(රෝෂන් තුෂාර)
කණින ලද වැලි සහ පස් කුඹුරු සහ කලපු ඉඩම් වෙත බැහැර කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් ලක්ෂ 04 අල්ලසක් ඉල්ලා ලක්ෂ 02 මුදලක් ලබා ගත්තේ යැයි කියන අක්කරෙයිපත්තුව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සහ ඔහුගේ රියදුරු ලබන 19දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැටුණු වෙල මහතා අද (11)නියෝග කළේය.
ඉංජිනේරු මහමුදු හනිපා අකීල් අහමත් හා ඔහුගේ රියදුරු ලෙස සේවය කළේ යැයි කියන එම කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක අබ්දුල්ලා නින්දවුස් යන පුද්ගලයින් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
වැලි හා පස් ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයට අයත් කලපු සහ කුඹුරු වලට දැමීම නීති විරෝධී හෙයින් රජයේ අනෙකුත් කාර්යාල නිලධාරීන්ගෙන්ද සහය ලබාගෙන නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට මෙම අල්ලස ඉල්ලා ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අල්ලස් ගත් වාරි ඉන්ජිනේරුවා රිමාන්ඩ්
nimali Thursday, 11 July 2024 08:18 PM
කරල තියෙන දේ අනිවාර්යෙන්ම වැරදි. මගෙ මල්ලිත් රජයේ ඉංන්ජිනෙරුවෙක්. මම ගුරුවරියක්. මගෙ වැටුප රු 75000 කට ආසන්නයි. රජයේ ඉංජිනේරුවෙක් වෙච්ච මල්ලිගෙ වැටුප 85000. එයා ගොඩක් මහන්සි වෙල ඒ තැනට ආවෙ. නමුත් වැටුප දැක්කම ඇත්ත්ටම දුකයි. රස්සාව කරන්න මහන්සි වෙන විදිය. සමහර දාට ගෙදර එන්නෙත් එලිවෙලා. රැ එලිවෙනකන් කොන්ක්‍රීට් දානව. සතපහ්වත් වැඩිපුර ගෙවන්නෙ නෑලු. එයා ලබන මාසෙ වෙනත් රටකට යනව. දැනටමත් වීසා ඇවිත්. රටට වැඩක් ගන්න ඉන්න ඉංන්ජිනේරුවො රජය විසින්ම හොරු කරල ඉන්නෙ. වැටුපෙ හැටියට අල්ලස් නෙවෙයි හිඟා කන්නත් වෙයි.