(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අලුත් කැසිනෝ ශාලා සඳහා අයදුම්පත් දහයක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
එම අයදුම්පත් අදාල ක්‍රියාවලියේ විවිධ අදියරයන් වල පවතින බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මුල් බලපත්‍ර හතර හැරුණු කළ කැසිනෝ ශාලා විවෘත කිරීම සඳහා අලුත් බලපත්‍ර කිසිවක් මෙතෙක් ලබාදී නැතැයිද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී අතුරලිය රතන හිමියන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද පැවසීය.
කැසිනෝ ශාලා ලියාපදිංචි ගාස්තුව අවුරුදු පහකට කෝටි පනහක් ගත්තා. මීට පස්සේ අලුතින් විවෘත කරනවා නම් කෝටි පනහකට වැඩියෙන් ගන්න බලාපොරොත්තු වෙනවා. වාර්ෂික ගාස්තුව කෝටි විස්ස කෝටි පනහක් කළා.
ශ්‍රී ලංකා පුරවැසියකු කැසිනෝ ශාලාවකට ඇතුළු වන්නේ නම් රුපියල් දහසය දාහක් ගෙවන්න ඕන. ශ්‍රී ලාංකිකයන් මේවට යන එක මන්දෝත් සාහි කරන්න තමයි මේක කරන්නේ. හැකි තරම් කැසිනෝ ක්‍රීඩාව විදේශිකයන්ට පමණක් සීමා කිරීම අරමුණයි. කැසිනෝ ශාලාවල ලාභය මත සියයට හතළිහක බද්දක් අය කරනවා. රාජ්‍ය ආදායමට උපරිම බදු ගන්නවා.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලුතින් කැසිනෝ ශාලා 10 ක් ?
මැක්ස් Wednesday, 10 January 2024 12:21 PM
රට වනසන්න 2015දී ගල්ලෙන බිඳපු අය තාම මැති සබේ ඉන්නවාද?
Nimal Wednesday, 10 January 2024 12:45 PM
එහෙනම් කැසිනෝ 1000 ක් දැම්මා නම් ඉවරයි නේ .රට එක මාසෙට දියුණු වෙයි නේ
Aravinda Monarawila Wednesday, 10 January 2024 12:56 PM
පුළුවන් නම් දළදා මාලිගාව, ජය ශ්‍රී මහා බෝධිය අසලත් කැසිනෝ ශාලා දාන්න...
ravin Wednesday, 10 January 2024 01:32 PM
දවල් හීන දකින්නේ නැතිව, දැනට පවත්වාගෙන යන කැසිනෝවලින් හරියට බදු එකතු කරනවද කියලා කියන්නකෝ...!
wimal Wednesday, 10 January 2024 02:36 PM
මේ රටේ හොරකම් කරන, සල්ලි පූජා කරන ඕවට යන්නෙත් ඒ අයම තමයි. සුබපැතුම්...!
Bamunuarachchi Thursday, 11 January 2024 04:50 AM
කැසිනෝ 10 නොවෙයි 100 දාන්නකෝ අපිට මොකෝ අපි කැසිනෝ ගහන්න යන්නේ නැහැ. කැසිනෝ යන අයට සතුටට කාරණාවක් වගේම රජයට බදු ලැබෙන මාර්ගක්. ඉතින් කව්රුවත් විරුද්ද වෙන්නේ ඇයි.