(විමුක්ති එස් රුද්‍රිගු සහ අංජුල මහීක වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහි ලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය විමසා බැලීම සඳහා පැවැති සිව්වැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි බව එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් අද පැවැසුවේය.
කාර්ය මණ්ඩල එකඟතාවට විධායක කමිටුවේ අනුමැතිය ලැබුණු පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලේ පස්වැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 344 ක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
මෙරට ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව කාර්යමණ්ඩල එකඟතාවයකට පැමිණි බවත් අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය සතුටුදායක බවත් එම අරමුදල පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත අර්බුදයට පෙර පැවති මට්ටම දක්වා යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා රජයේ ආදායම ඉහළ යමින් , නිල විදෙස් සංචිත ගොඩනැගෙමින් පවතින බවත් ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වූ ආකාරයෙන් ක්‍රියාත්මක වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වීමට ඉතාමත් ආසන්න බවත් වඩාත් වැදගත්ම කාරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදුන් අරමුදල් වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටීම බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේය.
කෙසේ නමුත් ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවය ශ්‍රී ලංකාවේ ආර්ථිකය විශාල බලපෑමක් එල්ල කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
ඉන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම ඇස්තමේන්තු කිරීමට මෙන්ම ජාත්‍යන්තර මූල්‍යය අරමුදල මෙරටට ලබාදී ඇති අර මුදල් වැඩසටහනේ පරාමිතීන් තුළ සිට එම බලපෑම් ආමන්ත්‍රණය කිරීමට ප්‍රතිපත්තිමය ප්‍රතිචාර සූදානම් කිරීමට එහිදී ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය එක්ව කටයුතු කරනු ඇති බව එම අරමුදල සඳහන් කළේය.
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
Indrajith Fernando Friday, 25 April 2025 08:23 PM
හොඳ පුවතක්...
Neel Friday, 25 April 2025 11:01 PM
අනුර කුමාර දිසානායක ජනාධිපති ඇතුළුව ආණ්ඩුව රට ස්ථාවර කළ නිසා මේ හැම දෙයක්ම ලංකාවට ලැබෙනවා.
Kamal Saturday, 26 April 2025 12:19 AM
ලප කොටා පොරබදලා පොරබදලා වාරිකය ගත්තා. කිව්වොත් ඉතින් ඉර හඳ වගේ කරනවනේ...
Wenura Saturday, 26 April 2025 03:58 AM
2028 ණය ගෙවන්න පටන් ගද්දිත් අනුර හිටියොත් හොඳයි.
Jothi Saturday, 26 April 2025 10:39 AM
Imf එක කියන්නේ ඇමෙරිකානු බූවල්ලෙක් කියලා හීනෙන් විතරක් බොරු නොකියන කෙනෙක් කිව්වා මතකයි.