IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


අරුන්දික ස්වාධීන වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

තමා මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ  ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී   අරුන්දික ප්‍රනාන්දු මහතා  පාර්ලිමේන්තුවේදී අද (4)  විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මේ රට විනාශය කරා ගෙන යෑමට කුමන්ත්‍රණ කරමින් සිටින සහ ජනතාවගේ මොළ සෝදමින් සිටින අශුද්ධ සන්ධානය පරාජය කිරීම සඳහා  තමා ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස සියලු පාර්ශව සමඟ සාකච්ඡා  අරඹන  බවද ඔහු සඳහන් කළේය.

එකට එකතුවන ලෙසට  විපක්ෂනායකවරයාට සහ ජනාධිපතිවරයාට   ආරාධනා කරන බව පැවසූ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව ගිනි තියන රටේ ගෙවල් ගිනි තියන  දේශපාලනය පිටුදැකීමට  පෙරට එන්නැයි  සියලු පාර්ශවවලින්ද  ඉල්ලා සිටින බව  ප්‍රකාශ කළේය.

රට දිනවන වැඩපිළිවෙලේ කවුරුන්  හෝ නායකයකු ඉදිරියෙන් සිටින්නේ නම් මේ අවස්ථාවේදී කළ යුත්තේ ඔහුගේ කකුලෙන් ඇදීම නොවන බවද හෙතෙම පැවසීය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී  මෙම අශුද්ධ  කණ්ඩායමට රට නැවත වතාවක් ගිනි තැබීමට ඉඩ නොදිය යුතු බව පැවසූ අරුන්දික ප්‍රනාන්දු මහතා  මේ අය අද බලයට එන්න හදන්නේ ජනතාවගේ ඔලු  අවුල් කරමින් බවද ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන දේශපාලන කණ්ඩායම් සිටින්නේ නම් මේ අවදානම තේරුම් ගත යුතු බවත් අද එළැඹ  ඇත්තේ සියලු දෙනා එකතු විය යුතු අවස්ථාවක් බවත් ඔහු සඳහන් කළේය.

මේ අශුද්ධ  කණ්ඩායම සමාජ මාධ්‍ය යොදාගෙන  තරුණ තරුණියන්ගේ  මනස විකෘති කරමින් සිටින බවද  මන්ත්‍රීවරයා කීවේය



අදහස් (13)

අරුන්දික ස්වාධීන වෙයි

Piyal weerasinghe Wednesday, 04 September 2024 12:30 PM

අනෙ පලයන් එන එන රජයවල් වලට පැන පැන දැන් ස්වාධීන වෙන්න හදනවා.කරන්න තියන් ජඩ වඩ කරලා .

:       6       62

සියාතු Wednesday, 04 September 2024 12:35 PM

රට ගොඩ ගන්ඩ මිනිස්සුන්ට එකතු වෙන්ඩ කියන තමුන්ල කැමතිද ඔය යාන වාහන , වරප්‍රසාද, කොමිස් කුට්ටි අතෑරලා, සාමාන්‍ය මිනිස්සු ගොඩට එකතු වෙන්ඩ. සාමාන්‍ය මිනිස්සු වගේ කෝච්චියේ, බස් එකේ යන්ඩ? නැත්තන් පර්මිට් වලින් ගෙන්නපු වාහනයක් නැතුව රෙන්ට් එකට ගත්ත වාහනයක් පදින්ඩ. එහෙම කරන්ඩ කීයටවත් කැමති නෑනේ?

:       5       75

Wasantha Wednesday, 04 September 2024 12:46 PM

අසුබ කණ්ඩායම කවුද කියලා මිනිස්සු දන්නවා. මෙයා හිතන් ඉන්නේ ලංකාවේ මිනිස්සු මේ අය වගේම බූරුවන් කියලා. මිනිස්සු මේ පාර රැවටෙන්නේ නැහැ.

:       4       55

සෞදි-සිංහ Wednesday, 04 September 2024 01:01 PM

මහජන මුදල් කාබාසිනියා කරමින් ගෙවපු සැපවත් ජීවිතේ ඉවර වෙනවා කියලා තේරුම් ගිහින් තියෙන්නේ.

:       2       53

අරවින්ද මොනරවිල Wednesday, 04 September 2024 01:13 PM

බලයට එන්න ගේම් ගහන, බලයට ඇවිල්ලා හොරකම, දූෂණ, වංචා ජීවනෝපාය කරගත් ඔයාලාගේ දැන් බොක්ක රත්වීගෙන එන බව අපි දන්නවා. ඒ නිසා ලබන 22දාට රටටම බලාගන්න පුළුවන්... සුද්ධ සංධානයේ ඉන්නේ කවුද? අසුද්ධ සංධානයේ ඉන්නේ කවුද කියලා...?

