IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අලුත් කුඩක් මොරටුවෙන් අල්ලයි

(ඉන්දිකා රාමනායක, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

ශ්‍රි ලංකාව තුළ මෙතෙන් හමු නොවු මෙරට හා පිටරට ධන කුවේරයන් භාවිතා කරන කොකේන් හා සමාන නව මත්කුඩු විශේෂයක් මොරටුව සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසින් අද (5) සොයාගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.

මෙම මත්කුඩු ශ්‍රි ලංකාව තුළ හමුවු සහ අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවත්, මෙම මත්ද්‍රව්‍ය සමග මෙරට ජාවාරම සිදුකරන කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු හා ඔවුන්ට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

හදුනානොගත් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වලාන දුෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක්  මොරටුවේ සමන්පුර පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ තෙමහල් නිවසක අද පෙරවරුවේ සිදුකළ වැටලීමකින් එම කෝටිපති ව්‍යාපාරිකයාගේ (29) හැවිරිදි පුතා මෙම මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදි අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

එම අවස්ථාවේ සැකකරු සතුව ඉහත මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115 ක ප්‍රමාණයක් තිබී ඇත.

එම සැකකරු  ඉතා සුක්ෂම ලෙස සෙල්ලම්බඩු තුළට අසුරමින් සිටි බවද එම උසස් පොලිස් නිලධාරියා කීය. එම සැකකරුගෙන් හෙළි වු තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන තවත් කෝටිපතිව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවත්, ඔහු අත්තිඩිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්තිඩියේ කෝටිපති ව්‍යාපාරිකයා (30) හැවිරිදි වියේ පසුවන බවත්, ඔහු බෝට්ටු හා බෝට්ටු එංජින් ව්‍යාපාර සිදුකරන බවත් ඔහුට මෙරට හා මාලදිවයිනේ ව්‍යාපාර රැසක් හිමි පුද්ගලයකු බවද පොලිසිට පවසයි.

 



අදහස් (15)

අලුත් කුඩක් මොරටුවෙන් අල්ලයි

Gonbaas Wednesday, 05 July 2023 07:14 PM

ව්‍යාපාරිකයාට වයස 30 යි. පුතාට 29යි. ඉපදිලා අවුරුද්දෙන් ළමයි හදන විදිය අහගන්න බැරි වෙයිද දන්නේ නෑ...

:       40       15

සුපුන්Wednesday, 05 July 2023 07:51 PM

ගොන් බාස් කියන නමේ හැටියටම උත්තර දීලා තියෙනවා. හරියට ප්‍රවෘත්තිය කියවන්න. ඒකෙ තියෙන්නේ මොරටුව කෝටිපති ව්‍යාපාරිකයාගේ පුතාට 29යි. ඔහුගෙන් හෙලිකරගත් තොරතුරු අනුව අත්තිඩියෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාට 30යි කියලා

:       1       6

Anil Wednesday, 05 July 2023 07:55 PM

දෙයක් කියවනකොට සිහිබුද්ධියෙන් කියවනවා,එහෙම නැත්නම් කොමන්ට් නොකර ඉන්නවා,එක් අයෙක් ව්යාපාරිකයාගේ 29 හැවිරිදි පුතෙක් වන අතර අත්තිඩියෙන් අල්ලාගනු ලැබු අනෙත් ව්‍යාපාරිකයා 30 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙක්!

:       0       5

krishanthaWednesday, 05 July 2023 07:56 PM

ආයෙත් නිව්ස් එක කියවලා බලන්න...

:       0       0

උපාලි Wednesday, 05 July 2023 09:02 PM

ගොන්බාස් උබට ගැලපෙනම නම. නැවත ලිපිය කියවපන් හරකො

:       0       4

rKWednesday, 05 July 2023 10:31 PM

හරියට කියවන්න

:       0       4

පැරකුම්Thursday, 06 July 2023 04:49 AM

Gonbaas අං තට්ටුව ප්‍රදර්ෂණය කරන බව පෙනේ…!

:       0       5

එරංගThursday, 06 July 2023 06:42 AM

ඔතන ව්‍යාපාරිකයන් දෙන්නෙක් ඉන්නවා...හරියට කියවන්න බ්‍රදර්

:       0       4

Prase Thursday, 06 July 2023 07:16 AM

තවත් බිස්නස් කාරයෙක් .සිංහල නොදන්න නර්සරි ළමයි

:       0       2

NayanThursday, 06 July 2023 07:17 AM

ඊට කලින් කියවන්න ඉගෙන ගන්න....

:       0       3

janakaThursday, 06 July 2023 11:19 AM

ඉස්සෙල්ල නිවුස් එක කියවපන් හරකො

:       0       1

Wasantha Thursday, 06 July 2023 02:10 AM

කලින් කොමෙන්ටුව දාලා තියෙන්නේ මේක නොකියවපු කෙනෙක්.

:       0       1

Kamal Thursday, 06 July 2023 08:42 AM

එම සැකකරුගෙන් හෙළි වු තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන තවත් කෝටිපතිව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවත්, ඔහු අත්තිඩිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්තිඩියේ කෝටිපති ව්‍යාපාරිකයා (30) හැවිරිදි වියේ පසුවන බවත්, ඔහු බෝට්ටු හා බෝට්ටු එංජින් ව්‍යාපාර සිදුකරන බවත් ඔහුට මෙරට හා මාලදිවයිනේ ව්‍යාපාර රැසක් හිමි පුද්ගලයකු බවද පොලිසිට පවසයි.

:       0       1

Amal Dayaratne Thursday, 06 July 2023 09:38 AM

ගොන්බාස් , මොරටුව සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයාගේ පුතා (29) හැවිරිදි බවත්, අත්තිඩියේ කෝටිපති ව්‍යාපාරිකයා (30) හැවිරිදි වියේ බවත් පැවසීය.

:       0       5

ppIyal weerasinghe Thursday, 06 July 2023 08:19 PM

ගොන්බාස්ගෙ ප්‍රස්නෙ නෙමෙයි ලංකාවේ කෝටිපතියන් තමයි මේ රටට මේ මත්ද්‍රව්‍ය ව්‍යසනයට යොමු කලේ . තෝරු මෝරු පස්සේ ආරක්ෂක අංශ එලවන්නෙ නැහැ හාල්මැස්සන් පසු තමයි ලුහුබැඳ යන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 0 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 210 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 156 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 339 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1386 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 3042 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1921 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site