IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අලුත් වාහන ලබන වසරෙත් නෑ

(සුජිත් හේවාජුලිගේ )

වාහන අලුතින් ගෙන්වීමට ලබන වසරේත් අවසර ලබා නොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

එසේම ආයතනවල කාර්ය මණ්ඩල සඳහා සේවකයන් අලුතින් බඳවා ගැනීමටද ලබන වසරේදී අවසර ලබා නොදෙන බව හෙතෙම සඳහන් කළේය.

මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසුවේ බත්තරමුල්ලේදී අද (9) පැවති කිරි ගොවි සම්මේලනය අමතමිනි.

සමහර රජයේ ආයතනවල අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සේවකයන් සිටින බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කොතරම් සේවකයන් සිටිනවාදැයි කියනවා නම් සමහරුන්ට ඒවායේ ඉඳගැනීමට පුටු පවා නොමැති බව ප්‍රකාශ කළේය.

ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ධීවර ක්ෂේත්‍රයෙන් මෙන්ම පශු සම්පත්වලින් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් විදේශයෙන් කිරිපිටි ආනයනය කිරීම නවත්වා ගැනීමට හැකිනම් එය ආර්ථිකයට ලොකු උදව්වක් බවත් මුදල් අමාත්‍යවරයා කීවේය.

ලබන වසරේ මුල් මාස කිහිපයේදීත් විදේශ මුදල්වල අමාරුකම් ඇතිවිය හැකි වුවත් සාගතය කියන වචනයවත් කියන්නේ නැතුව රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට උපරිමයෙන් කටයුතු කරන බවද සඳහන් කළේය.

එසේම අමාත්‍යාංශවලට වසරේ අතරමැද කාලයේදී මුදල් ලබා ගැනීම සඳහා වැය ශීර්ෂ ඉදිරිපත් කිරීමට හැකියාවක් නැති බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

විදේශ විනිමය ප්‍රශ්නයට රට බැරෑරුම් ලෙස මුහුණදී සිටින බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්ධන ගෙන්වීමට සහ ණය වාරික හා පොලිය ගෙවීමට ඩොලර් විශාල ප්‍රමාණයක් වැය කිරීමට සිදුවී ඇති බවද කීවේය.

සංචාරක ව්‍යාපාරයෙන් පසුගිය වසර දෙකේදී ලැබුන මුදල අහිමි වූ බවත් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු මුදලද මේ වසරේදී අඩු වුන බවත් හෙතෙම සඳහන් කළේය.

කුමන ආර්ථික ප්‍රශ්න තිබුණත් රටේ ආහාර සුරක්ෂිතතාව රැකගැනීම ඉතා වැදගත් බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා ආහාර සුරක්ෂිතතාව නැති වුවහොත් රටේ ස්ථාවරත්වය විනාශවීමෙන් ලොකු ප්‍රශ්නයක් මතුවනු ඇති බවද ප්‍රකාශ කළේය

 



අදහස් (48)

අලුත් වාහන ලබන වසරෙත් නෑ

සිරිබිරිස් Thursday, 09 December 2021 07:04 PM

1977 ට පෙර යුගය මතක් වුනා

:       0       0

Lal Thursday, 09 December 2021 07:16 PM

එතකොට රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්න ඇමැති සංඛ්‍යාව අඩු කරන් නැද්ද? එතකොට රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු... ඔය තනතුරු වලින් රටට ඇති ප්‍රයෝජනය මොකද්ද...?

:       82       107

සලීම්Friday, 10 December 2021 11:28 AM

සහතික ඇත්ත ලාල්. ජපානේ ඇමැතින් ඉන්නේ 16යි. මැලේසියාවේ ඉන්නේ 26යි. තායිලන්තේ ඉන්නේ 20යි. ඉන්දියාවේ ඉන්නේ 41යි. අපේ මේ පුංචි රටේ ඇමතියෝ 47ක්.. අපේ පළාත් සභා වල ඉන්නවා 455ක්. ඒක තනිකර සුදු අලියෙක්.මේවා මහජන මුදල් නිකම් කාබාසිනියා කරනවා. මේවා දැන්වත් පාලකයෝ තේරුම් අරන් විසුරුවා දමල ඒ මුදල් වලින් රටට‍ සෙතක් කරන්න.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 09 December 2021 07:21 PM

