(අංජුල මහික වීරරත්න)
මට මතකයි, අස්වැන්න නෙලලා ගෙදරට වී ගෙනාවට පස්සේ අපේ ගෙවල් වල වී ටික කඳු ගහන්න ලොකු ඉඩක් නෑ.අපි ගෙදර වී ගෝනි තියලා ඒ වී ගෝනි උඩ නිදාගෙන තිබෙනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික අලුත් සහල් මංගල්‍යයේදී පැවසීය.
ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි. ගොවීන් විසින් නෙලා ගත් වී අස්වැන්නේ අග්‍ර භාගය මෙහිදී ශ්‍රී මහා බෝධිය අසල රන් ආලේපිත පාත්‍රයට පුරවා ආශිර්වාද ගැනීම මෙහිදී සිදු කෙරිණි.
ජනාධිපතිවරයා මෙසේද කීය.
අපි කවුරුත් කෘෂිකර්මාන්තයේ යෙදුණු අය.අපි ගොවි අම්මා අප්පලාගේ දරුවෝ.ජනතාව විඳින අනේකවිධ දුක්ඛ දෝමනස්ස ගැන අවබෝධයක් තියෙන මිනිස්සු.මේ රටේ ගොවීන්ට කෘෂිකර්මයට අනාගතයක් ගැන විශ්වාසය තැබිය හැකි සංවර්ධනයක් බලාපොරොත්තු විය හැක්කේ අපෙන් පමණයි.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අලුත් සහල් මංගල්‍යයේදී ජනපති අතීතය සිහි කරයි
යෝගා Friday, 04 April 2025 12:36 PM
මෙතෙක් රජරට වියළි කලාපයෙන් ජනාධිපති වුණේ සිරිසේනයි අනුරයි. දෙන්නම ගොවියන්ව නන්නත්තාර කරලා හාල් මෝල්කාරයන්ට ප්‍රකෝටි ගණන් හම්බකරලා දුන්නා. ඡන්ද කාලෙට කයිය ගැහුවට දෙන්නටම මුල අමතකයි.
Pradeep KumaraFriday, 04 April 2025 01:38 PM
ඔය කතාව සිරිසේනට නම් අදාලයි. නමුත් අනුරට තව කාලයක් දෙන්න ඕන හරි නිගමනයකට එන්න. මොකද මාස දෙක තුනකින් ප්‍රාතිහාර්යයක් කරන්න බෑනේ. නමුත් යෝගා වගේ ඇස් වපර අයට ඔහොම පේනවා.
චතුරිFriday, 04 April 2025 06:50 PM
යෝගා. ඔය නමේ හැටියට. කිසිම යෝගයක් නැහැ. බඩ පුරවන්න එපා ඕනෑවට වැඩිය මොලයට රුධිරය ගමන් කරන්න අපහසුයි. සිරිසේනගේ කාලේ ඉවරයි... එයා පඹයෙක්ටත් වඩා අන්තයි. අනුරට... මුල අමතක වෙන්නේ කොහොමද? එයා රට බාර ගත්තු දිනය අමතකද? මේ පළමුවැනි පියවර. ඔයාට කොන්දක් නැති නිසා තමයි මේ ප්‍ර්ශ්නය හොරා කාපු පගා ගත්තු වැඩ නොකර වැටුප් ගත්තු ඒ අයට. මේ ආන්ඩුව දිරවන්නේ නැහැ. දැන් ඒ අය හෙවනැල්ලටත් බයයි. කොයිවෙලේ. අත්අඩංගුවට පත් වෙයිදෝ කියලා... යෝගා පාසල් ගියේ නාමල් බේබි ගිය එකටද? දෙන්නම ජාඩියට මුඩිය වගේ...
ana Friday, 04 April 2025 12:47 PM
සාමාන්‍ය මිනිහෙක් ජනාධිපති වෙන එක බොහෝ අයට දිරවන්නේ නැහැ. බොහෝ විට ඒ් අය විනාශ කරන්නේ ඒ් පංතියේම අය විසිනුයි. ඉතිහාසයේ බොහෝ විට සිදු වුණේ ඒහෙමයි.
prasanna Friday, 04 April 2025 01:08 PM
මේවා නිකන් සුරංගනා කතා, ජනතාව රවට්ටන්න බේගල් කියනවා. ඔයාලා බලයට ඇවිල්ලා තියෙන්නේ ඩයස්පෝරාවේ මනදොළ පුරවන්න. ඒක ජනතාව අවබෝධ කරගෙන ඉන්නේ.
ගුණරත්න Friday, 04 April 2025 01:14 PM
හොඳයි මේ අවුරුද්දේ අස්වැන්න රජයේ ගබඩා වලට දුන්නද?
මැක්ස් Friday, 04 April 2025 03:18 PM
අපටත් මතකයි 88/89 කාලේ අස්වැන්න ගෙට අරගන්න කොටම තුවක්කු කාරයෝ ඇවිල්ල ඒවා උස්ස ගෙන යනවා. අලුත් හාලෙන් බත් මුට්ටියක් උයල දරුවොත් එක්ක කන්න නෑ, ගල් කටස් හමුදාව ඇවිල්ල එක උස්සගෙන යනවා. කෘෂි කර්මයට සම්බන්ධ වගා නිලධාරියාව, ග්‍රාම නිලධාරියාව පරලොව ඇරියා. විශ්ව විද්‍යාලයට එන ගොවීන්ගේ දරුවෝ සමාජවාදයක් ගැන බොරු දේශනා කරලා, උන්ගේ ඔලු වයිරයෙන්, ක්‍රෝධයෙන් පුරෝලා, උන්ව සමාජ අසහන කාරයන් බවට පත් කළා. ලිස්ට් එක දිගයි අතිගරු ජනාධිපති තුමා!
Gavin Saturday, 05 April 2025 06:04 AM
අතීතය හරියට සිහිකළොත් ලොකු අමාරුවක වැටෙන්නේ...
Kamal Sunday, 06 April 2025 12:02 AM
චතුරිත් භද්‍රානි වගේ මේ පැත්තේ රවුමක් දාලා... ගොම රිත්තක් අත ඇරලා යනවා.