IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


අරගල ක්‍රියාකාරි පැතුම් කර්නර් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් නැමැත්තා අද අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ඔහු ඉකුත් 18 වෙනි දින  කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි.

පැතුම් කරනර් නැමැත්තා බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ තැන තැන රැඳී සිටිමින් ජනතාවට එම ස්ථානයට පැමිනෙන ලෙස විවිධ ක්‍රම ඔස්සේ දැනුම් දෙමින් එහි සිටි පිරිස සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යොදා තිබූ මාර්ග බාධක බිඳ හෙළීමට මෙහෙයවමින් කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.

එහිදී විරෝධතාකරුවන් පාලනය කිරීමට උත්සාහ දැරූ ආරක්ෂක හමුදා කණ්ඩායම් අතර සිටි යුධ හමුදා සෙබලූන් දෙදෙනකුට පහරදී ඔවුන් සතුව තිබූ ටී 56 ගිනි අවි සහ ජීව උණ්ඩ අඩංගු මැගසින් ද අරගලකරුවන් පැහැරගෙන ගොස් තිබිණි

මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි බව කියන පැතුම් කර්නර් නැමැත්තාට එරෙහිව අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ද ඉකුත්(17) ලබාගත් බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය

 

(මෙහි දැක්වෙන්නේ පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය ගොස් බාර වීමට ‌මොහොතකට පෙර සජීවීව ෆේස්බුක් හරහා සම්බන්ධ වූ වීඩියෝවකි.)



අදහස් (22)

අරගල ක්‍රියාකාරි පැතුම් කර්නර් අත්අඩංගුවට

sam Thursday, 28 July 2022 01:30 PM

ලංකාවම හොරා කාපු රාජපක්ෂලා පාර්ලිමේන්තුවේ ඉන්දැද්දී, ඒකට විරුද්ද වුණ තරුණයෝ අත්අඩංගුවට ගන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදය යටතේද?

:       73       97

ප්‍රබල ඉත්තෙක්.Thursday, 28 July 2022 01:51 PM

මේ පැතුම් කියන එකා ඉන්නේ එංගලන්තේ.... මේකා තමයි එහෙ සුද්දන්ව කුලප්පු කලේ මන්ත්‍රීලත් ඇතුලුව .... ඉස්සර හමුදා සෙබලෙක්,,,, මාෂල්ගේ ප්‍රබල ඉත්තෙක්...! ලංකාව විනාශ කලා මේ පර ගැත්තා..!

:       36       26

senaThursday, 28 July 2022 02:07 PM

කියලා වැඩක් නෑ. මෙයාලා ලොකු විනාසයක් කරන්න හෝ කරගන්න ලෑස්ති වෙන්නේ.

:       21       47

කිරි පුතා Thursday, 28 July 2022 01:34 PM

හෙටක් ගැන නොදැන , නොබලා පිම්බෙන්න ගියා. එක්කො අතීතය දැනගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් අනාගතයේ විපාක ගැන හිතන්න ඕන.

:       52       75

පැතුම් Thursday, 28 July 2022 01:43 PM

ඔයා උතුරෙන් බිහිඋන තරුණ අරගල කරුවෙක්

:       11       8

Trace Thursday, 28 July 2022 01:44 PM

ඔය විදියටම හිරුණිකාත් හැංඟිල ඉන්න තැන සොයාගෙන අත් අඩංගුවට ගන්න...!

:       26       74

Bamunuarachchi Thursday, 28 July 2022 01:52 PM

මෙයද මෑන්? මාව මතකද මම කිව්වා ඔහෙට කෙළවෙන්න වැඩිදුර නැහැයි කියලා.

:       36       40

සෑම් Thursday, 28 July 2022 01:55 PM

බය වෙන්න එපා ! අපි ඔබ සමග. අපි එනවා බේරාගන්න. අරගලයට ජය වේවා !