හොඳ තත්වයේ පවතින වාහන ලෝකයේ දියුණු රටවල තලාපොඩි කොට විනාශකොට දමන අයුරු යූටියුබ් එකේ තියෙන වීඩියෝ වලින් බලාගන්න පුළුවන්.... දුකේ බැහැ. අපේ රටේ විශාල ගණනක් වෙන මේ වාහන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ක්‍රියාත්මක වී, අපේ රටේ මිනිසුන්ට ලබාදෙන ක්‍රමයක් ඇතිකරනවා නම්, කොතරම් අගනේද?

:       42       35

HiranFriday, 10 December 2021 06:44 AM

දැන් ලංකාවට ඕනේ කවුරුවත් පාවිච්චි කරලා තලන මට්ටමට කුණු වෙච්ච ජරාව ගේන එක නවත්තලා, ලංකාවේම සමාගමකින් වාහන හදන්න පටන් ගන්න එක. ඇයි දෙයියනේ ලංකාවේ මෝටර් සයිකලයක්, ත්‍රීවිල් එකක්වත් හදාගන්න බැරිතරම් ගොබ්බයින්ද ඉන්නේ? රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලිවලින් මිනිස්සුන්ට උගන්නලා ඔවුන්ව වෙන රටවල් වල සේවයට යවන්නේ නැතුව අපේ රටේ හදන්න පාවිච්චි කරන්න ඕනෑ නේද? ඔවුන්ට හරි හමන් පඩියක් ගෙවනවා නම් ඔවුන් රට යන්න දඟලන්නේත් නෑනේ...

:       0       1

BamunuarachchiFriday, 10 December 2021 11:46 AM

ඩොලර් පොටෝකොපි ගහලා දුන්නාම බාර ගන්නවා නම් ඔන්න ඕනෑතරම් වාහන ගෙන්වන්න පුළුවන්. වාහන ගෙන්වන්නේ නැත්තේ ඇයි කියන එක තවම තේරුම් අරගෙන නැති ඔබලාට මොන වාහනද හලෝ...?

:       0       0

susanthaFriday, 10 December 2021 12:22 PM

කිසිම රටක් එහෙම නිකන් වාහන දෙන්නේ නැ. එහෙම පරාර්ථකාමී වැඩ කරන රටවල් කොහෙද ලෝකේ තියෙන්නේ?

:       0       1

Bamunuarachchi Thursday, 09 December 2021 07:27 PM

බොහොම හොඳ තීරණයක්... මන්ත්‍රීයන්ට බදුරහිත වාහනත් නවතා දමන්න. රජයට ගෙන්වන වාහනවලටත් වටිනාකමේ සීමාවක් පනවන්න. ඉස්කෝලේ යන කාලේ කබල් බයිසිකලයක්වත් නොතිබ්බ ගොයියන් රජයේ සේවයට බැඳුණාට පස්සේ යන්න හොයන්නේ බී.එම්.ඩබ්ලියු...

:       33       63

AkilaThursday, 09 December 2021 10:23 PM

ඔබතුමා ජීවත් වෙන්නේ ගුහාවකද? වාහනයක් කියන්නේ අද කාලේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා වලින් එකක්..., අනිත් රටවලවල නම් එහෙමයි. මේ සාටකලන්තේ කොහොමද දන්නේ නැහැ හැබැයි...

