IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


අරගලය අස්සේ මන්ත්‍රීවරු 43කගේ කරල පැහිලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය  දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ  තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (6)  පැවසීය.

දේපළ  හානිය වෙනුවෙන් වැඩිම මන්දි මුදල ලබාගෙන ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා බව පවසන අමාත්‍යවරයා ඔහු නවකෝටි පනස් නව ලක්ෂයක මුදලක් ලබාගෙන ඇතැයිද සඳහන් කළේය.

සමහරුන් මේ වන්දි ලබාගෙන ඇත්තේ රජයේ නිලධාරීන්ටද බලපෑම් කරමින් බව  ඔහු කීවේය.

සාමාන්‍ය ජනතාව වගා හානියකට ගං වතුරින් කැඩුණු ගේකට වන්දියක් ගැනීමට කොපමණ වෙහෙසක් දරනවාදැයි ප්‍රශ්න කළ අමාත්‍යවරයා ජාතික ජන බලවේගය බලයට ආවේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට බවද ප්‍රකාශ කළේය.

නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ මන්ත්‍රීවරුන් අරගල සමයේ දේපළ හානි වෙනුවෙන් ලබාගත් වන්දි පිළිබඳව තොරතුරු අනාවරණය කරමිනි.

නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය.

බලය අතේ තියෙන අය දේපළ හානි සිදුවූ බව පවසමින්   ගත්තු   වන්දි   ප්‍රමාණ බලන්න.

කපිල අතුකෝරළ මහතා පන්ලක්ෂ හාර දහසක්ද , විමල වීර දිසානායක මහතා රුපියල් පන් ලක්ෂ පනස් දහසක්ද ගීතා කුමාරසිංහ මහත්මිය රුපියල් නවලක්ෂ හැත්තෑ දෙදහසක්ද ජනක  තිස්සකුට්ටිආරච්චි එකොළොස් ලක්ෂ හතළිස්  තුන්දහසක්ද ගුණපාල රත්නසේකර මහතා දාහතර ලක්ෂ දොළොස් දහස් හත්සිය අසූවක්ද  ප්‍රේමනාත් සී දොළවත්ත මහතා ලක්ෂ 23ක්ද ප්‍රියංකර ජයරත්න මහතා විසිතුන් ලක්ෂ හතළිස් අට දහසක්ද සම්පත් අතු කෝරළ මහතා විසිපන් ලක්ෂ හතළිස් හය දහස් හයසිය  දහයක්ද  ජයන්ත කැටගොඩ මහතා විසි අට ලක්ෂ දහ හතර දහස් අට සීයක්ද විමල් වීරවංශ මහතා 2954000ක්ද මහාචාර්ය චන්න ජයසුමන මහතා 3334000ක්ද අකිල එල්ලාවල මහතා 3554550ක්ද චමල් රාජපක්ෂ මහතා 6539374ක්ද චන්දිම වීරක්කොඩි මහතා 6948800 ක්ද අශෝක ප්‍රියන්ත මහතා 7295000ක්ද  සමන් ප්‍රිය හේරත් මහතා ලක්ෂ 105ක්ද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා  ලක්ෂ එකසිය පහක්ද ලබාගෙන තිබෙනවා.

