IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අරගලකරුවන්ගෙන් අලුත් පක්ෂයක්

 

(සුජිත් හේවාජුලිගේ )

ජන අරගලයේ නිරත පිරිස්  "ජන අරගලයේ පුරවැසියෝ" නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද (18) බාරදී ඇත.

මැතිවරණ කොමිෂන් සභාවට ගොස්  එම ලියකියවිලි බාරදුන් බව  අරගලකරුවෝ පැවසූහ.

ජන අරගලයේ පුරවැසියෝ පක්ෂයේ  ලේකම් චානක බණ්ඩාර මහතා එහිදී පැවසුවේ  ඇතැම් කල්ලි කණ්ඩායම් අරගලය අපයෝජනය කිරීමට උත්සහ දරුවත් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් දිගටම පෙනී සිටින  බවයි.

කුමන අභියෝග පැමිණියත් රටේ සංවර්ධනය වෙනුවෙන් ජනතාවගේ දියුණුව වෙනුවෙන්  කළ හැකි සෑම දෙයක්ම  ඉටු කරන බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර  ඇතැම් අරගලකරුවන් ජාතික කොඩිය අවභාවිතා කිරිම සහ  පුරාවිද්‍යා ස්ථානවලට  හානි කිරීම සම්බන්ධයෙන් පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයන් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පසුගිය දිනවල ඇතිවූ සිද්ධීන්වලින් ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය ඇතුළු මරමස්ථාන කිහිපයක පෞරාණික භාණ්ඩ රැසකට හානිවී ඇතැයි  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුගියදා තහවුරු කළේය.



අදහස් (13)

අරගලකරුවන්ගෙන් අලුත් පක්ෂයක්

මහසෙන් Monday, 18 July 2022 03:51 PM

අඩුපාඩුවක් සම්පූර්ණ වුණා.

:       3       31

NimalMonday, 18 July 2022 05:58 PM

සාමකාමී ජන අරගලයේ නිරත පිරිස් "ජන අරගලයේ පුරවැසියෝ" නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද (18) බාරදී ඇත. "ජන අරගලයේ පුරවැසියෝ" පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට වාසියට දේශපාලන පක්ෂ මාරුකරන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, චම්පික රණවක සහ වෙනත් අයට අවස්ථාවක් ලබාදෙනවද?

:       11       5

sharm warn Monday, 18 July 2022 03:53 PM

අන්න හරි... හොඳ වැඩක්.. කකුලෙන් අදින්න බලන් ඉන්න... කොළපාට, නිල්පාට, කුරහන් පාට වහල්ලු එතැන නායකත්වයක් නැහැ කියලනේ උඩ පනින්නේ.. හොඳ තීරණයක්...

:       15       31

himali Monday, 18 July 2022 04:09 PM

මැල්කම් රන්ජිත් , ඔමල්තේ රාජ්‍ය බිඳ වැට්ටීමට පෙළඹවීම අනුබල හා කුමන්ත්‍රණය කිරීම හා රාජ්‍ය දේපොළ හිතා මතා අත්පත් කරගැනීමට ජනතාව පෙළඹවීම අනුබල හා කුමන්ත්‍රණය කිරීම මගින් රාජ්‍ය දේපොළ වලට හානි කිරීම මත වහා අත් අඩංගුවට ගන්න .නිතිය සැමට එකසේ වීය යුතුයි.

:       0       0

sampath Monday, 18 July 2022 04:12 PM

මේ බහුපක්ෂ ක්‍රමය අපේ රටට තවත් පිළිලයක්... බ්‍රිතාන්‍යය වගේ ද්විපාර්ශ්වික ක්‍රමය තිබුණා නම් හොඳයි. වාමාංශික සහ දක්ෂිණාංශික කියලා කණ්ඩායම් දෙකක් හැදිලා ඒකේ ඇතුලේ තමන් නියෝජනය වුණා නම් ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. මේකෙන් වෙන්නේ කේවල් කරමින් සිටීම පමණි. අනෙක් අතට පක්ෂවල ව්‍යවස්ථා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි... රට ප්‍රජාතන්ත්‍රවාදී වීමට නම්.

:       0       0

සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 18 July 2022 04:36 PM

දැන් ඉතින් අපි ඊළඟ ආණ්ඩුවේදී රැට්ටයි, බට්ටයි, චුට්ටයිටත් විශ්‍රාම වැටුප් ගෙවන්න එපැයි...!

:       0       0

fairoos Monday, 18 July 2022 05:02 PM

ඊළඟ මැතිවරණයේදී බලමු...

:       1       24

දිලන්තMonday, 18 July 2022 09:51 PM

ඔව් ඔව් එතකොට ජනතා කැමැත්ත කාටද කොහොමද බලන්න පුළුවන්

:       0       0

ganegoda Monday, 18 July 2022 05:40 PM

පක්ෂයේ නමට වැඩිය හොයලා බලන්න ඕනේ කවුද ඔය පක්ෂයේ ඉන්නේ කියලා සහ ප්‍රතිපත්ති මොනවද කියලා. එයාලගේ දක්ෂකම් මොනවද කියලා...

:       0       14

සෑම් Monday, 18 July 2022 06:38 PM

ජන අරගලයත් එහෙනම් විනාසයි. දැන් පුළුවන් ඩීල්වලට යන්න. නියමයි. අළුත් කණ්ඩායමකට පක්ෂවලින් තොර නව මහජන අරගල ව්‍යාපාරයක් පටන් ගන්න වෙයි..

:       7       7

මැක්ස් Monday, 18 July 2022 07:21 PM

උපදේශක තනතුරකට ඇමරිකානු තානාපතිනිය සුදුසු යැයි හැඟේ. නීති උපදේශක විය යුත්තේ නම් සාලිය පීරිස්මය. භාණ්ඩාගාරික වශයෙන් දමිතා පත් කර ගත්තොත් නරකද? අරගලය අතරේ කෝටි ගණනක් පිල්ලි ගහ ගත්තු අය නම් ළං කරගන්න එපා. අරගලයේ පාරිශුද්ධ, අවංක, අකලංක බවට ඒක හොඳ නැහැ...!

:       5       16

Bamunuarachchi Tuesday, 19 July 2022 06:17 AM

මවුන්ට රටක් බාරදෙන මැට්ටෝ රටේ ඉන්නවාද? හැබැයි චන්දේ ඉල්ලන එක හොන්දයි ජේවීපී චන්ද ටික කැඩෙනවා.

:       0       0

ජෝන් සීනා Tuesday, 19 July 2022 10:23 AM

යස අපූරු 'නිර්පාක්ෂික' අරගලය....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 1 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 78 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 87 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 157 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2549 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1795 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 312 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1739 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site