:       0       0

BamunuarachchiMonday, 13 December 2021 10:57 AM

හලෝ මට වාහන 3 ක් තිබෙනවා.. ඒ වුණාට කොළඹ කොටුවට, මරදානට යන්නේ බස් එකේ නැතිනම් ත්‍රීවීලර් එකේ... මොකද පාරට වාහනයක් අරන් ගියාම පැට්‍රල් වලට වැඩියෙන් ලේ පිච්චෙන නිසා. මූලික අවශ්‍යතා මිනිසුන්ට තිබෙන සල්ලි අනුව වෙනස් වෙනවා. සල්ලි අඩු කෙනාට බයිසිකලය, මෝටර් සයිකලය, ඉන්දියාවේ මරුටියක් හොඳයි... සල්ලි තිබෙන කෙනාට v8, බීඑම්ඩබ්ලියු, පොෂ් එකක් මුලික අවශ්‍යතාවක් වෙනවා. හැබැයි කාර් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ තමන් උපයන ඩොලර් වලින්. මම සහ මගේ දරුවන් උපයන ඩොලර් කාගේවත් සුව පහසුවට රටේ ඩොලර් හිඟයක් තිබෙන මෙවන් අවස්ථාවක සපුරන්න දෙන්න ලැහැස්ති නැහැ. එහෙම වුණොත් ඒ සල්ලි අපි මෙරටට එවන්නේ නැහැ... ගමේ මිනිසුන්ට මූලික අවශ්‍යතා කාර් නොවෙයි.

:       0       0

Rohan Thursday, 09 December 2021 07:38 PM

එහෙම කරන්න එපා... ජනතාවගේ මුදලින් හරි පොඩ්ඩක් එහා මෙහා කරලා වාහන ටික ගමු.. ජනතාව සඳහානේ මේ ඔක්කොම කරන්නේ...

:       0       0

jagath Thursday, 09 December 2021 08:22 PM

තුනෙන් දෙකේ 69 ලක්ෂයට සැපද දැන්?

:       0       6

BamunuarachchiSaturday, 11 December 2021 01:32 PM

ඇයි මොකක්ද ප්‍රශ්නේ? ගොබ්බකම පෙන්වන්න එපා හලෝ? අපි පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ හැම ගෙදරකටම කාර් එකක් ගන්න නොවෙයි. සිංහල අපේම කියලා රජයක් පිහිටුවා ගන්න. නැතුව හම්බයින්ට, දෙමළුන්ට කේවල් කරන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න නොවෙයි. යහපාලකයින්ට හම්බයින් හිරේ දාන්න තියා හෙල්මට් දාපන් කියන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. ඔහෙලගේ කාලේ හම්බ ත්‍රස්තයින් බේරාගෙන ගියේ පොලිසියට කොකා පෙන්නලා.

:       6       0

Roshan Saturday, 11 December 2021 04:22 PM

දැන් ඔක්කොම හරිද? දැන් සැපද? මේක ආණ්ඩුවක්ද? නැතිනම් පාණ්ඩුවක්ද?

:       0       2

BamunuarachchiMonday, 13 December 2021 08:54 PM

රජයේ පසසුකම් වලින් යැපෙන්නේ නැති නිසා අපිට කවදත් සැපයි. ළමයි මුදල් ගෙවලා ඉගෙන ගන්නේ. බෙහෙත්ටික ගන්නේ පෞද්ගලික ඉස්පිරිතාලෙන්, ළමයි රජයෙන් රැකියාවන් ගත්තෙ නැහැ ඔවුන් රටට යුරෝ උපයනවා. මම ඩොලර් ඉපයුවා. ඒවායින් ඔයාලාගේ අවශ්‍යතා ආණ්ඩුව සපුරනවා. ඒ නිසා ඔයාලා අපිට ණයයි. ඔන්න නියම කතාව. ඒ නිසා අපි රටට ඉපයූ ඩොලර්වලින් හාල්පාරුවන්ට වාහන ගෙවන්න එපා.

:       0       0

උදය Thursday, 09 December 2021 08:45 PM

සීමාවාසික වෛද්‍යවරුන් සඳහා ස්ථිර පත්වීම් ලැබෙන එකකුත් නැද්ද?

:       0       0

ජගත් Thursday, 09 December 2021 09:10 PM

කිරි බොන්න හොඳ නැහැ නේද මුදල් ඇමැතිතුමා...? ලෙඩ හැදෙනවලු නේද? මෙදාපාර ඉන්දියාවේ ගිහිල්ලා හොයාගෙන තියෙන්නේ...

:       0       1

විපරමා Thursday, 09 December 2021 09:11 PM

එහෙම බැලුවොත් මහජන මුදල් නිකරුණේ කාබාසීනියා කරන දේශපාලුවන් කොච්චර ඉන්නවාද..? දේශපාලුවන්ගේ නෑයින්, හිතවතුන්, නිකම් ඉඳන් හැම වරප්‍රසාදයක්ම භුක්ති විඳින්නේ...