මෙයට අමතරව  රෝහිත අබේගුණවර්ධන මහතා ලක්ෂ 116.4 ක්ද  විශේෂඥ වෛද්‍ය සීතා අරබෙපොල මහත්මිය ලක්ෂ 137.8ක්ද  සහන් ප්‍රදීප් මහතා ලක්ෂ 171.3ක්ද සෙහාන් සේමසිංහ මහතා ලක්ෂ  185.1 ක්ද  ඉන්දික අනුරුද්ධ මහතා ලක්ෂ 195.5ක්ද  මිලාන් ජයතිලක මහතා ලක්ෂ 223ක්ද වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලක්ෂ දෙසිය අසූ එකක්ද දුමින්ද දිසානායක මහතා ලක්ෂ 288ක්ද කනක හේරත් මහතා ලක්ෂ දෙසිය අනූ දෙකක්ද ඩීබී හේරත් මහතා ලක්ෂ 321ක්ද ප්‍රසන්න රණවීර මහතා ලක්ෂ 327ක්ද  ඩබ්ලිව් ඩී වීරසිංහ මහතා  ලක්ෂ 372ක්ද ශාන්ත බණ්ඩාර මහතාලක්ෂ 391ක්ද එස් එම් චන්ද්‍රසේන මහතා  ලක්ෂ 438ක්ද සනත් නිශාන්ත මහතා ලක්ෂ 427ක්ද සිරිපාල ගම්ලත් මහතා ලක්ෂ 509ක්ද අරුන්දික ප්‍රනාන්දු මහතා ලක්ෂ 552ක්ද සුමිත් උඩුකුඹුර මහතා ලක්ෂ 559ක්ද ප්‍රසන්න රණතුංග මහතා ලක්ෂ 561ක්ද කෝකිලා ගුණවර්ධන මහත්මිය  ලක්ෂ පන්සිය අසූහතක්ද මොහාන් පී ද සිල්වා මහතා ලක්ෂ 601  ක්ද  නිමල් ලන්සා මහතා  ලක්ෂ 692ක්ද අලිසබ්‍රි රහීම්  මහතා ලක්ෂ 709ක්ද ගාමිණී ලොකුගේ මහතා  ලක්ෂ 749ක්ද  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලක්ෂ 934ක්ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා රුපියල්  ලක්ෂ 959ක්ද ලබාගෙන තිබෙනවා.

මේ සියලු දෙනා අරගෙන තිබෙනවා එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සිය තිස් හතක්. බලය පාවිච්චි කරලා මේ අය වන්දි ලබා ගත්ත ආකාරය තමයි මේ.ගොවියෙකුට වගාවකට හානියක් වුණොත් ගංවතුරට ගිය අහුවෙලා කෑල්ලක් කැඩිලා ගියොත් වන්දියක් ගන්න කොච්චර අමාරුද. මේ අය රජයේ නිලධාරීන්ටත් බලපෑම් කරලා ගත්තු වන්දි ප්‍රමාණය දැක්කනේ. මේක තමයි අපේ රටේ තිබුණු දේශපාලනය. මේවා තමයි අපි හරවාගෙන යන්නේ.



අදහස් (21)

අරගලය අස්සේ මන්ත්‍රීවරු 43කගේ කරල පැහිලා

Kazi Shajahan Thursday, 06 February 2025 04:39 PM

කොහොමද බෙදාගැනිල්ල, මොවුන්ව පාරෙදි දැක්කාම තවත් ගහන්න තියෙන්නේ... ජනතාවගේ ධනය හොරාකාලා...

:       512       984

KasunThursday, 06 February 2025 06:09 PM

හොරාකෑවා නම් නඩු දාලා නීති මාර්ගෙන් යන්න තිබ්බා නේද ගොබිලෝ...? උඹලා ගිනි තියලා ඉවර වෙලා ඔවුන්ටත් දේපල නැති කරලා මදිවාට තව ගත්තු වන්දියේ තරම කියවන්න එනවා. ඔබලා ඔය කරන දේවල්වල හැටියට ජනතාව ඔබලාට කොහොම සලකයිද දන්නේ නෑ හොඳේ...!

:       459       323

චතුරිThursday, 06 February 2025 07:35 PM

කසුන් වගේ හොරුන්ට කඩේ. මීහරක්ට මේ කියන්නේ... පක්ශ භේදයකින් තොරව. සේරම ටික හොදාගන ගියා නේද? ගෝ ගෝටා ගෝ කියන්න. දැන්... ආණ්ඩු පක්ෂයට දොස් කියන්නේ. මොවුන්ගේ පවුලේ කෙනෙක් ඇති. ගිනි තියලා වන්දි මුදල් ගත්තු. මේ කාලකණ්ණි තවමත් රට ගැන නෙමේ හිතන්නේ. බඩට කුණු දා ගන්නේ. කොහොමද කියන එක.... ලබන ආත්මේ අපා දුක් විඳිනවා. මේවාට වචනෙන් හරි උදවු කරන අය. ඊට වැඩිය දුක් විඳිනවා..

