(ගයාන් සූරියආරච්චි)
වාහනයක් අසාදු ලේඛනයෙන් ඉවත් කර වාර්තාවක් ලබාදීම සදහා රුපියල් 80,000 ක අල්ලසක් ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රවාහන අංශයේ රාජ්‍ය කළමනාකරණ සහකාරවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ගලිගමුව, බෝයගම ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්ඩංගුවට ගෙන තිබේ.
අල්ලස් ලෙස ඉල්ලූ මුදල් ලබාදීම සදහා පැමිණිලිකරු සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට ගිය අවස්ථාවේදී එම මුදල් ලබාගැනීමට එම අමාත්‍යංශය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයට සැකකරු පැමිණ එම මුදල් ලබාගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප
අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක
පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු
අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අල්ලස්ගත් බව කියන කළමනාකාර සහකාර අත්අඩංගුවට
අනුරුද්ධ වික්‍රමපාල Friday, 05 April 2024 08:06 AM
වාහනයක් අසාදු ලේඛන ගතකරනවා කියන්නෙ එහි ලියාපදිංචිය අවලංගු කිරීමද කියලා අහන්න වෙනවා එහෙම නැත්නම් අසාදු ලේඛන ගතකරනවා කියන්නෙ මොකක්ද කෙසේ වෙතත් වාහනය අමාත්‍යාංශයේ වෙන්දේසියේ විකුණුවා නම් එය ලියාපදිංචි කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම අදාල අමාත්‍යාංශයේ නිළධාරි විසින් කරන්න ඕන එහෙම නොකලානම් ඒකත් වරදක් වෙනවා කොහොම වුනත් මගේ අත්දැකීම් අනුව නම් රජයේ ආයතන වල වාහන භාරව සිටින නිළධාරින් බොහොමයක් තමන්ගෙ කියලා වාහනයක් අදාල විෂයයේ රාජකාරි භාරගෙන අවුරුද්දක් දෙකක් ඇතුලත හිමිකර ගන්නවා කියලා කියන්න පුළුවන්