IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට

(අංජුල මහික වීරරත්න)

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 

චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම, රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම, පැළ සිටුවීම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්ය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාතාංශයේ මෙහෙයවීමෙන් මෙය  සංවිධානය කර තිබිණි. 



අදහස් (11)

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට

Waleboda Monday, 03 April 2023 02:48 PM

මුන්ට පිස්සු ගෙදර ප්‍රශ්න කන්දක් .ජනපති හමුවෙන්න යනවා

:       9       20

චන්දිම ෆොන්සේකාWednesday, 05 April 2023 12:44 AM

හා! ගෙනාවද ඕක? එහෙනම් රෝල් කරලා පස්ස පැත්තේ ගහලම යන්නකෝ.

:       0       0

pradeep Monday, 03 April 2023 02:56 PM

රනිල් රාජපක්ෂටත් ඔක්කොම නාටක ටික රගන්න එපායෑ..

:       8       14

කරුණාජීව . Monday, 03 April 2023 04:03 PM

නැකත්පති වෙන්නේ මේ අවුරුද්දෙන් පස්සේ..

:       4       14

kamal Monday, 03 April 2023 04:50 PM

සාගල නෝනා නැති තැනක් නැහැනේ....

:       3       10

ලක්ෂ්මන් Monday, 03 April 2023 08:33 PM

නැකැත් පත්‍රය සකසන්නේ අලුත් අවුරුදු නැකැත් කමිටුව විසින් කිව්වට ඒක තියෙන්නෙ කොහේද සම්බන්ධ කරගන්නෙ කොහොමද කියලා දන්න කෙනෙක් කියන්න මම නම් අන්තර්ජාලය හරහා සංකෘතික දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශයේ වෙබ්සයිඩ් බැලුවා හම්බවුනේ නැහැ ඇත්තටම එහි ඉන්නෙ කවුද ඔවුන් බදවා ගන්නෙ කොහොමද සුදුසුකම් මොනවාද කියන්න පුලුවන්ද මට මෙහෙම අහන්න වුනේ එවැනි සමහර අය ඔවුන් ලියා පලකරන පොත්වල දක්වා තියෙනවා අවුරුදු නැකැත් කමිටුවේ සාමාජික කියලා දුරකථන අංක හා ලිපිනයන් තියෙනවා පුදුමෙ කියන්නෙ ඒ ලිපින දන්න කිසිවෙක් අදාල ප්‍රදේශයේ නැහැ දුරකථන ක්‍රියාත්මකත් නැහැ

:       0       2

anuaranga Monday, 03 April 2023 09:57 PM

මුන්ට පිස්සු, මිනිස්සුන්ට යන එනමක් නැහැ. අවුරුදු කන්න තියා එදා වේල කන්නෙත් හරි අමාරුවෙන්. මේ යක්කුන්ටනම් මහින්දය හොරකම් කරපු සල්ලි වලින් බාගයක් දීල ඇතිනෙ,පේන්නෙ නැතිද ඉන්න ලස්සන , කිසිම අඩුපාඩුවක් තියනවද?

:       0       1

ලුම්බිණි Tuesday, 04 April 2023 06:09 AM

ඒකටත් රතු පලස්. මුන්ට නම් ඇත්තටම පිස්සු.

:       0       2

swene Tuesday, 04 April 2023 07:08 AM

තදින්ම රනිල් සහ යහ පාලනය විවේචනය කල විදුර දැන් ඒකෙම ඇලිලා. ලජ්ජාව නැති පුද්ගලයින්ගේ නායකත්වය රටට හෙනයක්.

:       0       2

sunil Tuesday, 04 April 2023 09:38 AM

රටම කුසගින්නෙ මැරෙද්දිත් මුං අවුරුදු කන්න දගලනව. හොර හැත්තම එලව දැමිය යුතුයි.

:       0       3

චන්දිම ෆොන්සේකා Wednesday, 05 April 2023 12:58 PM

කට්ටියට අඬබෙර ගහලා කස්තිරම් අල්ලලා ජය සක් පිඹලා එහෙම ඕක රෝල් කරලා ලොක්කගේ පස්ස පැත්තේ ගහලාම යන්න කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කමිටුව පත් කරන්න කතානායක ලියුම් යවයි
2025 අප්‍රේල් මස 12 54 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමට පත් කෙරෙන කමිටුව සඳහා සාමාජිකයන් පත් කරන ලෙස කතානායකවරයා අගව


පිල්ලෙයාන් දින 90ක් රඳවන්න අවසර
2025 අප්‍රේල් මස 12 51 0

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තම


රනිල්ට අල්ලසට එන්න 23 න් පසු දිනයක්
2025 අප්‍රේල් මස 12 553 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබන23වැනිදායින් පසු කැඳවීමට එම කොමිසම තීරණය කර ඇත.


ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල නායයාම යලි සක්‍රිය වෙයි
2025 අප්‍රේල් මස 12 320 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම යලි සක්‍රිය වීමට පටන් ගෙන ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (12) පැවසීය .


බටලන්ද හැදුවේ තෙල් පිරිපහදුව රකින්න
2025 අප්‍රේල් මස 12 832 0

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයව


හාලිඇළ නගරයේ මළසිරුරු දෙකක්
2025 අප්‍රේල් මස 12 819 0

හාලිඇල නගරයේදී අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන තරුණයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (12) සොයා ගත් බව හාලිඇල පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 41 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 188 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 695 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site