IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


අලුත් ඕ.අයි.සීට රාජ්‍ය ඇමැති හරස් වේ

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කරනු  ලැබූ මීගමුව කොට්ඨාසයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී.ආර්. අබේනායක මහතාගේ එම පත්වීම  පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ මැදිහත්වීම මත (19) අත්හිටුවා ඇතැයි  ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව ආණමඩුව පොලිස් ස්ථානයට පොලිස් ස්ථානාධිපතිවරයකු පත් කළේ යැයි කියමින් එම රාජ්‍ය අමාත්‍යවරයා ඉහළ බලධාරීන්ට බලපෑම් කර මෙම පත්වීම අවලංගු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබුණු බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම ස්ථාන මාරුව අවලංගු කරවීමට මැදිහත් වූයේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරයාගේ ඇතැම් ක්‍රියාකාරකම් සහ සමහර ප්‍රකාශ සමාජයේ දැඩි ආන්දෝලනයකට ද කතාබහකට ද ලක්වූ බව කියති.

 පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටි කිසිම පොලිස් ස්ථානයකට තමාගේ අනුදැනුමකින් තොරව පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත් කිරීමට ඉඩ නොතබන බවට ද මෙම රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

ආණමඩුව පොලිස් ස්ථානයට පත් කළ මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ එම පත්වීම අවලංගු කිරීම ගැන පුත්තලම් දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව ද එම ආරංචි මාර්ගවලින්  වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ  ලේකම්ගේ අනුමැතිය ඇතිව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ ද ආවරණ අනුමැතියට යටත්ව ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේනායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ආණමඩුව පොලිස් ස්ථානාධිපති ලෙස පත්කර ඇති බව විශේෂ පොලිස් පණිවිඩයක් මගින් පොලිස්පතිවරයා පෙරේදා (18) දැනුම් දී තිබිණි.

මෙම විශේෂ පොලිස් පණිවිඩය ලැබුණු දිනට පසු දින එනම් ඊයේ ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කළ ප්‍රධාන පොලිස්  පරීක්ෂක අබේනායක මහතාගේ එම පත්වීම අවලංගු කළ බව සඳහන් කරමින් පොලිස්පතිවරයාම නැවතත් විශේෂ පොලිස් පණිවිඩයක් නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (13)

අලුත් ඕ.අයි.සීට රාජ්‍ය ඇමැති හරස් වේ

Nadadawa withanage sisira kumara Wednesday, 19 April 2023 10:26 PM

නම නොකිවට අපි දන්නවා කවුද කියලා

:       0       8

හරීන් Wednesday, 19 April 2023 11:09 PM

රටේ පාලනය බල්ලට ගොස් ඇත. ඉතින් කොහොමද රටක් හදන්නේ...? මාලිමාව එනකල් ඔහොම තමයි...

:       2       13

Rajun de Silva Thursday, 20 April 2023 04:50 AM

යකෝ මේ ලංකාවෙ නීතිය තියෙන්නෙ මේ ඇමතියන්ගෙ අතේද? මේක යකාගෙ රටක්නෙ.

:       1       10

C.K.Lankaputhra Thursday, 20 April 2023 05:45 AM

රජයේ සියලු මාරු කිරීම් පත්කිරීම් පාර්ලිමේන්තුව ට ම බාර දීම වඩාත් සුදුසුයි. එවිට ඒ අය ඇන කොටාගෙන ඉතාමත් සාදාරන විදිහට රාජ්‍ය පරිපාලනය සිදුවෙයි, යහපාලනෙත් සිදුවෙයි.

