(රංජිත් රාජපක්ෂ)
අරගලයට සම්බන්ධවී ජනපති මන්ධිරයට අලාභහානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය කළුකැලේ බොනස්ටා ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගිය පොලිසිය එම නිවසේ සැඟව සිටි අරගලයට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජනාධිපති මැදුරට පහර දි අලාභ හානි සිදු කිරිම සම්බන්ධ බව කියන නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු අත්අඩංගුවට ගැනිම සදහා ලබාගත් වරෙන්තුවක් ක්‍රියාත්මක කිරිමට සැකකරුගේ නිවසට ගිය එහි සිටි තවත් තරුණයන් හතර දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එම තරුණයන්ගෙන් ප්‍රශ්න කිරිමේදි අරගලයට සම්බන්ධ පිරිස පොලිසිය අත්අඩංගුවට ගන්නා නිසා සැඟව සිටින බවට අනාවරණය වී ඇත
පසුව එම තරුණයන් සිව්දෙනාද ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බවයි වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
නිවසේ සැගව සිට අත්අඩංගුවට ගත් සැකකරුවන් බිංගිරිය , ගොතටුව , කළුතර සහ නුවරඑලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරගලකරුවෙක් අල්ලන්න ගියාම පහක්ම අසුවෙලා
කිරි පුතා Sunday, 31 July 2022 04:25 PM
අර ඉස්සර පොලීසියට බැන්න විදිහට දැන් බනින්නේ නැද්ද දන්නේ නෑ. පුදුම චණ්ඩි කමක්නේ තිබ්බේ...
Bamunuarachchi Sunday, 31 July 2022 05:44 PM
ඇයි මේ සාමාකාමී අහිංසක, අරගලකරුවන්ට කරදර කරන්නේ? අඬු කැඩුවාට කමක් නැහැ.. කරදර කරන්න එපා...
Lelwala Sunday, 31 July 2022 06:15 PM
මහ ලොකු චණ්ඩි වගේ අරගලකරැවන් පසුගිය කාලය හැසුරුණේ. දැන් හැංගෙන්න තැන් සොයනවා.
Akila Sunday, 31 July 2022 06:33 PM
අරගලයට සහභාගි වුණා කියලා එහෙම අත්අඩංගුවට ගන්න පුළුවන්ද? මේක පුදුම කැලෑ නීතියක්..
UPALI Sunday, 31 July 2022 09:07 PM
කැලෑ නීතිය අවසන් කරන්න තමයි අලුත් ජනාධිපතිතුමා මේ අත්අඩංගුවට ගැනිම් සිදුකරන්නෙ.
Nandasena grMonday, 01 August 2022 07:16 AM
සාමකාමී අරගලයට පැනලා මිලේච්ඡ විදියට ගහපු එක ගැන මුලු ලෝකෙම විරුද්ධ උනා.උඹ මොකද කියන්නේ ? ඒක කැලෑ නීතිය නෙවෙයිද?
sharm warnMonday, 01 August 2022 10:03 AM
අලුත් ජනදිපති තුම..??? කව්ද එ මිනිහට චන්ද දුන්නෙ? ඔයා දුන්නද? අනෙ අපිට නම් මෙ වගෙ කෙනෙක් රටෙ නායකය කරගන්න ඔන වුනේ නැහැ.
BamunuarachchiTuesday, 02 August 2022 07:55 AM
Nandasena කොහෙද හලෝ සාමකාමී අරගලයක් තිබුනේ? රටේ දේපල ගිනිතිබ්බේ, මන්කොල්ලකාවේ, මිනී මැරුවේ සාමකාමී අරගල කාරයෝද? බණ talking අරගල කාරයෝ ගුටි කෑවේ වේ අරගලයේ සියලුදෙනාම නායකයෝ උන නිසා. උගත් බුද්ධිමත් නායකයේක් නැති සෑම ව්‍යාපාරයක්, සටනක්, අරගලයක් කඩා වැටෙනවා . ඒක common sense තිබෙන ඕනෑම කෙනෙක් දන්නවා. උගත් බුද්ධිමත් නායකයේක් සිටියානම් පසු බහින්න ඕනේ වෙලාවේ කියනවා දැන් පසු බහිමු නැවත ආපසු එමු කියලා. එහෙම කලානම් අරගල කාරයෝ ගුටිකන්නේ නැහැ අරගල කාරයෝ ඉවත් කරන්න එන අය රස්තියාදු කරන්නත් තිබුනා. අපි යන්නේ නැහැ කියලා හිටිය කොල්ලෝ හෙමින් පොලුපාර කන හැටි අපි TV එකේ දැක්කා. ඒ ගොන්කම.