:       385       797

අරවින්ද මොනරවිල Thursday, 06 February 2025 08:06 PM

රාජපක්ෂලා වික්‍රමසිංහ කල්ලියේ සුනක ධාතුවෙන් ඉපදුන එවුන්ට හොදටම රිදිලා තියෙන බව අපි දන්නවා, ඒ නිසා වැඩියෙන් බුරනවා. ඕවා තව ටික කාලයයි තියෙන්නේ කියලා විතරක් මතක තියා ගත්තොත් හොදායි........

:       291       39

මැක්ස් Thursday, 06 February 2025 04:56 PM

මෙම ගිනි තැබීම්වල මූලිකත්වය ගත් පෙරෙට්ටන් සහ ජවිපාවුන්ගේ අරමුදල්වලින් ඒවා පියවා ගත්තා නම් වඩාත් සුදුසුයි...

:       1029       461

බත්කන හරකා Thursday, 06 February 2025 04:58 PM

අපිට මාලිමා ආණ්ඩුවෙන් රතුහාල්, පොල්, ලුණු, බිත්තර අඩුවටම දීපල්ලා. ඒවා මාස තුනට හැදෙන්නේ නැති කතා වැඩක් නෑ. අනික රටට කෙළවුණේ කොහොමද කියලා හොයලා වැඩක් නෑ. මොකද හිටපු දේශපාලකයින්, කොටසක් රාජ්‍ය නිලධාරීන් රටට කළාට වඩා වැඩි හානියක්, අපි වගේ බත්කන ගවයින්, ඔවුන්ට කඩේ ගිහිල්ලා රටට කළා.

:       190       123

Pissu hadenawa Thursday, 06 February 2025 05:04 PM

දෙවියනේ මොවුන් සමහරකගේ දේපල වලට අරගලය නිසා කිසිඳු හානියක් වුනෙත් නම් නැහැ. පට්ට හොරු. කොහොම හරි වන්ගුම ගහලා...

:       315       872

Akila Thursday, 06 February 2025 05:04 PM

රනිල් කියන තක්කඩියාව පොහොට්ටුවේ උන් පත්කරගත්තේ ඕකට තමයි. ඔවුන්ගේ වැඩ හින්දා ඇතිවෙච්චි තෙල් පෝලිම් වල ඉඳලා මැරුණු කිහිප දෙනෙකුත් හිටියා. හැබැයි වන්දි තියා ඒ මිනිස්සුන්ගේ ගෙයකට අඩියක් වත් තිබ්බේ නැහැ...!

:       299       218

ජයරත්න Thursday, 06 February 2025 05:14 PM

නඩුුත්, බඩුත් හාමුදුරුවන්ගේ කීවාලු නේද?

:       271       50

G ajith Thursday, 06 February 2025 05:17 PM

ඔයගොල්ලෝ බලය ලබාගන්න මිනිස්සු උසිගන්වලා ඒ මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් විනාශ කරපු නිසා තමයි... ඒ මිනිස්සු වන්දි අරගෙන තියෙන්නේ ඔයගොල්ලෝ බලය ලබාගන්න... ඒ පහත් වැඩේ නොකළා නම් ඔය කෝටි ගාණම ඉතුරු වෙනවා නේද? දැන් ගත්තු මිනිහාට දොස් කියලා වැඩක් නෑ. ඒ ගන්න පාර කපපු මිනිස්සු තමන්ම හිතන්න ඕනෑ. අපි නේද මේ අපරාධය කළේ කියලා...?

