IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අල්ජසීරා ඊශ්‍රායලයේ විකාශන-මෙහෙයුම් අත්හිටුවයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ගාසා යුද්ධය අවසන් වනතෙක් අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල විකාශන කටයුතු සහ මෙහෙයුම් අත් හිටුවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අල් ජසීරා පුවත් සේවය හමාස් සංවිධානය වෙනුවෙන් පෙනී සිටින බවත් ඒ හේතුවෙන් ගාසා යුද්ධය අවසන් වන තෙක් ඊශ්‍රායලයේ අල් ජසීරා මෙහෙයුම් අත් හිටුවීමට කැබිනට් මණ්ඩලය අවසර ලබා දුන් බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්‍ යාහු පැවැසුවේය.

ජෙරුසෙලමේ ඇම්බැසඩර් හෝටලයේ කාමරයක පවත්වාගෙන ගිය අල් ජසීරා කාර්යාලය ඊයේ(05) එරට පොලිසිය සෝදිසි කර තිබූ බවත් සිය පුවත් සේවය ඊශ්‍රායල ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් එම සෝදිසි කිරීම ඊශ්‍රායල පොලිසිය කර තිබූ බවත් අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳ ගත හැකි සෑම නීතිමය පියවරක්ම ගැනීමට සූදානම් බවත් සිය පුවත් සේවය ඊශ්‍රායල ආරක්ෂාවට තර්ජනයක් බව පැවැසීම කිසිඳු පදනමක් නොමැති ප්‍රකාශයක් බවත් අල් ජසීරා පුවත් සේවය පැවැසුවේය.

අල් ජසීරා පුවත් සේවයේ කාර්යාලයේ කළ සෝදිසි කිරීමේදී එම පුවත් සේවයට අයත් උපකරණ ඊශ්‍රායල පොලිසිය සිය බාරයට ගෙන ඇති බවද එරට සන්නිවේදන අමාත්‍ය ෂ්ලෝමෝ කාර්හි ප්‍රකාශ කළේය.

ඇම්බැසඩර් හෝටලයේ කාමරයක පවත්වා ගෙන ගිය අල් ජසීරා කාර්යාලය පොලිසිය විසින් සෝදිසි කරන අයුරු දැක්වෙන වීඩියෝවක්ද ඊශ්‍රායල සන්නිවේදන අමාත්‍යාංශය එක්ස් සමාජ මාධ්‍ය වෙත උඩුගත කර තිබිණි.

 



අදහස් (0)

අල්ජසීරා ඊශ්‍රායලයේ විකාශන-මෙහෙයුම් අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

දියත

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 14 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 301 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 411 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 252 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 146 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


පානදුරේ වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 30 466 0

පානදුර පල්ලියමුල්ල දී අද (30) අලුයම පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38185 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25142 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site