:       2       41

ලසන්ත Wednesday, 04 September 2024 01:17 PM

දැන් කොච්චර කාලයක්, කීපාරක් නම්, එකතුවලා ගේම ගැහුවා නේද? රටේ ළමයින්ගෙන් තුනෙන් එකකට මන්දපෝෂණය බව මේ ගොල්ලෝම පත්කළ කමිටුවක් අද පාර්ලිමෙන්තුවට වාර්තා ඉදිරිපත් කරලා...! මේ පාර නම් එකතු වෙලාවත් ගොඩයන්න බැරිවෙන පාටයි...

:       1       43

kumara Wednesday, 04 September 2024 02:05 PM

මන්ත්‍රීතුමෝ පුළුවන් නම් ඇමැතිකමෙන් අස්වෙලා පෙන්නන්න...!

:       1       27

ranjith Wednesday, 04 September 2024 02:48 PM

තවත් සෝබන කාරයෙක්...!

:       1       18

Livera Wednesday, 04 September 2024 02:55 PM

හැම පැත්තටම පනිනවා... ඒ පැනලා ආයෙත් ඒකෙන් බලපොරොත්තු ඉෂ්ට නොවුණාම තවත් පැත්තකට පනිනවා. මෙයාට ප්‍රංශයේදී එක්නැලිගොඩ හමුවුණා කියලා කියපු බොරුව මිනිසුන්ට මතක ඇති. රට කරන්න පුළුවන් එකම කෙනා රනිල් ව්ක්‍රමසිංහ විතරයි... බලමුකෝ අනිත් අය අරන් කරන විදිය...!

:       9       6

Manjula Pradeep Wednesday, 04 September 2024 03:31 PM

කවුරු වුණත් කියන දේ හරියට කියලා තියෙනවා. මේ රටේ මිනිසුන්ව අසරණභාවයට පත් කරන්න මෙතෙක් කල් උත්සාහ කරලා සාර්ථක වුණාට පස්සේ ඒ මිනිස්සුන්ගේ දුක වේදනාව පාලකයින්ගේ වැරැදි නිසා බවට මිනිසුන්ගේ ඔලුවට දාලා මිනිස්සුන්ට පාලකයන් කෙරෙහි වෛරයක් ඇති කරලා ඒ තුළින් දේශපාලන බලය ගන්න හදන තිරිසන් ජවිපි නඩයට විරුද්ධව මුලදී කිසිවෙකු හඬ නැගුවේ නැහැ. ඒ වුණාට දැන් මිනිසුන්ට ඇත්ත පහදලා දෙන්න විවිධ බාධක මධ්‍යයේ අපි ගත්තු උත්සාහය සාර්ථක වෙන බව දැන් පෙනෙන කොට දැනෙන සතුට අසීමිතයි..

:       9       8

සෙනෙවිරත්න Wednesday, 04 September 2024 04:26 PM

මංජුල ප්‍රදීප්, තිරිසන් පාලකයෝ මේ රටේ හිටපු නිසා තමයි ජනතාව දුකට පත්වෙලා තියෙන්නේ. ඒක දැන් මනාව ජනතාවට පැහැදිලි වේගෙන එනකොට තමුන්ලා වගේ රටේ ධනය මංකොල්ල කාපු කොටසකට රිදිලා අවලාද නගනවා, තාත්තගෙන් පුතාට, තමන්ගේ හතරවරිගේට තනතුරු හදාගෙන රංචු ගැහිලා කරපු අසික්කිත පාලනයට තිත තබන්න ආසන්නයි. මාලිමාවට ජයවේවා...!

:       2       15

Ramani Wednesday, 04 September 2024 04:59 PM

දැන් ස්වාධින වෙලා මොනවා කරන්නද? ඡන්දෙට සුමාන 2 යි, ඊට පස්සේ පාර්ලිමේන්තුව විසුරුවනවා. අර එතනෝල් නඩු ඒවා මේවා ආයේ එනවා. ඕගොල්ලන්ට මිනිස්සු ආයේ ඡන්දෙ දෙන්නේ නැහැ. හිරේ යන්න ලැහැස්ති වෙන්න...

:       3       14

Perera Thursday, 05 September 2024 10:54 AM

ස්වාධීන ලේබල් අලවාගෙන ගුටි නොකා බේරෙන්න හදන තව අපතයෙක් මූ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 7 කොල්ලයේ ප්‍රධාන සැකකරුවෝ මාට්ටු
2024 නොවැම්බර් මස 27 78 0

මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම


කාර්තිවු ගසාන ගිය සිසුන් 4 කගේ සිරුරු සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 1008 1

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි


ලංකාවට ඕන වෙලාවක උදව් කරන්න කැමති බව ඕස්ට්‍රේලියාව කියයි
2024 නොවැම්බර් මස 27 202 0

අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.


නැ‘හිර මුස්ලිම් පාසල් දින දෙකක් වහයි
2024 නොවැම්බර් මස 27 70 0

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .


ණය ප්‍රතිව්‍යුහගත මෙහෙයුම් ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්
2024 නොවැම්බර් මස 27 276 0

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇතැයි ජනාධි


වව්නියාවේ වැව් 29ක් කැඩී යයි
2024 නොවැම්බර් මස 27 330 0

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අ‍ැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2143 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site