(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම සඳහා අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ නිවසකට ගිය අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට පහරදුන් එකම පවුලේ 4දෙනෙකු අද(01) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි.
ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කරයි.
පිරිසගේ පහරකෑමට ලක්වූ අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ වම් අතේ ඇඟිලි දෙකකට තුවාල සිදුවී ඇත.
නිවසක් සහිත ඉඩමක් සඳහා කළුතර දිසා අධිකරණයේ විභාග වූ නඩුවක භුක්තිය භාර දීම සඳහා අද (1)පෙරවරුවේ පොලිස් නිලධාරීන් එම නිවස වෙත අධිකරණ නිලධාරීන් සමඟ ගිය අවස්ථාවේදී, එම පොලිස් නිලධාරීන්ට හා අධිකරණ නිලධාරීන්ට රාජකාරියට බාධා කළ බවට ස්ථානාධිපතිවරයාට දැන ගැනීමට ලැබී ඇත. අනතුරුව ඔහුගේ ප්‍රධානත්වයෙන් නැවතත් එම නිවස වෙත ගිය අවස්ථාවේදී එකී පිරිස ආවේගශීලීව හැසිරී ස්ථානාධිපතිවරයාට හා සෙසු නිලධාරීන්ට පහරදී ඇතැයි පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන්ට සහ අධිකරණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, අධිකරණ අපහාස කිරීමක් සහ පහරදීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අලූත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිට සිව්දෙනෙක් එක්වී පහරදීලා
Podi putha Monday, 01 February 2021 02:40 PM
එළ, එළ...
Timbaar Monday, 01 February 2021 09:27 PM
ඔන්න යහපාලනයේ ප්‍රතිඵල.. අපේ "ස" හිටියා නම් මේ වගේ දේවල් සිද්ද වෙන්නේ නෑ..