(විමුක්ති එස් රුද්‍රිගු)
බංග්ලාදේශ විරෝධතා මෙහෙයවූ "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරයේ නායකයන් දෙදෙනා වන නහීද් ඉස්ලාම් සහ අසීෆ් මහමුද්ට නව අන්තර්වාර රජයේ ඇමතිකම් පිරිනමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
නහීද් ඉස්ලාම්ට තැපැල්, විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයද, අසීෆ් මහමුද්ට යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයද පිරිනමා ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වන නහීද් ඉස්ලාම් සහ අසීෆ් මහමුද් 26 වැනි වියේ පසුවන අතර නව අන්තර්වාර රජයේ ළාබලතම උපදේශකයන් දෙදෙනා ලෙස ඉතිහාස පොත් අතරට එක්විය.
රජයේ රැකියා කෝටාව විරෝධයපාමින් පැවැති විරෝධතවලදී ඔවුන් දෙදෙනා පහරකෑමටද ලක්වූ අතර ඔවුන් විරෝධතා සංවිධානය කිරීම හේතුවෙන් එරට රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවටද පත් වූවේය.
අත් අඩංගුවේ සිටියදී පොලිසියේ බලපෑම මත ඔවුන් "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරයෙන් ඉවත් වන බව වීඩියෝ පටයක් මුදා හරිමින් පැවැසුවේය. නමුත් අත් අඩංගුවෙන් නිදහස් වූ වහාම නැවතත් විරෝධතාවලට නායකත්වය ලබා දීමට කටයුතු කළේය.
එසේම බංග්ලාදේශ නව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක තනතුරේ දිවුරුම් දුන් ආචාර්ය මුහම්මද් යූනුස් නව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අතර ඔහුට ආරක්ෂක අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, විදුලිබල, බලශක්ති සහ ඛනිජ සම්පත් අමාත්‍යාංශය, සහ ජනමාධය අමාත්‍යාංශය ඇතුළුව අමාත්‍යාංශ 27 ක වගකීම පැවැරී ඇත.
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අරගලයේ නායකයන් දෙදෙනකුට ඇමැතිකම්
Binara Saturday, 10 August 2024 12:47 AM
මෙහෙ කෑගහන හොරගලයන්ටත් ඕනෙ මේකම තමයි.
C.K.Lankaputhra Saturday, 10 August 2024 05:04 AM
අරගලයක සැබෑ අරමුණ නිසි දැක්මකින් යුතු නායකයන් කිුයා කරන ආකාරය මෙයින් පෙන්නුම් කරයි. අපේ උන් කිුයා කලේ ..... හිටපියව්, තොපිට කෙලවන්නං කියලයි. හිටපියව්, තොපට කෙලවන්නම්. .
රංබොඩ Saturday, 10 August 2024 10:16 AM
පවතින වාතාවරණය සංහිඳවීම පිණිස මිසක් මෙවැනි අවනීතික සහ විනයක් නැති, මිනිස්සුන්ට පාලන බලයක් දීමට කිසිවෙකුත් ක්‍රියා නොකරනු ඇත. ඔවුන්ට ගොඩනැගූ දෙයක් විනාශ කරනු විනා වෙනත් කිසිවක් කළ නොහැකි වග පසුව කාටත් පසක්වනු ඇති...!
රසිකSunday, 11 August 2024 12:03 PM
ඇත්ත. දීලම බලන්න ඕන අනාගන්න හැටි බලන්න. ඊටපස්සෙ සදහටම එලියෙ. ලංකාවෙත් කටින් වැඩ කරනු යට බලය ලැබුනොත් ඒ ටිකම තමයි