IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අරගලය නිසා ගාලු මුවදොරට ලක්ෂ 49 ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ)

අරගලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර "ගෝඨාගෝගම" අරගල භූමියට රුපියල් ලක්ෂ 49ක පාඩුවක් සිදුවී ඇතැයි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු තක්සේරු වාර්තාවේ දැක්වෙන බව  නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

එම භූමිය නැවත සකස් කිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක්ද  තණ පිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ හතළිස් හත  හමාරක මුදලක්ද  වැය වන බව එම අධිකාරියේ තක්සේරු වාර්තාවේ සඳහන් වේ.

මේ අතර නාගරික සංවර්ධන අධිකාරියට අයත්  ගෝල්ෆේස්  පිටිය ප්‍රදේශයට  සිදුවී ඇති හානියට  අදාල වන්දි අරගල කරුවන් ගෙන් අය කරගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස්දී  ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී සිය ධූරයෙන් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් අරගලකරුවෝ පිරිසක් කොළඹ ගාලුමුවදොර  ප්‍රදේශයේ මාස තුනකට අධික කාලයක්  අනවසරයෙන් රැඳී සිටියහ.

රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු අරගල කරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට අධිකරණය දැනුම් දුන්නේය.

ඒ අනුව ඔවුහු එම ස්ථානයෙන් ඉවත් වූහ.

අරගලකරුවන් රැඳී සිටි භූමි ප්‍රදේශය කොළඹ නගර සභා බල ප්‍රදේශයට අයත් වන අතර නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින්ද ප්‍රකාශයට පත් කරනු ලැබූවකි.

නාගරික සංවර්ධන ප්‍රදේශයට යම් සංවර්ධන කටයුත්තක් හෝ තාවකාලික ඉදිකිරීමක් කරන්නේ නම් 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරිය අධිකාරි සංශෝධන පනතේ 8(ඒ) 1 වගන්තිය ප්‍රකාරව ඒ සඳහා බලපත්‍රයක් ලබාගත යුතු වෙයි.

අරගලකරුවන් එම භූමියේ අනවසර ඉදිකිරීම් රැසක් කර තිබීම හේතුවෙන් පොදු මහජනතාවට නිදහසේ එම ප්‍රදේශය භාවිතා කිරීමට  තිබූ අයිතියටද බාධා සිදු වූ බව පවසන  අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන්  නීතිමය ක්‍රියාමාර්ග  ගැනීමට නාගරික සංවර්ධන අධිකාරියට බලය පැවරී ඇති බවද සඳහන් කළේය.



අදහස් (13)

අරගලය නිසා ගාලු මුවදොරට ලක්ෂ 49 ක පාඩුවක්

dami Monday, 22 August 2022 04:18 PM

ටැමිල් ඩයස්පෝරාවේ නිමලේන්ද්‍රන් උන්නැහේ කියන්නේ සල්ලි පොම්ප කරපු හැටි අරගලේට... ඒ එකවුන්ට් වලින් අයකර ගන්නා අපේ මහජන මුදල් ගන්න එපා...!

:       0       0

විපරමා Monday, 22 August 2022 04:21 PM

බලලෝබි ,බඩගොස්තරවාදි දුශිත දේසපාලුවෝ කරපු මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් රට්ට සිදු කළ පාඩුව,විනාශය මෙතෙක් යයි කිව නොහැක. සවුබාග්‍යයේ දැක්ම පෙන්වන්ඩ ඇවිත් කෙරුවේ ජනතාව මහපාරට ඇදලාදාපු එක. ජනතාවගේ කතිරෙන් බලයට ඇවිත් රටම කාබාසීනියා කෙරුවා .ජනතාවට දැරිය නොහැකි පීඩනය නිසයි අරගල කෙරුවේ?

:       4       48

sharm warnMonday, 22 August 2022 05:25 PM

ඒවා දැන් කාටවත් මතක නෑ. එහෙම ප්‍රශ්න තියෙනවා කියලා කියලත් නෑ. අරගලේ කුණු අවුස්සන එක තමයි කරන්නේ.

:       0       0

samaadi Monday, 22 August 2022 04:25 PM

ලක්ෂ 49 ක් කියන්නේ පාඩුවක් නෙවෙයි.., පොහොට්ටුවෝ මාටියා ගහපු දේවල් මැනලා බැලුවොත් නිමාකරන්න බැරිතරම් ගණන් අලාභහානි මතුවෙයි නේද?

:       0       0

fairoos Monday, 22 August 2022 04:26 PM

ඇරගලය ගෝල් ෆේස් විතරයි අල්ලගෙන හිටියෙ. රටම අල්ලගෙන හිටපු නන්දසේන රටට කරපු හානිය ගනන් බලන්ඩ තාම බැරිවෙලානෙ

:       6       48

BamunuarachchiTuesday, 23 August 2022 07:38 AM

මොකක්ද බොල ඝෝඨාභය රටට කරපු හානිය? බැංකු කැඩුවද, මිනී මැරුවද?

:       0       0

පිටිගල මිලානෝ Monday, 22 August 2022 04:34 PM

රාජපස්සලාව බල්ලා මාක් එකට දාපු එකම ලක්ෂ 49ට වඩා වටිනවනේ….

:       6       48

සඳුන් Monday, 22 August 2022 04:47 PM

කිසිවෙකුත් නොදැක්ක ඩොලර් මිලියන ගණනකින් වන්දි ගෙවපු චීන අසූචි නැවට ගෙවපු මහජන මුදල් අයකර ගන්නේ කාගෙන්ද?

:       0       0

අප්පුහාමි Monday, 22 August 2022 07:20 PM

සීනි හොරකමේ මගෙනුත් හැදුවා නම් මේ ගමන්ම....

:       0       0

Jothi Monday, 22 August 2022 09:59 PM

ඔව්... අරගලයෙන් ලක්ෂ 49ක පාඩුව වගේම අලුත් නිලධාරින් හැටියට ඔබලා සහ ජනපති පත්වුණේ අරගලය නිසා. කන්න දුන්නු අත හපා නොකා කටවහගෙන ඉන්න...!

:       0       0

Santhu Tuesday, 23 August 2022 06:05 AM

දැන් එදාමෙදා තුර ඡායාරූපවලින් කොටස් කොටස් අල්ලන්න පටන් ගනියි. ගියඅය සල්ලි සූදානම් කරන් ඉන්න වන්දි ගෙවන්න.

:       0       0

ලමය Tuesday, 23 August 2022 06:52 AM

රටට නම් ලොකු වාසියක් වුනා මයිනයි ගොඨයි ඇරලා , 134 අදිපතිත් ලඟදිම කනවා , බලාගෙන ඉන්න

:       0       0

Dayan Tuesday, 23 August 2022 10:17 AM

අරගලයේ ඉපැයීම් රුපියල් බිලියන 49කට වැඩියි. අරගලය නැත්නම් කීයෙන් කීදෙනෙක් ඉන්ධන පෝලිම් වල, ගෑස් පෝලිම් වල කාලය නාස්ති කරනවාද? කරුණාකර එහි ඉතිරි කිරීම් ගණනය කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2109 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 497 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1012 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5604 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 737 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4485 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site