:       0       1

Rohana Thursday, 09 December 2021 10:32 PM

ජනතාවගෙන් බලය ඉල්ලනකොට ඕවා කිව්වේ නෑ. අපට බලය දෙන්න. කරන හැටි අපි කරලා පෙන්නන්නම් කියලා එදා කිව්වේ...

:       0       0

Akila Thursday, 09 December 2021 10:33 PM

2021 වෙලත් රෑ 9 ය වෙනකොට ප්‍රධාන පාරවල් වලවත් බස් දුවන්නේ නැති රටේ, මම කල්පනා කළේ... වාහනයක් නැති ගෙවල් වල මිනිස්සු කොහොමද එදිනෙදා වැඩකටයුතු කරගන්නේ කියලා..?, මේ වගේ එක තැන පල්වෙන රටක් වෙන ලෝකේ කොහෙවත් තියනවාද?

:       0       0

ab Friday, 10 December 2021 06:31 AM

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන්නා වූ ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින් අලුතින් බඳවා ගැනීම නවතා දැමීම පමණක් නොව අවශ්‍ය ප්‍රමාණයට වඩා සිටින සේවකයින් සියල්ල ඉවත් කිරීම සහ රජයේ සේවකයින්ගේ වැටුප් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට රජයට සිදුවනු ඇත. සේවකයා ලබන වැටුපෙන් 15% සිට 50% දක්වා ( 30.000 - 100000 up ) ප්‍රමාණයක් අඩුකළ යුතුවේ. අනාගතයේදී රාජ්‍ය සේවය පුද්ගලික අංශයේ සේවාවක් මෙන් කාර්යක්ෂමව කටයුතු කිරීමට සැලසුම් සකස්කළ යුතුව ඇත. ලංකාවේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන ආකාරයට දේශපාලකයින් විසින් සහ දේශපාලන බලපෑම් මත රජයේ සේවයට සේවකයන් බඳවා ගෙන ඇත. ලෝකයේ දියුණු රටවල තිබෙන්නා වූ ක්‍රමවේද ලංකාවට හඳුන්වාදිය යුතුවේ...

:       0       0

Wihaga Friday, 10 December 2021 06:46 AM

වාහන ගෙන්නනෙ නැති එක ගැන කිසි ප්‍රශ්ණයක් නෑ. ඒත් ලංකාවෙ දැන්වත් වාහන හදන්න පටන් ගන්න ඕන. වාහන හදන්න පටන් ගන්න නම් ඉස්සෙල්ලම ඒකට උපකාරී කර්මාන්ත පටන් අරන් ඉන්න ඕන.

:       0       1

Sunil Friday, 10 December 2021 07:11 AM

අලුත් වාහන කෙසේ වෙතත් කුඩා දරුවන්ගේ කිරිපිටිත් නවත්වනන හදන්නේ අනේ මෙහෙමත් රජයක්

:       0       0

wicky Friday, 10 December 2021 07:31 AM

පොදු ප්‍රවාහනයක් තියෙනවා නම් ඔච්චර වාහන ඕනෙ වෙන්නේ නැහැ. ඒ වගේම මේ වගේ පොඩි රටකට 225ක් ඕනෙත් නැහැ. අන්න එතැනින්ම අඩු කරන්න පටන් ගත්තා නම් නියමෙටම නියමයි..

:       0       0

තුෂාර Friday, 10 December 2021 08:26 AM

සංචාරක කර්මාන්තයෙන්ම යැපෙන මාලදිවයින, තායිලන්තය වගේ රටවලට මේ ප්‍රශ්න නැති එකනේ පුදුමේ. සමහරවිට ඒ රටවල් 5000 කොළ ගගහා බෙදන්න නෑ...