:       51       37

randil Thursday, 28 July 2022 01:58 PM

මේකෙ කමෙන්ට්ස් දාන අයගෙ හැටියට මේ රටට මෙහෙම වෙලා මදි කියලා හිතෙනවා.

:       27       51

sachith Thursday, 28 July 2022 02:00 PM

මෙයා නම් අරගලේ කරාට වැඩිය ඒක අල කරපු කෙනෙක් කීවන්ම් තමා හරි.

:       25       40

sujeewar Thursday, 28 July 2022 02:15 PM

අරගලය කියන්නේ මහ අමුතු වීර කමක් නොවේ. හිටපු ජනාධිපතිවරයාගෙන් කිසිදු ප්‍රතිරෝධයක් එල්ල නොවුනු නිසා නැතහොත් විධායක බලය කිසිදු ලෙසකින්වත් භාවිතා නොකරපු නිසා පිස්සන් මෙන් දඟලන්න ලැබුනු නිසා පිම්බුනා මිසක්. මිනිස්සු මැතිරණයකින් යම් තනතුරකට පත් කරන්නේ එම තනතුරට නියමිත බලය භාවිතා කරවීම සඳහායි. මෛත්‍රී ඡන්දෙන් පරදවා ගෝඨාභය ගේනකොට මිනිස්සු අපේක්ෂා කලා කැත්තෙන් හරි තුවක්කුවෙන් හරි මේ රට හරි මගට ගනී කියලා. ඒත් ඔහු එහෙම කරේ නැහැ. වත්මන් ජනාධිපතිවරයා බලතල භාවිතා කරමින් කැත්තෙන් හරි තුවක්කුවෙන් හරි බටහිර ගැති නොවී මේ රට හැදුවොත් ජනතාව ඔහු වටා පවුරක් සේ සිටීවි. ඒ නිසා වත්මන් බඩගෝස්තරය විනා අනාගත දැක්මක් නැති මිනිසුන්ගේ පස්සේ යන්න එපා. මොවුන්ව හෙයෙවන බලල් අත් මොනවාදැයි යන්න අනාගතයේදී හෙලි වේවි. ඉවසීමෙන් බලා සිටින්න. එතෙක් ආර්ථික අර්බුදය අවම කර ගැනීමට කුමන හෝ ආකාරයකින් පලදායී ක්‍රියාවක නිරත වන්න. මේ ආර්ථික අර්බුදය අපට පමණක් නොව වෙනත් රටවලටද බලපා ඇත

:       31       58

pakeer Thursday, 28 July 2022 02:15 PM

කවදාවත් ලංකාවෙ සමාජය හදන්න යන්න එපා. ඔයාලට සල්ලි තියනවනම් ඒ සල්ලි වලින් හොඳට ජීවත් වෙන්න. නැති එකා ගැන හිතන්න එපා. ඒක උගෙ උරුමෙ. ඒක උගෙ කරුමෙ. ඔයාලා හොඳින් ඉන්න පුළුවන්නම් මෙහෙන් යන්න හොඳ රටකට. මේකෙන් නිදහස් වුණාමත් මෙහෙන් යන්න. මම මේක කියන්නේ හැමෝටම. මට පුළුවන් නම් මම මේ රටින් යන්නේ බල්ටි දෙකක් ගහලා.

:       20       39

AVThursday, 28 July 2022 03:12 PM

අනිවාර්යෙන්ම.. මිනිස්සු හිතගෙන ඉන්නෙ රනිල් අවිල්ල රට සුකිත මුදිත කරයි කියල.. ඕව කරයි ඉතින් ප්‍රසන්න වගෙ උන්දලට ඇමතිකම් දීල.

:       17       25

fairoos Thursday, 28 July 2022 02:21 PM

මහා බැංකු හොරා නිදැල්ලේ.

