(අංජුල මහික වීරරත්න)
අරගල කරුවන්ට නව නිර්මාණ කිරීම සඳහා නව නිර්මාණ පරිශ්‍රයක් කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණ භූමිය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පැවසීය.
තරුණ ප්‍රජාවගේ හා රාජ්‍ය ව්‍යවසායන්ගේ සහයෙන් මේ පරිශ්‍රයේ ඉදිකරන බව ද සාගල රත්නායක මහතා සඳහන් කළේය.
කලාව, සාහිත්‍ය, තොරතුරු තාක්ෂණය මෙන්ම නිදහසේ හමුවී නිදහසේ අදහස් හුවමාරුකර ගැනීම මෙන්ම සාකච්ඡා පැවැත්වීම සඳහා පසුකම් මෙම පරිශ්‍රයෙහි ස්ථාපිත කරන බව ද සාගල රත්නායක මහතා සඳහන් කළේය.
ඊට අමතරව චිත්‍ර ප්‍රදර්ශන, සංගීත උත්සව පැවැත්විය හැකි ස්ථාන මෙන්ම ආපන ශාලා මෙහි ඉදි කරන බව රත්නායක මහතා සඳහන් කළේය.
තරුණ තරුණියන්ගේ දක්ෂතාවලට ආර්ථිකමය වටිනාකමක් ලබාගත හැකි ස්ථානයක් ලෙස මෙම පරිශ්‍රය ගොඩනගන බව කී රත්නායක මහතා ඊට අදාළ සේවා පහසුකම් රජයෙන් ලබාදීමට කටයුතු කරන බවද කියා සිටියේය.
අරගලයේ නියුතු තරුණ තරුණියන්ගෙන් බහුතරයක් නව අදහස් ඇති නව නිපැයුම් කළ හැකි පිරිසක් බැවින් ඔවුන්ට තම දක්ෂතා මෙහිදී ඔප් නංවාගැනීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද සාගල රත්නායක මහතා කීය.
තරුණ කණ්ඩායමක් තම විරෝධය ත්‍රිමාණ තාක්ෂණයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට යොමු කර අලුත් විරෝධතා සංකල්පයක් ගොඩ නැගූ බව සිහිපත් කළ සාගල රත්නායක මහතා එවැනි නවමු අදහස් ඇති තරුණ තරුණියන්ට මෙම ස්ථානය දක්ෂතා ලෝකයටම පෙන්විය හැකි ස්ථානයක් වනු ඇතැයි ද කියා සිටියේය.
ලෝකයේ බොහෝ රටවල මෙවැනි ස්ථාන තිබෙන බවත් ඒවා නැරඹීමට සංචාරකයන් විශාල සංඛ්‍යාවක් එන බවත් කී එජාප ජාතික සංවිධායකවරයා පාවෙන වෙළෙද සංකීර්ණ භූමියත් එවැනි ස්ථානයක් බවට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරන බව කීවේය.
මෙම ඉදිකිරීම් වලට අදාළ සැලසුම කඩිනමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙන බවද ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ තරුණ කණ්ඩායමක් කොළඹ දී හමුවූ අවස්ථාවේදී සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේය. මෙම සැලසුම සම්බන්ධයෙන් අරගලයේ නිරත තරුණ තරුණියන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී ඊට ඔවුන්ගේ කැමැත්ත පළ වූ බවත් සාගල රත්නායක මහතා වැඩිදුරටත් කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරගලය කළ තරුණ තරුණියන්ට රජයෙන් තෑග්ගක්
sena Tuesday, 13 September 2022 11:57 AM
මොන බොරු වැඩක්ද? අරගල කාරයෝ හිරගෙවල්වල ගාල් කරන්නේ.
randil Tuesday, 13 September 2022 12:35 PM
නුඹලා වගේ මන්ද බුද්ධිකයන් දාන්න වෙනම පිස්සන් කොටුවක් හදමු... ඒ සල්ලිවලින්. ලොකු පිනක් ඒක.
Surain Tuesday, 13 September 2022 12:47 PM
ඔයාලගෙ අර නිතර යන දෙනියායෙ ගෙවල් පැත්තෙන් දෙන්න බැරිද? ඒවා දිහා බලන් අඳින්න පුළුවන්.
SUNIL MILANO Tuesday, 13 September 2022 01:27 PM
මෝඩ චූන් වැඩ කරන්න එපා. ඔය නැවත ඉල්ලගෙන කන්න හදන්නේ. මුන්ට දැනෙන භාෂාවෙන් සලකන්න ඕන. ඒකට හරියන්නේ දෙකේ දෙකේ පොලු.
randilTuesday, 13 September 2022 02:03 PM
පොලුපාරවල් දීලා හදන්නවත් බැරි තමුන්ලා වැනි අය ලැජ්ජාවක් නැතිව මෙහෙමත් කමෙන්ට්ස් දානවනේ...!
de silva Tuesday, 13 September 2022 01:41 PM
අපට තෑගි එපා අලුත් ඡන්දයක් දෙන්න.
de silva Tuesday, 13 September 2022 02:15 PM
අරගලකරුවන් ඉල්ලුවේ රුපියල් 5000 ඒවා... සමෘධි හෝ වෙනත් තෑගි නොවේ.. ඉදිරි අනාගතේ ලංකාවේ සියලු දෙනාටම නිදහසේ රැකියාවක් කරගෙන හම්බ කරගෙන කන්න. නිදහසේ අද්යාපනයක් කරගෙන ජීවත් වෙන්න රටක්.., මානව හිමිකම් ආරක්ෂා කරන රටක්, අලුත් ක්‍රමයක්. ඉදිරියට මේවා නොලැබුනොත් අරගලකරුවන් විසින් රනිල් ප්රමුඛ 134 දෙනාටම බඩකට පුරා තෑගි දේවි.
කිරිපුතා Tuesday, 13 September 2022 02:41 PM
වැඩේ හොඳයි... ඒ විදිහට හිතන අයට. ඔය අරගලය කියලා මොකද්ද කළ අයට අවශ්‍ය පාරට බැහැලා කාලෙකන්න. වෙනනම් දැක්මක් නෑ. රැල්ලට හුුරේ තියනවා...
විපරමා Tuesday, 13 September 2022 02:43 PM
ජනතාව ගොනාට අන්දවන්ඩයි හදන්නේ .ඒවාට රැවටුනු කාලේ දැන් ඉවරයි .
fairoos Tuesday, 13 September 2022 03:07 PM
වහල්ලුන් නන්දසේන වෙනුවෙන් චිත්‍ර ඇන්දා මතකද? ඒකෙ දෙවන කොටසද?
sarath Tuesday, 13 September 2022 05:30 PM
ඔහෙලා දේශපාලනයෙන් සමුගත්තා නම් තරුණ තරුණියන්ට නව නිර්මාණ කර රට ගොඩගන්න කාලය උදාවෙනවා. එයයි කළ යුත්තේ...