:       0       0

sharm warn Friday, 10 December 2021 08:45 AM

ආ... මේ මොකෝ මේ..? මොල 7ක් තියාගෙන ආවේ රට සුඛිත මුදිත කරන්න නේද? ඇයි දැන් මේ නැතිවාදම් කියන්නේ..? රජයේ ඉන්න පොල්ලෙලි ඇමැතින්ගේ ගණන අඩුකරන්න මතක් වෙන්නේ නැද්ද? විශ්‍රාම වැටුපයි, මන්ත්‍රී වැටුපයි ගන්න ලොකු අයියාගෙන් පඩියක් අඩුකළා නම්... වගේ දේවල් මොල 7න් එකකටවත් ආවේ නැද්ද? පව් ඉතින්... පීඩනය වැඩිවෙද්දී ආයෙමත් ඇමෙරිකාවට ගිහින් පෙට්‍රල් ගහන්න ඕනෑ කියලා හිතෙන්නත් පුළුවන්..

:       0       1

dhamneth Friday, 10 December 2021 10:56 AM

මැතිවරණ කාලයේදී බොරු පොරොන්දු දෙන්න නම් අපේ නායකයින්ට වඩා දක්ෂ නායකයෝ ලෝකයේ කිසිම රටක නැහැ. නමුත් බලයට ආවට පසු හැම එකටම නැහැ බැහැ කියනවා.

:       0       1

Sarath Silva Friday, 10 December 2021 11:40 AM

මොක කටින්ද ඔය කතා කියන්නේ... පුටු නැහැ ඉඳගන්න. හැම ඡන්දයකින් පස්සේ බුරුතු පිටින් හෙන්චයියන්ට ආණ්ඩුවේ රැකියා දුන්නේ කවුද? ඔයාලා නේද?

:       0       0

Shan Friday, 10 December 2021 01:07 PM

අර මොළ හතෙන් කියන්න තියෙන්නේ මේ ටිකද? මේවා අපි දැනගත්තේ මීට මාස ගණනකට කලින්.

:       0       0

Liya Friday, 10 December 2021 01:33 PM

මොවුන් ටික එකතුවෙලා ඩොලර් ටික ගිල්ලා... රට බැංකුවලට දැම්මා..

:       0       0

ganegoda Friday, 10 December 2021 02:13 PM

මෙයාට නේද බයියෝ රැලක් මොළ හතක් තියෙනවා කියල කිව්වේ?

:       0       1

gampila Friday, 10 December 2021 02:25 PM

ගෙදර ඉන්න බල්ලාට, පූසාට යනකම් තාන්න මාන්න තනතුරු බෙදාහදාගෙන... දැන් එනවද නරිවාදන් කියවන්න..? 

:       0       0

Nuwan Friday, 10 December 2021 02:45 PM

බංග්ලාදේශයේත් ඔයවගේ වාහන ගෙන්වන එක නවත්තලාද? මොකද බංග්ලාදේශය කියන්නේ දුප්පත් රටක්නේ..

:       0       0

BamunuarachchiMonday, 13 December 2021 11:28 AM

මරු පොයින්ට් එක. ඒ කාලේ බංගලිදේශය දුප්පත් රටක්... ඒ රට ශාපෙක්ෂව පොහොසත් රටක් කලේ ජෙප්පන්. මේ රටේ සිටි රෙදිකර්මාන්තයේ ප්‍රවීන කර්මාන්තකරුවන්, ආයෝජකයින්, ව්‍යාපාරිකයින් මේ රටින් 1989 කාලේ පන්නා දැමුවේ ජෙප්පන්. ඒ කර්මාන්තකරුවන්, ආයෝජකයින්, ව්‍යාපාරිකයින් කර්මාන්ත අකුලාගෙන බංගලිදේශයට ගියා. ඒ විතරක් නොවෙයි, අපේ දක්ෂ කාර්මිකයින් පවා මසකට ඩොලර් 3500 වැටුපට ගෙන ගියා. මේ කොරෝනා කාලේ කිසිම රෙදි අපනයන කර්මාන්ත ශාලාවක් දිනකටවත් වැසුවේ නැති බව දන්නවා. අන්න එහෙමයි ඔවුන් රටට ඩොලර් සෙව්වේ. එකට අපේ රට? වැඩක් පටන් ගත්තොත් කාලකන්නි ජෙප්පන් නාහින් අඬනවා. ජෙප්පන් ඉන්නකන් මේ රටට හරියන්නේ නැහැ. කාර් නොවෙයි කන්නවත් ලැබෙන්නේ නැහැ.

