(දමිත් වික්‍රමසේකර)
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
අනෙකුත් රජයේ මන්ත්‍රීවරුන්ටද ඉන්ධන කාර්යක්ෂමතාව සහිත සුඛෝපබෝගී නොවන වාහනයක් ලබා දෙනු ඇතැයි එම නිලධාරියා පැවැසුවේය.
ඒ අනුව නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාටම කුමක් හෝ වාහනයක් සිය නිල රථය ලෙස ලැබෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. නව රජයේ අමාත්‍යවරුන්ට නව නිල වාහන නොලැබෙනු ඇති බවත් ඒ ඒ අමාත්‍යාංශවල සිටි පසුගිය රජයේ අමාත්‍යවරුන් බාරදුන් නිල වාහන නව රජයේ කැබිනට් අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙනු ඇති බවත් එම රාජ්‍ය නිලධාරියා පැවැසුවේය.
මන්ත්‍රීවරුන්ට ඔවුන් තේරී පත්වූ දිස්ත්‍රික්ක වලට රජයේ කටයුතු සඳහා විශාල දුරක් ගෙවමින් ගමන් කිරීමට තිබෙන බැවින් මෙලෙස මන්ත්‍රීවරුන් 159 දෙනාටම නිල වාහන ලබාදීමට රජය තීරණය කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ ඔවුන්ට ලබා නොදෙන බවද එම නිලධාරියා පැවැසුවේය.
මෙම වන විට නඩත්තු කිරීමට අපහසු රජයේ වාහන 344 ක් හඳුනාගෙන තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. එම වාහන ඇත V8 වැනි සුඛෝපභෝගී මෝටර් රථ මාදිලි තිබෙන බවත් ඒවා නඩත්තු කිරීමට රජයට විශාල වියදමක් දැරීමට සිදුව ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය. එම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට සැලසුම් කර තිබෙන බවත් ඉන් ලැබෙන මුදල් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වාහන මිලදී ගැනීමට භාවිත කරනු ඇති බවත් ඔහු පැවැසුවේය.
මන්ත්‍රීවරයකුට නිල වාහනයක් ලබාදීමේදී සළකා බලන ප්‍රධාන කරුණ නම් ඉන්ධන කාර්යක්ෂමතාව බවත් ඉන්ධන කා දමන සුඛෝපභෝගී වාහන කිසිවෙකුට ලබා නොදෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. වෙන්දේසියෙන් ලැබෙන මුදල් ප්‍රමාණවත් නොවූහොත් ජනාධිපති කාර්යාලය සතු වාහන කීපයක් නිදහස් කර ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බවද එම නිලධාරියා පැවැසුවේය.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
fairoos Sunday, 24 November 2024 10:59 PM
රටට හොඳක් වෙනවා නම් කමක් නෑ. ඔහොම යමු.
විදුර Sunday, 24 November 2024 11:48 PM
සියලුම ඇමැති, මන්ත්‍රිලා සතියකට වරක්වත් ලංගමේ යා යුතුයි.
sam Monday, 25 November 2024 12:00 AM
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිතා කළ වාහන සියල්ල සැපපහසු අලුත් වාහන. ඉතින් මාලිමා / jvp හවුල් ආණ්ඩුව මහජන මුදල් ඉතිරි කිරීමට ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් අඩුමිලට පහසුව අඩු වාහන මිලදී ගැනීම වෙනුවට පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිතා කළ සියලු පහසුකම් සහිත වාහන ලබාගැනීමට කටයුතු කිරීමත් දේශපාලන උපක්‍රමයකි. එනම් 1. අඩුමුදලට පහසුව අඩු වාහන මිලදී ගැනීම වෙනුවට පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිතා කළ සියලු පහසුකම් සහිත වාහන ලබාගැනීමට 2. අලුත් වාහන වෙනුවට පරණ වාහන හෝ පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිතා කළ වාහන අප (මාලිමා / jvp හවුල් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්) භාවිතා කර රටට විශාල මුදක් ඉතිරි කළබව මතයක් සමාජ ගත කිරීම...
pj Monday, 25 November 2024 03:50 AM
ස්කූටරයක් හෝ ත්‍රීවීලරයක් හොඳටම සෑහේ...
Pushpa kumaraMonday, 25 November 2024 04:10 PM
හොඳයි...!
Shelton Monday, 25 November 2024 05:23 AM
අගය කළ යුතුයි.හොද දේ හොදම තමයි.
pj Monday, 25 November 2024 05:41 AM
වාහන ගැන හැර වෙන ප්‍රශ්නයක් අපේ රටට ඇත්තෙම නැතිද? එහෙම නම් විවෘත ආර්ථිකය සංවෘත කරලා අලුතින් පටන් ගන්න. වාහන ඕනෙ නැහැ. පාස්පෝට් ඕනෙ නැහැ. අල, බතල ටිකක් වවාගෙන කාලා කොත්තමල්ලි ටිකක් බීලා, පැලක් අටවාගෙන ඉන්න පුළුවන්...
swene Monday, 25 November 2024 06:32 AM
ඔය තීරු බදු සහනය රජයේ නිලධාරීන්ට දීමත් නැවතිය යුතුයි. ඒ තුලින් අක්‍රමිකතා රැසක් සිදුවනවා. තීරු බදු සහනය විකුනනවා. එයම අක්‍රමිකතාවයක්. ඒ නිසා තීරු බදු සහනයක් දීම සඳහා යම් කාණ්ඩයක් සුදුසුයි කියල තීරණය කරන්නේ නම්, ඔවුනට ඒ වෙනුවට එම සහනය ආවරණය වන විධියට මුදලින්ම කිරීමයි සුදුසු. එවිට තීරු බදු සහනය තුලින් මුදලාලිලා ට ජාවාරමක් මතුවන්නේත් නැහැ. අක්‍රමිකතාවයක් ද නැහැ.
