
(ඡායාරූප සිරංගිකා ලොකුකරවිට)
(ඩයනා උදයංගනී)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බවට බලකරමින් අද (9) කොළඹදී දැවැන්ත විරෝධතාවට සහභාගී වීම සඳහා විශාල ජනකායක් මේ වන විට කොළඹට ඇදෙන බව අප වාර්තා කරුවෝ පවසති.
‘9 වැනිදා උදේ 9.00ට මුළු රටම කොළඹට’යන තේමාව යටතේ මෙම අරගලය සංවිධානය කර තිබේ
මෙම අරගලය සඳහා සහය දක්වන බවට සමඟි ජන බලවේගය ඇතුළු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ගණනාවක් ප්‍රකාශ කර ඇති අතර, මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් මේ වන විට කොළඹබලා පා ගමනින් ගමන් කරමින සිටිති.
මෙම අරගලයට සහභාගීවීම සඳහා ගම්පහ,රාගම,මීගමුව,කළුතර ආදි විවිධ ප්‍රදේශවල සිට පා ගමනින් අති විශාල ජනයායක් පැමිණෙමින් සිටිති.
මෙම අරගලය ගැන ජනතාව දැනුම්වත් කිරීම හා පවතින තත්වයට විරෝධය පළකිරීම එහි අරමුණ වූ අතර, මහජන පුස්තකාලය අසලට පැමිණි පිරිස එහිදී සම්මන්ත්‍රණයක් ද පැවැත්වූහ. මීට අමතරව කුරුණෑගල සිට කොළඹ දක්වා ද පෙරේදා (7) පා පැදි සවාරියක් ආරම්භ වූ අතර එය අද (9) දිනයේදී කොළඹට ළඟාවීමට නියමිතය.
අරගලයට සහය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමනක් කැලණිය විශ්ව විද්‍යාලයේ සිට කොළඹ දක්වා ඊයේ (8) පැවැත්විණි. භික්‍ෂු සංවිධාන රැසක් එක්ව කොළඹ කොටුවේදී පෙරේදා (7) ත්‍රෛනිකායික භික්‍ෂු සත්‍යග්‍රහයක් ද ආරම්භ කර ඇති අතර, ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිධූරයෙන් ඉවත්විය යුතු බව පවසමින් භික්‍ෂූන් වහන්සේලා පිරිසක් එහි අඛණ්ඩ උපවාසයක් ද ආරම්භ කර තිබේ.
ආගමික පූජකවරුන් සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිසක් මෙම අරගලයට එක්වීම සඳහා වත්තල සිට පෙරේදා (7) පා ගමනක් ආරම්භ කර ඇත.
මහනුවර සිට මේ වන විට දුම්රියක් කොළඹ බලා ධාවනය කරවන අතර අරගලකරුවන් මුදල් ගෙවා එම දුම්රිය වෙන් කරවා ගෙන ඇතැයි ද වාර්තා වෙයි.
ගම්පහ සිට කොළඹට පා ගමනින් (තිලකරත්න දිසානායක)



රාගම සිට කොළඹට (විමුක්ති එස් රුද්‍රිගු)


පිළියන්දල සහ කැස්බෑව (බිමල් ශ්‍යාමන් ජයසිංහ)





ගම්පහ නුවරපාරේ මිරිස්වත්ත හන්දිය (තිලකරත්න දිසානායක)








(ඡායාරූප: ශාන්ත රත්නායක)





2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අරගලයට සහභාගීවීමට මහ ජන ගඟක් කොළඹට
ranjith Saturday, 09 July 2022 10:48 AM
මේ දුර්දාන්ත මහජන පීඩාකාරී ආණ්ඩුව පළවාහැර රට යහපත් මගකට අවතීර්ණ වේවා...!