IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අයි.එම්.එෆ්. සාකච්ඡා එකඟතාවකට

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර  මූලික එකඟතාවයක් ඇති වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

මූලික එකඟතාවය ඇති කර ගැනීම සම්බන්ධයෙන් නිල නිවේදනය හෙට (01) සිදු කිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.

දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3 ක ණය මුදලක් අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.  

මේ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශක වරයාගෙන් සහ ශ්‍රී ලංකා රජයෙන් විමසීමක් කර ඇතත් ඒ පිළිබඳ ප්‍රතිචාරයක් නොලැබුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට ණය මුදලක් ලබා දීම සඳහා කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹීමට මූලික එකඟතාවයක් ඇති කර ගත් පසු එය විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කරන අතර විධායක මණ්ඩලය අනුමැතිය ලබා දුන් පසු එම රටට ලබා දෙන ණය මුදල නිදහස් කිරීම ආරම්භ කරයි.

මේ පිළිබඳ මාධ්‍ය කළ විමසීමකදී තවමත් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා අවසන් නොමැති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්  ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය එක් දිනකින් දීර්ඝ කළ බව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ  මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහත්වරුන් ප්‍රකාශ කර තිබේ.   

 



අදහස් (0)

අයි.එම්.එෆ්. සාකච්ඡා එකඟතාවකට

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 359 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 145 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 459 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 44 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 338 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2019 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site