Nishan Monday, 25 November 2024 07:17 AM
අලුත් කාර් මොකටද ලීටරේට කිලෝමීටර් 4 ක් 5 ක් විතරක් වැඩ කරන පරණ බි.එම්.ඩබ්ලිවු. රථ නම් පාවිච්චි කරනකොට? මේවා තනිකර රැවටිලි කතා.
Ruwan De Silva Monday, 25 November 2024 07:52 AM
අපිත් දන්නවා, අපේ ගෙවල් ගාව ඉන්න හිටපු කැබිනට් ඇමතිට ෆෙරාරී කාර් එකකුත් තියෙනවා. හැබැයි දැනට අවුරුදු 30කට කලින් දේශපාලනයට එන්න කලින් කරේ හොරපොල් කඩන එක, කොච්චියේ මාල කඩන එක, කාලයක් වඩෙත් වික්කා. වාහන පර්මිට් මොකටද?
Willows Drive Monday, 25 November 2024 08:01 AM
ඉතාමත් හොදයි
යෝගා Monday, 25 November 2024 09:00 AM
අලුත් ඇමතිලට එක විදියකටයි මන්ත්‍රීවරුන්ට තව විදියකටයි මොකටද? කාටත් ඩබල් කැබ් දීලා පරණ නඩත්තු වියදම වැඩි, සැප වාහන සියල්ල විකුණල දාන්න පුළුවන්නේ. ප්‍රශ්නෙ සමහර ඇමතිලා v8ම ඉල්ලන එකයි, එහෙම නේද?
සෙනෙවිරත්න Monday, 25 November 2024 01:10 PM
මේ පුවත අනුව කියන දේ නොතේරෙන, තමන් හිතන දේ මෙතැන කියන සහ තමන් මෙතෙක් පත්කළ උන්දැලා කරපු විදියට මේ රජයත් කරයි කියලා හිතලා වැඩේ එහෙම නොවුණාම දුකට රචනා ලියන අය කීපදෙනෙක් ඉන්නවා. අනෙක හොඳ දේටත් එරෙහිව කමන්ට් කරන කුලී බලකාය තවමත් වැඩ වග පේනවා.
සෙනෙවිරත්න Monday, 25 November 2024 01:14 PM
යෝගා, ඇමැති සහ මන්ත්‍රී අතර හැම රටේම වෙනසක් තියෙනවා. කවුරුවත් වී අට වාහන ඉල්ලන්නෙත් දෙන්නෙත් නැති බව මේ පුවත කියනවා.. එතකොට ඔබ කියන එක ඔබ හිතන එකම නම් කණගාටුයි. සොරි, ඒක වෙන්නේ නැහැ. මේ සජිත්ගේ හෝ රනිල්ගේ රජය නොවේ.
Ruwan De Silva Monday, 25 November 2024 02:25 PM
මට නම් දුකයි... තාමත් හොරුන් පෙනි පෙනී හොරකම් කරන හැටි දැනගෙන කඩේ යන අය දැක්කාම. ඩිස්ලයික් දාන්නේ ප්‍රයිවට් ටැබ් ඕපන් කරලා. පව් අපරාදේ කාලය...!
විදුර Monday, 25 November 2024 03:32 PM
ලංකාවේ ආණ්ඩුවේ අයයි ජනතාවයි තාම පරණ 225 අල්ලාගෙන ඒක බයිට් එකට අරගෙන ජොලියක් ගන්නවා.ඒක අවුලක් නෑ.ඒත් කවුරුවත් ආරක්ෂක අංශයට දීලා තියෙන සැප පහසුකම් ගැන කතා කරන්නෙ නෑ.ඒකත් මේ රටේ අංශයක්.225 ට වඩා සිය ගුණයක වාහන සහ දීමනා ඔවුන්ට දීල තියෙනවා. ඔය 225 ට තඩි බෑවා කියල ඇත්තටම ලංකාවේ දියුණුවක් වෙන්නේ නෑ.ඊට වඩා සිය දහස් ගුණයක මුදලක් රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශයන් නිලධාරීන් නීති අණපනත් වලින් භුක්ති විඳිනවා.ජනාධිපති එක වාහනේක යනවානම් හමුදාවේ ලොක්කන්ට එහෙම යන්න බැරි ඇයි.
[email protected] Wednesday, 27 November 2024 11:04 AM
ඒ අය කිව්වේ කිසිදෙයක් එපා කියලනේ ඒ නිසා පරන වාහනයක්ව්ත් ඕනේ නැත