(රන්ජන් කස්තුරි)
දෙවන පාසල් වාරයේ සිසුන්ගේ මෙන්ම ගුරුවරන්ගේ පැමිණීම සාර්ථක බව අධ්‍යාපන අමාථ්‍යංශය කියයි.
අධ්‍යාපන අමාත්‍යංශය ලබාදී තිබූ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පාසල්වලට පැමිණ සිටියහ.
අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් මත එක් පන්තියකට ගෙන්වා තිබුණේ සිසුන් 15ක් හෝ ඊට අඩු සංඛ්‍යාවකි. සිසුන් අතර පරතරය ඇතිවන ආකාරයට පන්ති කාමර සකස්කර තිබුණි.
ඇතැම් පාසල්වල අලුත් අවුරුදු කැවිලි සංග්‍රහ වැනි වැඩසටහන් ද පැළ සිටුවීමේ වැඩසටහන් ද සංවිධානය කර තිබීම විශේෂත්වයකි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අලුත් අවුරුදු කැවිලිමැද දෙවන පාසල් වාරය ඇරැඹේ
Pradeep Monday, 19 April 2021 12:23 PM
"අධ්‍යාපන අමාත්‍යංශය ලබාදී තිබූ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පාසල්වලට පැමිණ සිටියහ" පුවත එසේ වුවත් සමහර තැන්වල එසේ නොවුන බව ඡායාරූප මගින්ම තහවුරුවේ. නව වසර වෙනුවෙන් ගෙවල් වලින් ඇති තරම් කැවිලි වර්ග අනුභව කරතිබූ දරුවන්ට පාසලේදීත් කැවිලි මේස සූදානම් කර තිබීම මට අනුවනම් මෙවන් වසංගත තත්වයක් පවතින වේලාවක සුදුසු නැත. දරුවන් මාස්ක් පැළද නැත. කෑම වර්ග සැම කෙනෙකුගේම අත්වල ස්පර්ශවේ. දරුවන් අතර පරතරයක් නැත. ඔවුන්ගේ මුහුණු වලින් පෙනෙන්නේ කෑම බෙදා ගන්නා ගමන් කතා බහ කරන අයුරුය. පාසැලකට විවිධ ප්‍රදේශ වලින්, විවිධ සමාජ තල වලින්, විවිධ ස්ථාන වල රැකී රක්ෂා කරන දෙමව් පියන්ගේ දරුවන් පැමිණෙති. තවමත් අප රටේ 10%ක් පමණ වත් පිරිසක් එන්නත් ලබා ගෙන නොමැති අවස්ථාවක දරුවන් සහ ගුරුවරුන් එකිනෙකා සමග මුසු වීමේ අවස්ථා අවම කරගෙන කටයුතු කරන්නේ නම් වටිනවා.