බොරුවට ආර්ථික ඔස්තාර් කෙනෙක් වගේ පෙන්නාගෙන නිකම් පච කෙලකෙල ඉන්න හදන හොරෙක්.
බූරුකටා Wednesday, 22 March 2023 02:04 PM
බන්දුල මහත්තයෝ ඔයා නිකන් කටපියාගෙන ඉන්නවද. මොනවද ඔබතුමා දාන්නේ කියන්නකෝ. ඔබතුමා දන්නෙත් නෑ පාලකයෝ ගන්න තීරණ, පාලකයෝ කරන්නේ මොනවද කියලා දන්නෙත් නෑ. ඔහේ පච කෙල, කෙල ඉන්නවා. තව පොඩි කාලයක් ඔහොම යමු. ඇත්ත කියන්න ඔබතුමාටවත් අයි.එම්.එෆ් ගිවිසුම ගැන තොරතුරු දීලා නැහැනේ.