:       21       27

SUNIL MILANO Thursday, 28 July 2022 02:37 PM

මේ අරගලය මුවාවෙන් ඉටු කරන්නේ කොටි ඩයස් පෝරාව, N.G.O, ජෙප්පෝ, සෝබිත ඇතුළු නඩේගේ උවමනාවල් බව අපි මුල සිටම දැන සිටියා. බොරුවට ණයට කහින අයට හුලන් තමයි.

:       18       38

pathirana Thursday, 28 July 2022 02:58 PM

හිටපු ජනාදිපතිවරයා දැනගෙන හිටියා තමන්ට පැනලා යන්න උනොත් රටක් ඕනේ කියලා. ඒක නිසා එයාට සිංගප්පූරුවවත් තිබුනා. දැන් ඉන්න කෙනාට පැනලා යන්න තැනැක් අලුතින් හදන්න වෙනවා.

:       23       16

චන්දන Thursday, 28 July 2022 03:30 PM

දැං දැන් අරගලකරුවන් අන්තර්දාන වෙනව. පැදුරටත් නොකියා . මෙයාට වෙස් මාරුකරගෙන රටින් පනින්නට බැරි වුනා .

:       11       29

duplicate Ralahami Thursday, 28 July 2022 03:33 PM

අත්අඩංගුවට ගැනීමෙන් අරගලය නැවැත්විය හැකිද? ජනතාවම තවම හරියට නැගිට්ටෙ නැහැ, ඉවසීම පනින දවස ලඟයි.

:       32       17

ruwan Thursday, 28 July 2022 04:43 PM

හොද වැඩේ. අනේ සාදු..

:       9       15

kasun Thursday, 28 July 2022 05:11 PM

බලාගෙන ගියාම වැඩි හරියක් පිටරට ඉදන් ආපු එවුනුයි අමුතු නම් තියෙන එවුනුයි නේ. අපේ ගොන් හරක් ටික උන් පස්සෙන් දුවලා වෙගෙයි පේන්නේ දැන් නම්.

:       0       1

ඩැනි මිල්රොයි Thursday, 28 July 2022 06:22 PM

අපිව අතකොළු කරලා අරගලය මෙහෙයවපු හැටි දෙමළ ඩයස්පොරා එකේ ලංකාවේ ප්‍රධානියා යුටියුබ් එකේ කියලා තියෙනවා. අරගලය ඔවුන්ගේ 3වැනි අදියර තමයි ගොඨාව එලවන්න කරපු. ඌන් එක්ක වැඩ කරන්න කියලා ඇමරිකාවට ගෙන්නලා කිවාලු. ගෝඨා එක මගඇරපු නිසාලු මෙහෙම කළේ. ඇමෙරිකාවට වීසා රිජෙක්ට් කළෙත් උන්ලු. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ගෝඨාව අත්අඩංගුවට ගන්න කියලා කියලා තියෙන්නෙත් ඌන්ලු. ඌන් තමාලු අරගලයට වියදම් කළේ. ඒ උන් කියන දේ ගොඨා ඇහුවෙ නැති නිසාලු. මේකට අපේ කොල්ලො කෙල්ලො පාවිච්චි කළා විතරයි අපේ ඌන් දැන් විඳවනවා ඌන්ට ඕනි දේ ඌන් කරගත්තා. මේක තේරුම් ගන්න පොඩ්ඩක් මොළේ ඇතිව සේරම දිහා බලන්න ඕනි.

:       6       12

uk ran Thursday, 28 July 2022 07:58 PM

බිරිඳ එංගලන්තයේ දාලා ලංකාව බේරගන්න ආවාලු. මොන විහිළු කතාද මේවා... රට පාවා දීලා පී.ආර්. අරන් දැන් තව විනාශ කරන්නත් ඇවිත්...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 0 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


වැඩිම මනාප විජිතට
2024 නොවැම්බර් මස 15 492 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 281 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 1144 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 278 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්
2024 නොවැම්බර් මස 15 1405 0

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 282 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 592 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1713 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site