:       1750       305

රම්බොඩ Thursday, 06 February 2025 05:32 PM

අරගලයෙන් වුණේ කරපු අයගෙත් බලයේ හිටි අයගෙත් කරල් පැහිච්චි එක තමයි. මෙලෝ හසරක් නැතිව දඟළපු කොටසක් ඉන්න ඇති අන්තිමට ගෙදර ගිය...

:       211       67

ගුණරත්න Thursday, 06 February 2025 05:38 PM

හරි නම් ඔය පුච්චපු උන්ම ඒවා වල වන්දිය ගෙවන්න ඕනෑ. මොකක් ගන්නද දේපළ විනාශ කළේ? ජෙප්පෝ නම් ඉතින් ඔය විනාශ කිරිල්ල නුපුරුදු කට්ටියක් නෙවෙයි, බස්, තැපැල්, කන්තෝරු, වී ගබඩා, කෘෂිකර්ම කාර්යාල, බස් කෙළවරක් නැති දේපළ විනාශ කළා. මොකක්ද ඒවායින් රටට ලැබුණු සේවය...?

:       800       287

පිටරටවැසියා Thursday, 06 February 2025 05:45 PM

සාමාන්‍ය මිනිසකුට නිවසක් සෑදීමට රජයෙන් අනුමත කරන්නේ උපරිමය ලක්ෂ 25යි. කෝ මේ දශක හතක සුපිරිසිඳු, සෞභාග්‍යමත්, ආශ්චර්යයමත් පාලනයට ආවඩන, පක්ෂ-පාට කරේ තියන් ඉන්න කට්ටිය...?

:       244       576

Hasith Thursday, 06 February 2025 05:47 PM

මේ විදිහට වන්දි මුදල් දෙන්න පුළුවන්ද? කාගේ සල්ලිද? කැරැළි කෝලාහල වුණොත් සාමාන්‍ය මනුස්සයෙක්ට මේ විදිහට වන්දි දෙනවද? කෙහෙළියට, ජොන්ස්ටන්ට ලක්ෂ 900ට වඩා වන්දි ගෙවන්නේ කොහොමද? කෙහෙළියලා බාල බෙහෙත් ගෙනත් මැරුණා. ඇස් අන්ධ වුණු මිනිස්සුන්ටත් ගෙව්වේ ලක්ෂ 20යි. පරිප්පු ඇටේටත් බදුපිට බදු ගහලා අපෙන් හූරාකාලා, මොවුන් හොරාකෑවා මදිවට වන්දි කියලාත් සල්ලි ගසාකාලා.

:       249       360

Lilasena Thursday, 06 February 2025 06:05 PM

අසමජ්ජාති, අවලම් වැඩ කරලා, මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියලා මදිවට තව ලැජ්ජා නැතුව ගත්තු වන්දි ගැන කියවනවා. ගිනි තියන්නේ නැතුව හිටියා නම් ඔය කෝටි ගාණම රටට ඉතුරුයි නේද? තව ජනාධිපති මන්දිරෙයි, අරලියගහ මන්දිරෙයි නැති වෙච්චි, හොරකම් කරපු බඩු වල, පින්තූරවල වටිනාකම කීයද කියලත් කියන්න ඔය එක්කම.

:       179       233

පම්පෝරි ජනක Thursday, 06 February 2025 06:43 PM

ලයිසනයෝ, ඕක ගිහින් නාකි මයිනාටයි, ගෝඨා ගෝ ගමටයි, මයිනා ගෝ ගමටයි ගහන්න ආපු පොහොට්ටුවේ බත් බැලයින්ට කියන්න.. සාමකාමීව මාස ගණනක් තිබ්බ අරගලයට මදාවියෝ ගෙනැල්ලා ගස්සවන්න ගිහින් රටේ මිනිස්සු කුලප්පු කරවලා තමයි ඕක වුනේ... අනික ඔය හැම වන්දි මුදලක්ම අනුමත කරලා දීලා තියෙන්න කිසිම තක්සේරුවක් වත් නැතිව...