:       1       6

Sameera Thursday, 20 April 2023 06:18 AM

කාලකන්නියා හැමදේටම හරස් වෙනවා

:       0       7

Chaminda Thursday, 20 April 2023 06:27 AM

රට හදන්න සැබෑම උවමනාවක් තිබේනම් පොලිසිය ස්වාධීන වීම අත්‍යාවශ්‍යම වෙනවා උදාහරණයක් හැටියට ගතහොත් පත්වෙන මංත්‍රීතැන ගන්නෙ ආසනයේ ජනතාවගේ කැමැත්ත වැඩිකෙනා නොවෙන්න පුළුවන් මොකද මනාප නිසා වෙනත් ප්‍රදේශවල ඡන්දය ලබන නිසා එතකොට ඔහුට එම ආසනයේ අයිතිය නැහැ එහෙම තියෙද්දී මෙහෙම බලපෑම් කරනවා කියන්නෙ ඔහුට විපක්ෂයේ අයගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නේද එනිසා නොපමාව දේශපාලුවො ඉල්ලීම කරන ආකාරයට පොලිසිය ස්ථාන මාරුකිරීම වහාම අහෝසි කරන්න ඕන පොහොට්ටු කුක්කො උන්ගෙ සියලු කුපාඩිකම් වසාගැනීමට මෙහෙම කරන බව අපි දන්නවා ඊළඟ මැතිවරණය වෙනුවෙන් මනාප දීමට මාලිමාව හා සජබ නායකයො මේගැන දරණ අදහස් මොනවාද කියලා දැනගන්න කැමතියි

:       0       7

ජේයිනුදීන් අමීර්Thursday, 20 April 2023 07:44 PM

අත්‍යාවශ්‍යම වෙනවා

:       0       1

නිමල් Thursday, 20 April 2023 06:38 AM

රාජ්‍ය ආයතන විනාශ කරන්නේ මේ වගේ කාලකන්නි දේශපාලුවන් විසින් ය...

:       1       8

ලුම්බිණි Thursday, 20 April 2023 06:54 AM

පුත්තලමේ මේ වගේ දේවල් වෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ.

:       1       8

Aravinda Monarawila Thursday, 20 April 2023 08:34 AM

මුන්වත් එදා ගහලා පැන්නුවා නම් අද මෙහෙම නටන්නේ නැහැ .අරගලයෙන් වෙච්ච ලොකුම අත් වැරැද්ද තමයි ඒක

:       0       7

Bunny Preena Thursday, 20 April 2023 08:56 AM

රාජ්‍ය සෙවය නිදහස්ව සහ ස්වාදීනව දේශපාලන ඇගිලි ගැසිම්වලින් තොරව පවත්වා ගෙන යාමට කාටවත් උවමනාවක් නැහැ.

:       0       7

කිසල් Thursday, 20 April 2023 09:03 AM

මේ ජනාධිපති ඔය ඇමතිවරුන්ගේ රූකඩයක් කියන්නෙ ඕක තමයි, මේ ජනපතිත් මුන් එක්ක රට හදයි කියල හිතන්න බැහැ.

:       0       10

කුසුමලතා Thursday, 20 April 2023 01:33 PM

1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසනතුරු ස්වාධීන කොමිසන් සභා ක්‍රියාත්මක වුනා ඒ කාලයේ පක්ෂ පාට නොබලා සුදුස්සාට සුදුසු තැන ලැබුනා මුලින්ම මේකට 70-77 කාලයේ සමගි පෙරමුණේ රජය වගකිවයුතුය ප්‍රේමදාස ජනාධිපති සුදුස්සාට තැන දීමට බදවා විභාග අනුව කරන්න නියමකලා ඒත් ඉහළ නිළධාරින් ඔවුන්ගේ හිතවතුන්ට ප්‍රශ්න පත්‍ර හා උත්තර පත්‍ර ලබාදී උන්ගෙ වැඩකර ගත්තා මෙයිනුත් විශාල වාසියක් වුනේ පෙනුමැති කාන්තාවන්ට තමයි මාලිමා රජයක් යටතේ හෝ මෙම කුපාඩි දේශපාලන ක්‍රමය වෙනස්කරන්න අත්‍යාවශ්‍යම වෙනවා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 412 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 564 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


නව විගණකාධිපති කවුද? තීරණය 22
2025 අප්‍රේල් මස 19 498 0

විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මෝටර් රථයක් මතට කළු ගල් වැටිලා
2025 අප්‍රේල් මස 19 1218 0

කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම


පියාගේ ටිපරයට යටවී සිඟිත්තා මරුට
2025 අප්‍රේල් මස 19 502 0

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක


වැල්ලවාය - බෙරගල මාර්ගයේ ධාවනය බාධා
2025 අප්‍රේල් මස 19 310 0

වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 88 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 219 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site