IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අලුත් සහලින් බෝ සමිඳු පුදති

(අංජුල මහික වීරරත්න සහ දයාරත්න ඇඹෝගම)

මාස් කන්නයේ නෙලා ගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණි.

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමිගේ අනුශාසනා පරිදි, 

"අහරින් ස්වයංපෝෂිත දැයක් තනන්නට එක මිටට ගොවි බිමට " තේමාව යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව 58 වන වරට මෙවර ජාතික අලුත් සහල් මංගල්‍යය සංවිධානය කර තිබිණි. 

රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර “කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවායි” ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් සාම්ප්‍රදායික චාරිත්‍ර අනුව මෙහිදී සිදු කෙරිණි. ජාතික අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතා පළමුව ඓතිහාසික  ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

අනුරාධපුර සිංහ කණුව අසල සිට පැමිණි අලුත් සහල් රැගත් පෙරහර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මලුවට ගෙවැදීමත් සමඟ චාරිත්‍රානුකූලව අලුත් සහල් මංගල්‍යයේ කටයුතු ආරම්භ කෙරිණි.  

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ විසින් අලුත් සහලින් රන් පාත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඉන් අනතුරුව සියලු පළාත් ආවරණය වන පරිදි රැගෙන ආ සහල්වලින් රන් පාත්‍රය පිරවීම සිදු කෙරිණි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද රන් පාත්‍රය සහලින් පිරවීමේ අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක්විය.

සාම්ප‍්‍රදායිකව ජයශ‍්‍රී  මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන මී පැණි පූජාව සඳහා පිරිසිදු මී පැණි බඳුන ආදිවාසී උපනායක ගුණබන්ඩියලා ඇත්තන් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

 ශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන ගිතෙල් පූජාව සඳහා සබරගමුව ඓතිහාසික සමන් දේවාලයෙන් රැගෙන ආ ගිතෙල් බඳුන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.

“58 වන ජාතික අලුත් සහල් මංගල්‍යය” සමරු කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර  මෙරට කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් දායකත්වය සැපයූ ගොවි නායකයින් වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය.

වස විසෙන් තොර අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙන් පළාත් මට්ටමින්‌ ගොවි ජනතාව වෙත  බිත්තර වී බෙදා දීමටද මෙහිදී ජනාධිපතිවරයා එක් විය. 

 

 

 



අදහස් (0)

අලුත් සහලින් බෝ සමිඳු පුදති

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 208 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 162 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 324 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 137 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 322 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site