(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයට ආදාර්ය හරිනි අමරසූරිය මෙනවිය නැවත පත් කිරීමට නියමිතව ඇත.
නව රජයේ කැබිනට් මණ්ඩලය 23 කට සීමාවන අතර ආරක්ෂක සහ මුදල් අමාත්‍ය ධුරය ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පැවරෙනු ඇත.
අධ්‍යාපන අමාත්‍ය ධුරය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ටම පැවරෙනු ඇතැයි පැවසේ
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍්‍ය ධුරය ටකේ ඩී ලාල් කාන්ත මහතා පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශ අමාත්‍ය ලෙස විජිත හේරත් මහතා ද සෞඛ්‍ය අමාත්‍ය ලෙස වෛද්‍්‍ය නලින් ද ජයතිස්ස මහතා ද, ධීවර අමාත්‍ය ලෙස නිහාල් ගලප්පත්ති මහතා ද පත් කෙරෙනු ඇති බව ද රජයේ ආරංචි පවසයි.
සුනිල් හඳුන්නෙත්ති මහතා ආර්ථික කටයුතු අමාත්‍ය ලෙසත් වසන්ත සමරසිංහ මහතා කර්මාන්ත කටයුතු අමාත්‍ය ලෙසත් බිමල් රත්නායක මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙසත් පත් කිරීමට නියමිතව ඇත.
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි කැබිනට් අමාත්‍ය ධුර පත් කෙරෙන බවත් අමාත්‍ය ධුර ලබා දීමේදී අදාළ විෂය දැනුම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන බවත් රජයේ ප්‍රකාශකයෙක් කීය.
ඒ අනුව අවම වශයෙන් දිස්ත්‍රික්කයකට කැබිනට් අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර දෙකක් හෝ ලබාදීමට සැලසුම් කර තිබෙන්නේ යැයි ද රජයේ ආරංචි මාර්ග පවසයි.
අමාත්‍යංශ විෂය පථයන්හි කාර්යභාරය පහසුවීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්ද පත් කරන බව රජයේ ප්‍රකාශකයෙක් කීය.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි
අනිල් Monday, 18 November 2024 06:52 AM
එතකොට නියෝජ්‍ය ඇමැතිල පනහක් පත්කරනවද මොකටද
Perera Monday, 18 November 2024 06:55 AM
විමලයත් ඔයා එක්ක අද උන්නානම් මිනිහා උපවාස පිලිබඳ ඇමති ලෙස පත්වීම ලබනවා ස්ථිරයි
naleen Monday, 18 November 2024 07:42 AM
නිහල් ගලප්පත්ති මහතා මුහුදු ගිය අයෙක්ද?
අරවින්ද මොනරවිල Monday, 18 November 2024 08:49 AM
ඉතිහාසයේ බිහිවූ සාර්ථකම හා නිර්මාණශීලිම කැබිනට් මණ්ඩලය බවට පත් වෙන්න සුභාසිරි පතමි.
randil dunuwille Monday, 18 November 2024 09:07 AM
නියමයි .ජයවේවා ලංකාවට
Lankaputha Monday, 18 November 2024 09:14 AM
රනිල් යටතේ 22 .දැනටම 24 .පොරොන්දුව 20, නියෝජ්‍ය ,රාජ්‍ය නෑ .හැබැයි ආරංචි විදියට නියෝජ්‍ය 50
යෝගා Monday, 18 November 2024 10:17 AM
පරණ ඇට්ටකුණා වෙච්ච වෘත්තීය සමිතිකාරයො ටිකට හොඳම ඇමතිකම් ටික දීලා. ඇයි අර ලඟදි මාලිමාවට එල්ල ගත්ත ආචාර්ය මහාචාර්යලට මොකද උනේ? ඒ උගත්තු මේ පිනාල යටතේද ඉන්න ඕන?