(ප්‍රියාණි මංගලිකා)
පස් ව්‍යාපාරිකයෙකු ගෙන් අල්ලසක් ගනිද්දී කොළඹ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා මේ මස 15 දින දක්වා රිමාන්ඩ් කරන ලෙස නිකවැරටිය මහෙස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය අද (3) නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ කොටවෙහෙර ,මීවැල්ලෑව , කීනව ප්‍රදේශයේ පදිංචි එච්.එම්.ටී.හේරත් නැමති යුද හමුදා විශ්‍රාමික සැකකාර සභා මන්ත්‍රීවරයෙකි.
මෙම සැකකාර මන්ත්‍රීවරයා කොබෙයිගනේ ප්‍රදේශයේ හෝටලයක දී පස් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 425,000 පමණ මුදලක් අල්ලස් ලෙස ගැනීමට යාමේදී සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන සැකකාර මන්ත්‍රීවරයා, ඉකුත් මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට එක්ව ඇති බවද ඒ හේතුව නිසා මන්ත්‍රීවරයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීම සඳහා විනය පරීක්ෂණයක් ද සිදු වෙමින් පවතින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
සැකකාර මන්ත්‍රීවරයා කටුපොත පොලීසිය මගින් නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කෙරිණි .
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අල්ලස් ගත් නිකවැරටිය ප්‍රා.සබේ මන්ත්‍රී රිමාන්ඩ්
Kamal Koyrala Wednesday, 03 March 2021 10:23 AM
මහ කකුළුවෝ කෙළින් යන්න කියලා දෙනවා.
Raveendra Wednesday, 03 March 2021 11:11 AM
නොදකින්... හමුදාවටත් අවමානයක්...!!!
Podihami Nikawaratiya Wednesday, 03 March 2021 01:02 PM
ඇති යාන්තම් පිට කළා... රණවිරුවෙක් නේද?
ගිහාන් Thursday, 04 March 2021 01:26 AM
මතක ඇතුව කොමිසමේ සභාපතිගේ අත්සන් ඇතුව නඩුව ගොනුකරන්න. නැත්නම් නිදොස් කොට නිදහස්...