(යොහාන් භාසුර)
ව්‍යවස්ථාවේ ආරක්‍ෂකයෙක් ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහ එම ව්‍යවස්ථාවට ඇතුළත් භාෂණය සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය බියගුළු සහ නිවට ප්‍රහාරය හරහා අභියෝගයට ලක්කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා අද පැවසීය.
වර්තමාන පාර්ලිමේන්තුව තුළ ජනමතය නියෝජනය නොවන නිසා ආණ්ඩුවේ මර්දනයට විරුද්ධ සියලුම දේශපාලන පක්‍ෂ සංවිධානය වියයුතු බව ද ඔහු කීවේය.
ජනමතයක් නොමැතිව පස්සා දොරෙන් ජනාධිපති ධූරයට රිංගු පුද්ගලයකු ජනතාව මර්දනයට සැළසුම් සකස් කරමින් සිටින බව කී ගුණරත්නම් මහතා මර්දනයට බියවී පළා නොගොස් සංවිධානය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ගාලුමුවදොර අරගලයට අද අලුයම එල්ල වූ ප්‍රහාරයට සහභාගි වූ ආරක්‍ෂක අංශවල යැයි කියාගත් පුද්ගලයන් මුහුණු ආවරණය කරමින් හඳුනාගත නොහැකි වන ලෙස වෙස්වලාගෙන ප්‍රහාරය එල්ල කළ බවත් එහිදී සමහර ආරක්‍ෂ අංශ සමාජිකයන් වෙස්වලාගත් පුද්ගලයන්ගේ චිරස්ථීන ප්‍රහාර වලක්වන ආකාරය ද දැකගත හැකි බවත් කුමාර් ගුණරත්නම් මහතා කීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘අරගලයට පහරදීම ව්‍යවස්ථාව අභියෝගයට ලක්කිරීමක්‘‘
sl Friday, 22 July 2022 05:25 PM
අනේ, ඔයාලාමනේ ව්‍යවස්ථාවෙන් පත්වුණු ජනාධිපතිලා දෙන්නම යවනවා කියලා නාඩගම් නැටුවේ... රජයේ දේපල අත්පත් කරගෙන, මාසෙකින් රනිල් යවනවා කියපුවාම, රනිල් කටවහගෙන බලන් ඉන්න ඕනෙද කියලද කියන්නේ? ඔයාගේ ඕස්ට්‍රේලියාවේ ඉන්න දරුවන්ට වගේ මෙහෙ දරුවන්ට ඉගෙන ගන්න දෙන්න..
LKFriday, 22 July 2022 06:29 PM
වර්තමාන පාර්ලිමේන්තුව තුළ ජනමතය නියෝජනය වේ. මැතිවරණයකින් පසු තෝරා පත්කරගන්නා ලද කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටියි. යළිත් මැතිවරණයක් පැවැත්වෙන තුරු ඔවුන් සියලුදෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටියි. කුඩා දේශපාලන කණ්ඩායම් විසින් ඔවුන්ටම ආවේණික දේශපාලන මත මගින් රටේ පවතින රජය පෙරලා දැමීමට හෝ ව්‍යවස්ථාවට අභියෝග කළ නොහැක. රටක නීතියක් තිබේ. පෙරටුගාමී, සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් හෝ ජාතික හැඳුනුම්පතෙහි සහ ගමන් බලපත්‍රයේ නම සඳහන් නොයෙල් මුදලිගේ කවුරුන්ද කියා තරුණ අරගලකරුවන් සොයාබැලිය යුතුවේ. කුමාර් ගුණරත්නම් ලංකාව තුළ සමාජවාදී පාලනයක් බිහිකිරීම වෙනුවෙන් අරගල කරණාවිට, නොයෙල් මුදලිගේ දරුවන් ලිබරල් මත දරන්නාවූ ඕස්ට්‍රේලියාව වැනි රටක පදිංචිකර තිබේ.
කිරි පුතා Friday, 22 July 2022 05:33 PM
සියලුම ත්‍රස්තවාදීන් කියන්නේ ත්‍රස්තවාදය නීත්‍යානුකූලය. අනෙක් සියල්ල නීති විරෝධීය කියලයි. ඒ තමයි ත්‍රස්ත න්‍යාය..!