SanthuMonday, 01 August 2022 01:12 AM
කැලෑනීතිය අතට අරන් නෙ අරගල කරුවන් අරගල කරන්නෙ. බය නැත්නම් ඇයි හැංගෙන්නෙ.
Janith USA Sunday, 31 July 2022 10:50 PM
මර්දනයට පිළිතුරු දැනටම හම්බවෙලා තියෙනවා නේද ? ලෝක බැංකුව , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල , අන්තර්ජාතික ප්‍රජාව ලංකාවට ණය සහ ආධාර දීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා .... විදේශ ගත අපිත් එක ඩොලරයක් එවන්නේ නැහැ .....
BamunuarachchiTuesday, 02 August 2022 07:29 AM
හලෝ USA කියලා ගහ ගත්තාට ගොන් කතා කියන්න එපා. මර්දනය කලේ අරගල කාරයෝ කියන නමින් කෙරෙන මංකොල්ලකෑම්, මිනීමැරුම්, හොරකම් , රජයේ දේපල විනාස කිරීම් නතර කිරීමයි. මර්දනය කලාම අරගලය නැවතුනා කියන්නේ මොවුන් කර තිබෙන්නේ අරගලයේ නාමයේන් මංකොල්ලකෑම්, මිනීමැරුම්, හොරකම් , රජයේ දේපල විනාස කිරීම් කරපු එකයි. ඒ නිසා නොදන්නා බහුබූත දොඩ වන්න එපා අපි මෙහෙ වැඩ බලාගන්නම්.
Anula Monday, 01 August 2022 09:39 AM
අනවසරයෙන් ඇතුළු වුණු හැමෝම අත්අඩංගුවට ගන්න..! මේ පහත් ක්‍රියාවන් ලංකාව 0 වට වැටී ඇත...!
sharm warn Monday, 01 August 2022 10:05 AM
මිනිස්සු අරගලයට පාරට අවෙ ඇයි කියල වත් නොදන්න කුහකයො මෙච්චර ඉන්නව ද කියල දැක්කම රටෙන් පිට වෙලා යන මිනිස්සු හරි කියල හිතෙනව.. තව මසෙකින් මෙ ඉන්දන ටිකත් නැති වෙලා මෙ වන්දිභට්ටයන්ට තණකොල විතරක් ම කන්න වෙනකොට වත් පියවි සිහියට එයි ද බලමු...
BamunuarachchiTuesday, 02 August 2022 07:10 AM
මෙයා බණ talking අරගල කාරයෝ අරගලයට පාරට අවෙ ඇයි කියල උන්වත් දන්නේ නැහැ. අපෙ පැමිණීමෙන් වෙන්නේ මොකක්ද කියලා දැනගත්තාමයි අරගල කාරයෝ පැදුරටත් නොකියා මාරුඋනේ. අරගල කරන්න ආපු නන්දා මාලනී දැන් කෝ? පෙනේරෙන් හලලා ගල්කැට අයින්කර ගන්නවා වගේ දැන් අරගල කාරයෝ අතර හිටිය කැරලිකාරයෝ, මකොල්ලකාරයෝ, හොරු, තෝරලා හෙමින් හිරබාරයට ගන්නවා. ජේවීපියට උනෙත් ඔය ටිකමයි. ජේවීපිය තේරුම් ගත්ත මිනිස්සු ජේවීපියෙන් අයින් උනා අන්තිමට ජේවීපිය 3% වැටුනා.
BamunuarachchiTuesday, 02 August 2022 03:25 PM
මිනිස්සු අරගලයට පාරට ආවේ ඇයි කියලාවත් නොදන්න මිනිස්සු ඉන්නේ.. ඒ මිනිස්සු අරගලය සතේකට මායිම් නොකළ නිසා. ඒක නොතේරෙන කුහකයින් ඉන්නවානේ නේද? ඒ මිනිස්සු දන්නවා අරගල කළාම රටට ලැබෙන්න තිබෙන ඩොලරයත් නැතිවෙනවා කියලා. කුහකයින් දන්නේ නැහැ අරගල කරන්නේ මොකටද මොනවාද ලැබෙන්නේ කියලා? ඒ කාලේ මහා අරගල කාරයින් පළාත්සභා අපිට එපා කියනකොට පොඩි අරගල කාරයින්... පලාබබා අපිට එපා කියකියා පාරේ ගියා...!