:       213       25

Sediris Thursday, 06 February 2025 06:06 PM

ඔය ජවිපයේ මෑතකදී ගිනි තියපුවා. ඔය පොඩ්ඩයි. ඒ කාලේ බස් ගිනි තියපුවා, ට්‍රාන්ස්ෆෝර්ම ගිනි තියපුවා, මිනී මරපුවාගේ වටිනාකම කීයද? අදටත් ඒ මිනිස්සු ඉතුරු වෙලා හිටියා නම් මේ වගේ හාල්පාරුවන් කවදාවත් බලය ගන්නේ නෑ...!

:       265       235

රුවන් Thursday, 06 February 2025 08:14 PM

මෙතන කමෙන්ට් කරන බහුතරයක් දුෂිත දේශපාලුවගේ නෑයෝ, නැත්තං ගෝලයෝ. අපි දන්න හින්දා දන්නවා ලන්සා කියන්නේ කව්ද කියලා.

:       216       17

,ජයන්ත Thursday, 06 February 2025 09:34 PM

ගාල්ලේ රමේෂ් ගෙ ගෙදර තට්ටු 3කට හදලා.. ලක්ෂ 280 පාඩු වුනේ කොහොමද.. දැන් මාළිගාවක් හදල... තාත්තාට තිබුණේ පැරණි ගෙයක් .. ඕන නම් ලක්ෂ 50 උපරිම වැඩිත් එක්ක. සාමාන්‍ය මිනිසුන් කී දෙනකුගෙ ගෙවල් කැඩුනද පහුගිය වැහි කාලේ. ලක්ෂ 10 ගන්න බැරි වුණා . මෙහෙම හදපු ගෙවල්වල වැසි දවස්වල ඉන්න එපා.. හෙන ගහයි.

:       205       166

අරුණි Thursday, 06 February 2025 09:50 PM

සහෝදරවරුනී කියාගෙන ඇවිල්ලා ගෙවල් ගිනිතියලා විතරක් රටට කරලා කරලා තියෙන හානිය සුළුපටු නෑ. පැලවත්තට ලැබෙන එන්.ජී.ඕ අරමුදල් වලින් රජයට මේ මුදල් ලැබිය යුතුයි.

:       138       210

Kamal Thursday, 06 February 2025 11:07 PM

ජෙබයියෝ මිනිස්සු අවුස්සලා ගිනි තියලා බොරු විඳලා බලය ලබාගෙන දැන් එනවා කේළම් කියන්ඩ. රටේ මිනිස්සු දුක් විඳිනවා.

:       160       210

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මෙරට හාස්‍යජනක ව්‍යාපෘතියක් ගැන ඊලෝන් මාස්ක් හෙළි කරයි
2025 පෙබරවාරි මස 07 1291 0

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට පුවත් වාර්තා කිරීමේදී, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා වූ පොදු වූ වචන මාලාවක් ඉගැන්වීම සඳහා ආරම්භ කළ හාස්‍යජනක ව්‍යාපෘතියකට


රජයේ රෝහල්වල බෙහෙත් හිඟයක්
2025 පෙබරවාරි මස 06 539 0

කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ජාතික, දිස්ත්‍රික්, මූලික සහ ප්‍රාදේශීය යන රජයේ රෝහල්වල දැඩි ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බව වෛදවරු සහ රෝහල් කාර්ය මණ්ඩල පවසය


‘පාස්පෝට්’ හදිසියේ ඉල්ලා දැරවන් පීඩනයට දාන්න එපා
2025 පෙබරවාරි මස 06 887 0

හදිසියේ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා පාසල් ක්‍රීඩා සංගම් ඇතුළු පාසල් බලධාරීන් පාසල් දරුවන් යොමු කිරීමෙන් එම දරුවන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නි



නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනපති හමු වෙති
2025 පෙබරවාරි මස 06 475 0

නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපති කාර්යාලයේ දී අද (6) පස්වරුවේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


මූල්‍ය අරමුදල ජනපති හමුවෙයි
2025 පෙබරවාරි මස 06 406 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුද


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 804 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 754 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site