IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අයි.එම්.එෆ් නියෝජිතයෝ ජනපති හමුවෙති

(ඩයනා උදයංගනී)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පත් කර සිටින නියෝජිත පිරිස අද (24) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූහ.

සතියක කාලයක් මෙරට රැඳී සිටින නියෝජිත පිරිස පසුගිය දිනවල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු ආර්ථික බලධාරීන් හා විශේෂඥයන් සමග පැවැත්වූ සාකච්ඡා සහ වත්මන් තත්වය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළහ.

පවතින දුෂ්කර අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකාවට සහායවීමට අපේක්ෂා කරන බව එම නියෝජිත පිරිස ජනාධිපතිවරයා හමුවේ කියා සිටියහ.

පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට සහාය වීම සම්බන්ධයෙන් එම නියෝජිත පිරිසට සිය ස්තූතිය පළ කළේය.

එම නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹීමට අදාළ සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ දීර්ඝ අධ්‍යයනයට ලක් කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බෲවර්, මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි, නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිදානු සෙට්යාවන්, ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය  අධ්‍යක්ෂ ඈන් මාරි ගුල්ඩේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය සී. අමරසේකර හා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, නියෝජ්‍ය මුදල් ලේකම් එම්.එස්.එස්. සමන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (5)

අයි.එම්.එෆ් නියෝජිතයෝ ජනපති හමුවෙති

ප්‍රියන්ත Friday, 24 June 2022 08:21 PM

ජනාධිපතිතුමා IMF එකට එහෙම උපදෙස් දීලා නැද්ද?

:       1       26

MudithaSaturday, 25 June 2022 01:30 AM

පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කළ ජනාධිපතිවරයා...

:       0       5

බද්රානි Friday, 24 June 2022 08:41 PM

ඔය මුදල් ලැබුණත් ඉතින් "අබ සරණම" තමයි. වඳවීමට නියමිත මේ හොර තක්කඩි ජාතිය, අයි.එම්.එෆ්. එකට නෙමේ, සක්කරයාටවත් ගොඩගන්න බැහැ. හොරු රජකරන, ශාප ලත් දේශයක් මේක...!

:       1       5

SENA Friday, 24 June 2022 10:07 PM

2020 වසරේදී IMF වෙතින් රජය සහයෝගය ලබාගත්තේ නම් පෝලිම් යුගයක් නිර්මාණය වන්නේ නැත...!

:       1       3

Rohana Saturday, 25 June 2022 07:09 AM

IMF සමග සාකච්ඡා කරන දේවල් ජනාධිපතිට තේරුම් ගන්න පුළුවන්ද කියලා සැකයි.

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1161 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2721 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 17 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 656 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 434 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1386 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 627 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site