IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


අල්ලස් ගත් හිටපු කම්කරු නිලධරයකුට සිරදඬුවම්


 
 
(මනෝප‍්‍රිය ගුණසේකර)
 
සේවකයින්ට අතීකාල නොගෙවීම සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ආයතනයකින් රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කොළඹ හිටපු කම්කරු නිලධාරීවරයාට වසර 08 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය රුපියල් 20,000/-ක දඩයක් ද ඔහු යටත් කළාය.

විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකටද ඔහු යටත් කළ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවුවහොත් අමතර වසර 02ක සිරදඬුවමකටද ඔහු යටත් කළාය.

සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර නීතී  අධ්‍යක්‍ෂ නීතීඥ මේනකා මුණසිංහ මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරිය විත්තිකරුට අදාළ දඬුවම් නියම කළාය.

චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬවම් නියම වුයේ කොළඹ කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරීවරයා ලෙස සේවය කළ  උපුල් ප‍්‍රදීප් හේමන්ත නමැත්තාටය.
 



අදහස් (0)

අල්ලස් ගත් හිටපු කම්කරු නිලධරයකුට සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ආසියා රග්බි සම්මේලන ලොක්කා ක්‍රීඩා ඇමති හමුවෙයි
2025 අප්‍රේල් මස 18 34 0

ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමා


ජනපතිගේ ප්‍රකාශය අයුතු බලපෑමක්
2025 අප්‍රේල් මස 18 437 1

පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍


ඔන්ලයින් පනත විසි කරන නව පනත ගැසට්ටුවට
2025 අප්‍රේල් මස 18 202 0

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.


ජනපතිගේ ප්‍රකාශයට කොමිසමෙන් 21 තීරණයක්
2025 අප්‍රේල් මස 18 561 2

ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්


සැමියාගේ පොරෝ පහරින් බිරිය මරුට
2025 අප්‍රේල් මස 18 253 0

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.


අපේක්ෂා රෝහලේ කෝටි 40ක් පුස්කන්න අැරලා
2025 අප්‍රේල් මස 18 277 1

මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 209 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 384 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1133 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site