:       0       1

Galaboda Friday, 10 December 2021 02:46 PM

ප්‍රශ්නයක් නැහැ. පවුලේ අයට අලුත් වාහන තියෙනවනේ...

:       0       0

BamunuarachchiMonday, 13 December 2021 09:01 PM

කොළඹ පාරේ යන ඔක්කොම කාර් ඒ පවූලේ ඒවා නොවෙයි. ඊර්ශාවෙන් ලෝකේ දිහා බලන්න එපා.

:       0       0

imesha Friday, 10 December 2021 03:38 PM

මොන ආහාර සුරක්ෂිතතාවයක්ද? දැනටමත් හාල්, එළවළු ගිනිගණන්. පෝර නැති නිසා අස්වැන්න නෑ. මෝඩ තීරණ අරන් රට ඇතුළේ වවන් කන ටිකත් නැතිකරන්නේ මෙයාලා තමයි.

:       0       0

Seinth Friday, 10 December 2021 03:58 PM

මාසෙකට කෝටිගණන් වියදම් කරලා නඩත්තු කරන 225 අඩු කරන්න. 50% අඩුකරා කියලා රටට වාසියක් මිසක් හානියක් නෑ.

:       0       0

de silva Friday, 10 December 2021 04:20 PM

අපේ පරණ වාහන අලුත්වැඩියා කරගෙන දුවන්න අමතර කොටස් සඳහා යම්කිසි බදු සහනයක් ලබාදෙන්න..

:       0       0

BamunuarachchiMonday, 13 December 2021 09:02 PM

අන්න ඒක හොඳ අදහසක්

:       0       0

W.H..R..Fernando Friday, 10 December 2021 05:03 PM

මොනවා කළත් මේ හරක් රොත්ත ඔක්කොම ෆේල්...!

:       0       1

BamunuarachchiMonday, 13 December 2021 11:16 AM

ඔහේ මොනවද කියන්නේ වාහන ගෙන්වනවාට විරුද්ධ නැතිනම් ගෙන්වීම නැවැත්තුවාට විරුද්ධ ද? අඬන්නේ නැතුව කියන්න.

:       0       0

W..H..R..Fernando Friday, 10 December 2021 05:17 PM

මේ ඔක්කොම අතීසාරයට අමුඩෙ ගහන කාලකන්නි... අසරණ මිනිස්සු විඳින දුක නොතේරෙන කාලකන්නි දෙවියන්ගෙන් හෝ දඬුවම් ලැබෙයි...

:       0       1

BamunuarachchiMonday, 13 December 2021 11:13 AM

ඉතින් එකනේ හලෝ වාහන ගෙන්වන එක නැවැත්තුවේ ඔහේ කාටද මේ දෙස්තියන්නේ. පුරුද්දට අන්දොනා තියනවා නේද?

:       0       0

W.H.R.Fernando Friday, 10 December 2021 05:36 PM

පයින්ගිය, පාර්ලිමේන්තුවේ හොරනඩයට දෙන්න ඕනෙ කාර් නෙමේ පුන්නක්කු... මොනවා වුණත් දෙවියන් වහන්සේ ඔවුන්ට නියම දඬුවම හරියටම දේවි..!!!

:       0       1

BamunuarachchiMonday, 13 December 2021 10:59 AM

පයින්ගිය අයට වාහන දුන්නේ අර ජේ.ආර්....!

:       0       0

Nuwa Friday, 10 December 2021 06:55 PM

කිරිපිටි ආනයනය නවත්වමු. ඇමරිකාවෙන් ගෙන්වපු කෙනෙක් ඉන්නවා. එළදෙන්නු ටිකක් තමා ඕන කරන්නේ... අපිට ඇල්ටෝ එකක්වත් එපා.. ඔයාල V8 වාහන ටිකක් ගෙන්වා ගන්නකෝ.. අපිට හෙනම ගහන්න ඕන..

:       0       0

BamunuarachchiMonday, 13 December 2021 11:01 AM

පයින්ගිය අයට වාහන දුන්නේ අර ජේ.ආර්... ඔබ 1977 එයාට ඡන්දේ දුන්නා නම් හෙනම ගහන්න ඕනේ තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 166 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 391 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 516 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 131 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 5 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 388 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2104 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site