(නිමන්ති රණසිංහ)
සුළු බෝග සහ පොල් වගා කිරීම සඳහා අවශ්‍ය වාර්තා ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරිකයෙකුගෙන් ඉල්ලා ලබා ගනිමින් සිටී බෙන්තොට ගොවිජන ප්‍රාදේශීය සංවර්ධන නිලධාරීයෙක් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම විසින් අද (25) බෙන්තොට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
පැමිණිලිකාර ව්‍යාපාරිකයා විසින් සැකකාර ගොවිජන ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියාට අල්ලස් වශයෙන් රුපියල් 15000 මුදලක් මුලින් ලබා දෙනු ලැබ ඇති අතර , තවත් රුපියල් විසිපන්දහසක මුදලක් අද (25) ලබා දීමේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇතැයි අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ (විමර්ශන) ජේෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක විතානගේ මහතා පැවසීය.
සැකකරු 58 හැවිරිදි කළුවැල්ල ගාල්ල ප්‍රදේශයේ පදිංචි අයකු බවද ඔහු පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් බවද හෙතෙම සඳහන් කළේය.
සුළු බෝග සහ පොල් වගා කිරීම සඳහා අවශ්‍ය වාර්තා ලබාදීමට සැකකරු විසින් පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවත් එය අවස්ථා තුනක දී ලබා ගැනීමට පොරොන්දු වී ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වෙතැයි අල්ලස් කොමිසම පවසයි.
ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ බෙන්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී සැකකරු අදාළ අල්ලස් මුදල අද (25 ) ලබාගනිද්දී මෙලෙස අත්අඩංගුවට මතු බව ද අල්ලස් කොමිසම සඳහන් කරයි.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්රනතයෙන් වාර්තා වී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අල්ලස් ගත් කෘෂි නිලධාරියා අල්ලස් දැලේ
Perera Monday, 25 October 2021 11:27 PM
ලොක්කන්ට අල්ලස් ගත්ත හැක. ඒ ලොක්කන්ව බලයට පත් කරන්නන්ට අල්ලස් ගත්ත නොහැක.
දාස Tuesday, 26 October 2021 10:23 AM
දුක නැව් ගිලපු එවුන් දියවන්නාවට පැනලා, සැප ගන්න එකයි. ඒක තමයි අපෙත් රටෙත් කරුමෙ.