මැක්ස් Friday, 22 July 2022 05:38 PM
ව්‍යවස්ථාව පිට බලය අල්ලන කතාවක් ඔබතුමා කීවා වගේ මතකයි මේ ළඟදි.
රවි Friday, 22 July 2022 05:57 PM
ව්‍යවස්ථාවට පිටින් නේද ඕනෑ කිව්වේ?
මැටි මෝල Friday, 22 July 2022 06:01 PM
ඉස්සරහ තියන කටින් කන දෙය පිටිපස්ස දොරෙන් තමයි කාගෙත් යන්නේ... හැබැයි ඉස්සරහ දොරින් උණ්ඩ පාරක් කෑවොත් හුස්ම තමයි යන්නේ...!
ravin Friday, 22 July 2022 06:05 PM
පෝරියල් එක ළඟට එනකොට රටින් පැනලා ගිය මෙයාගෙ හරි පුරවැසි භාවය පලකරන්නකෝ. ඉස්සෙල්ලා කෙනා වගේ මෙයත් පැනලා යයිද?
Anura Friday, 22 July 2022 06:36 PM
ඕස්ට්‍රේලියාවට ගිහින් තමන්ගේ වැඩක් බලා ගන්නවාද? කොල්ලන්ට පාඩුවේ ඉන්න දීලා...
mahesh Friday, 22 July 2022 07:07 PM
එතකොට ඡන්දෙන් ගෙනාපු ජනාධිපති එළවීම පාර්ලිමේන්තු බහුතරයක් ගෙනාපු ජනාධිපති එළවීම ව්‍යවස්ථාවට මොකක් වගේද? අනේ යන්න මහත්තයෝ...!
BTFriday, 22 July 2022 08:02 PM
කරුණාකර "මහත්තයා" යයි අමතා සැබෑ මහත්වරුන්ට අවමන් නොකරන්න.
bhima Friday, 22 July 2022 07:10 PM
එතකොට ඡන්දෙකින් පත්වෙච්චි ජනාධිපති යවලා ගෙවල් කාලා, මංකොල්ල කාලා ගිනිතියලා මිනිස්සු අමුඅමුවේ පාරේ කපලා මැරිලා ව්‍යවස්ථාවට එකඟයිද ලොකු තැන..
mahesh Friday, 22 July 2022 08:48 PM
හරි මචන්...!
Lelwala Friday, 22 July 2022 09:05 PM
ඕස්ට්‍රේලියාවට ගිහින් නටන නැටුමක් නටාගන්න. මෙහේ තරුණයින් බිල්ලට නොදී...
Bandara Friday, 22 July 2022 11:17 PM
සුනඛ කථා...
baratalks Saturday, 23 July 2022 04:30 AM
මෙතන කමෙන්ට්ස් දමන වැඩි පිරිස මොලය කචල් අය වගේ... මඤ්ඤන්ද කොල්ලෝ? කණ පොඩ්ඩක් පාදගෙන, ඔලුව දෙපාරක් දෙපැත්තට හෙල්ලුවා නම් බඩුම තමයි...
sam Saturday, 23 July 2022 05:44 AM
ඔවා දෙනු පරහට. තමා සම්මතෙහි පිහිටා සිට...
ruwan Saturday, 23 July 2022 06:09 AM
පවුලම ඕස්ට්‍රේලියාවේ මෙයා මෙහෙ ඉඳන් මගුලක් කියවනවා. ඔයාගේ ඕස්ට්‍රේලියාවේ ඉන්න දරුවන්ට වගේ මෙහෙ දරුවන්ට ඉගෙන ගන්න දෙන්න. කාලකණ්ණි වැඩ නොකර..
රොනි Saturday, 23 July 2022 06:58 AM
මෙන්න මෙයාව හිර කරන්න නීතියක් නැතිද? කාලකන්නි.. කොල්ලන් ටික විනාශ කරනවා...
jayasekara Saturday, 23 July 2022 09:47 AM
ඉස්සෙල්ලා තමුන්ගේ රටේ ඉන්න ළමයි ගෙන්නගෙන ඔවුනුත් කොල්ලො කෙල්ලෝ එක්ක අරගලයට යවන්න.. මෙතන බයිලා ගහන්නේ නැතිව...!